1911 අවුරුද්ද කියන්නෙ ලෝක
ඉතිහාසයේ බිහිසුණු සිදුවීමක් වාර්තා වුනු අවුරුද්දක්. ඒ තමයි මගීන් 106 දෙනෙක් සමග ගමන් ආරම්භ කල දුම්රියක්, මගීන් 104 දෙනෙක් සමග අතුරුදන් වීම.
“සැනෙටි” කියන දුම්රිය 1911 ඉතාලියේ රෝම නගරයෙන් මගීන් 106 දෙනෙක් රැගෙන දුම්රිය මැදිරි 3 සමගින් ගමන් ආරම්භ කරනව. ගමන පටන් ගන්න
කලින් ඉඳලම එකිනෙකා සතුටු සාමීචියේ යෙදෙන්නට පටන් ගෙන තිබුනා. මේ සියලු දෙනා ඉතාලි
ධනපති පන්තියට අයත් වූවන්. නමුත් ගමන පටන් අරන් ටික දුරක් යනකොට, එහි ඉන්න මගීන්
දෙදෙනෙකුට යම් කිසි අමුත්තක් දැනෙන්න ගන්නවා.
පළමු මගියා: මට හරි
අමුත්තක් දැනෙනව. තේරෙන්නෙ නැහැ කියා ගන්න...
දෙවන මගියා: ඔවු මටත්
මොකක් හරි අමුත්තක් දැනෙනව. මේ දුම්රිය ඇතුලේ මොකක් හරි අද්භූත දෙයක් වෙනව වගේ
දැනෙනව...
පළමු මගියා: මම මේකෙන්
බහිනව.
දෙවන මගියා: කොහොමද යන
දුම්රියෙන් බහින්නේ..
දුම්රිය සෙමෙන් සෙම්න් කඳුකර
මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් ලොම්බාඩ් උමග අසලට පැමිණෙමින් සිටියා...
පළමු මගියා: අර බලන්න...
දුම්රිය කවුළුවෙන් පිටතට
හිස දැමු පළමු මගියා කෑ ගැසුවා...
දෙවන මගියා: මොකක්ද..
පළමු මගියා: අර, උමග
මීදුමෙන් වැහිල... මම පනිනව...
දෙවන මගියා: මාත්..
ඔවුන් දෙදෙනාම එක්වරම
දුම්රියෙන් ඉවතට පැන්නා.. ඔවුන් දෙදෙනාම සිටියේ දැඩි මානසික වියවුලකින්..
පළමු මගියා: අනිත් අයත්
බයවෙලා වගේ නේද හිටියෙ..
දෙවන මගියා: ඔවු,
එයාලගෙත් මූණු අඳුරු වෙලයි තිබ්බෙ..
ලොබ්බාඩ් උමගෙට ඇතුළු වන
දුම්රිය නැවත පිටතට පැමිණියේ නැහැ. එය සදාකලටම අතුරුදහන් ව ගියා.. ඒ එහි ඒ වනවිට සිටි
මගීන් 104 දෙනාත් සමගයි.
මේ සිදුවීම සැලවීමත් සමග
බලධාරීන් පැමිණ උමග දින ගණනක් පරීක්ෂණය කලද දුම්රියේ කිසිදු හුඩුවාවක් සොයාගැනීමටවත්
බැරිවනවා.. නමුත් මේ පිළිබඳව වැඩි විස්තර ඉතාලි පුවත් පත් හි පල වන්නේ නැහැ.
පලවුයේද පේලි දෙක තුනක් පමණක් වීමද විශේෂත්වයකි.
පලවන ලෝක යුධ සමයේ ගුවන්
ප්‍රහාරයක් මගින් මේ උමග විනාශ වී යන්නේ මේ අතර තුරයි.
ඒ සමගම මේ අභිරහස්
සිදුවීම කාලයේ වැලිතලාවෙන් යටිවී යනවා..
මේ සිදුවීම පිළිබඳව
කිසිවකුගේත් වැඩි අවධානයක් යොමු නොවුනත්, අතුරුදහන්වූවකුගේ ඥාතියකුයැයි සිතිය හැකි
යම් අයෙකු අතීත තොරතුරු ගවේෂණයකදී, එම සිදුවීමෙන් අවුරුදු 15 කට පසු, එනම් 1926 දී මේ පිළිබඳව රසවත් තොරතුරක් සොයාගනු ලබනවා... ඒ මෙක්සිකෝවේ පුවත් පතක
පලවූ සිදුවීමක්. එහි සඳහන් වන ආකාරයට මෙක්සිකෝවෙන් ඉතාලියානුවන් 104 දෙනෙක් හමුවනවා. ඔවුන් සියළුදෙනා පවසා තුබුණේ, ඔවුන් 1911 දී ඉතාලියේ සිට පැමිණෙන බවයි. පුදුමයකට කරුණ නම්, මේ
සිදුවීම වාර්තා වී තිබුනේ 1845 දී වීමයි. එම ඉතාලියානුවන් ට පිස්සු යැයි සිතු එහි සිටි අයවලුන් ඔවුන්ව
මානසික රෝහලක් වෙත යොමු කල බවද එහි වාර්තා වී තිබුනා...
නමුත් එම ලිපියේ මෙසේද
සඳහන්ව තිබුණා... “ඔවුන්ගේ ඇදුම් මෙම කාලයට අයත් වුයේ නැහැ. යමෙකු අතේ 1907
යනුවෙන් සඳහන් කල දුම් කොළ පෙට්ටියක් තිබුණා”. අදටත් එම පෙට්ටිය මෙක්සිකෝවේ කෞතුකාගාරයක ඇති බවයි පැවසෙන්නේ..
ඉතින් මේ දුම්රියේ
අතුරුදහන් වීම අදටත් අභිරහසක් ව පවතිනවා.. නමුත් එදා ලොම්බාඩ් උමග තුලදී අතුරුදහන්
වූ දුම්රියට සමාන දුම්රියක් ඇතැම් අය විසින් විවිද රට වලදී දැක තිබෙනවා.. ඒ රුසියාව,
ජර්මනිය, රොමේනියාව, ඉන්දියාව මෙන්ම ඉතාලියේදීම වීම විශේෂයි. ඔවුන් සියළු දෙන දැක
තිබුනේ එක හා සමාන දුම්රියක් බවට සඳහන් වන අතර, එම දුම්රියේ රියදුරෙකු නොමැති
වීමත්, කවුළු තිරරෙදි වලින් වැසූ මැදිරි තුනක් පිහිටා තිබීමත් විශේෂත්වයකි.
රුසියාවේදී මෙම දුම්රිය රේල් පීලි නොමැතිව සතුන්ගේ ඇගේ වදිමින් ගමන් කරන අයුරුද
දැක ඇත.
වරක්, අභිරහස් පිළිබඳව
විශ්ලේෂණය කරන විද්‍යාඥයෙක් සාක්කි කරුවන් ඉදිරිපිට මෙම අභිරහස් දුම්රියට පැන ඇත.
නමුත් විශ්මයකට කරුණ නම්, අද වනවිට එම විද්‍යාඥයා පිලිබඳවද කිසිදු හෝඩුවාවක්
නොමැති වීමයි.
අද වනවිට විද්‍යාඥයන්ගේ
මතය වී ඇත්තේ මෙම දුම්රිය සමාන්තර මානයන් (parallel dimension) හි හෝ කාල චක්‍රය
තුලින් ගමන් කර අතීතයට ගොස් ඇති බවයි.
**ඉතින් ඔයාලට හිතෙන
දේත් ලියන්න අමතක කරන්න එපා...**
ස්තුති..!!
-සනා-



No comments:
Post a Comment