11 April 2018

Drink and Drive

මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ. හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය. මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,


"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"



මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා, 
"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.


ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා, 
"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ".


මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා. අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.



"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා... එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා... මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ"



පිරිමි දරුවා දිගටම කතා කලා..



"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ, එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"



මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා.



"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ... තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා. ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"



මගේ හදවත මොහොතකට නැවතුනා, පිරිමි දරුවා දිගටම කතා කලා...



"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා, ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි". 
ඉන්පසු කලිසම් සාක්කුවට අත දමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා, එම ඡායාරූපය ඔහුගේම එකක්.


"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා, එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි, මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට, ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" 
පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.


ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම, 
"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවෙමි.


"හා අංකල්... මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති"



පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.



"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි... අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" 
පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.


මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්. එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්. අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.



තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා. එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා. සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.



ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා. මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුළු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා, ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.



තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි, නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.



කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා...!!!



බීමතින්, නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න..

08 April 2018

අභිරහස් දුම්රිය ගමන


1911 අවුරුද්ද කියන්නෙ ලෝක ඉතිහාසයේ බිහිසුණු සිදුවීමක් වාර්තා වුනු අවුරුද්දක්. ඒ තමයි මගීන් 106 දෙනෙක් සමග ගමන් ආරම්භ කල දුම්රියක්, මගීන් 104 දෙනෙක් සමග අතුරුදන් වීම.
“සැනෙටි” කියන දුම්රිය 1911 ඉතාලියේ රෝම නගරයෙන් මගීන් 106 දෙනෙක් රැගෙන දුම්රිය මැදිරි 3 සමගින් ගමන් ආරම්භ කරනව. ගමන පටන් ගන්න කලින් ඉඳලම එකිනෙකා සතුටු සාමීචියේ යෙදෙන්නට පටන් ගෙන තිබුනා. මේ සියලු දෙනා ඉතාලි ධනපති පන්තියට අයත් වූවන්. නමුත් ගමන පටන් අරන් ටික දුරක් යනකොට, එහි ඉන්න මගීන් දෙදෙනෙකුට යම් කිසි අමුත්තක් දැනෙන්න ගන්නවා.



පළමු මගියා: මට හරි අමුත්තක් දැනෙනව. තේරෙන්නෙ නැහැ කියා ගන්න...

දෙවන මගියා: ඔවු මටත් මොකක් හරි අමුත්තක් දැනෙනව. මේ දුම්රිය ඇතුලේ මොකක් හරි අද්භූත දෙයක් වෙනව වගේ දැනෙනව...

පළමු මගියා: මම මේකෙන් බහිනව.

දෙවන මගියා: කොහොමද යන දුම්රියෙන් බහින්නේ..

දුම්රිය සෙමෙන් සෙම්න් කඳුකර මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් ලොම්බාඩ් උමග අසලට පැමිණෙමින් සිටියා...



පළමු මගියා: අර බලන්න...

දුම්රිය කවුළුවෙන් පිටතට හිස දැමු පළමු මගියා කෑ ගැසුවා...

දෙවන මගියා: මොකක්ද..

පළමු මගියා: අර, උමග මීදුමෙන් වැහිල... මම පනිනව...

දෙවන මගියා: මාත්..

ඔවුන් දෙදෙනාම එක්වරම දුම්රියෙන් ඉවතට පැන්නා.. ඔවුන් දෙදෙනාම සිටියේ දැඩි මානසික වියවුලකින්..

පළමු මගියා: අනිත් අයත් බයවෙලා වගේ නේද හිටියෙ..

දෙවන මගියා: ඔවු, එයාලගෙත් මූණු අඳුරු වෙලයි තිබ්බෙ..

ලොබ්බාඩ් උමගෙට ඇතුළු වන දුම්රිය නැවත පිටතට පැමිණියේ නැහැ. එය සදාකලටම අතුරුදහන් ව ගියා.. ඒ එහි ඒ වනවිට සිටි මගීන් 104 දෙනාත් සමගයි.



මේ සිදුවීම සැලවීමත් සමග බලධාරීන් පැමිණ උමග දින ගණනක් පරීක්ෂණය කලද දුම්රියේ කිසිදු හුඩුවාවක් සොයාගැනීමටවත් බැරිවනවා.. නමුත් මේ පිළිබඳව වැඩි විස්තර ඉතාලි පුවත් පත් හි පල වන්නේ නැහැ. පලවුයේද පේලි දෙක තුනක් පමණක් වීමද විශේෂත්වයකි.

පලවන ලෝක යුධ සමයේ ගුවන් ප්‍රහාරයක් මගින් මේ උමග විනාශ වී යන්නේ මේ අතර තුරයි.

ඒ සමගම මේ අභිරහස් සිදුවීම කාලයේ වැලිතලාවෙන් යටිවී යනවා..

මේ සිදුවීම පිළිබඳව කිසිවකුගේත් වැඩි අවධානයක් යොමු නොවුනත්, අතුරුදහන්වූවකුගේ ඥාතියකුයැයි සිතිය හැකි යම් අයෙකු අතීත තොරතුරු ගවේෂණයකදී, එම සිදුවීමෙන් අවුරුදු 15 කට පසු, එනම් 1926 දී මේ පිළිබඳව රසවත් තොරතුරක් සොයාගනු ලබනවා... ඒ මෙක්සිකෝවේ පුවත් පතක පලවූ සිදුවීමක්. එහි සඳහන් වන ආකාරයට මෙක්සිකෝවෙන් ඉතාලියානුවන් 104 දෙනෙක් හමුවනවා. ඔවුන් සියළුදෙනා පවසා තුබුණේ, ඔවුන් 1911 දී ඉතාලියේ සිට පැමිණෙන බවයි. පුදුමයකට කරුණ නම්, මේ සිදුවීම වාර්තා වී තිබුනේ 1845 දී වීමයි. එම ඉතාලියානුවන් ට පිස්සු යැයි සිතු එහි සිටි අයවලුන් ඔවුන්ව මානසික රෝහලක් වෙත යොමු කල බවද එහි වාර්තා වී තිබුනා...

නමුත් එම ලිපියේ මෙසේද සඳහන්ව තිබුණා... “ඔවුන්ගේ ඇදුම් මෙම කාලයට අයත් වුයේ නැහැ. යමෙකු අතේ 1907 යනුවෙන් සඳහන් කල දුම් කොළ පෙට්ටියක් තිබුණා”. අදටත් එම පෙට්ටිය මෙක්සිකෝවේ කෞතුකාගාරයක ඇති බවයි පැවසෙන්නේ..

ඉතින් මේ දුම්රියේ අතුරුදහන් වීම අදටත් අභිරහසක් ව පවතිනවා.. නමුත් එදා ලොම්බාඩ් උමග තුලදී අතුරුදහන් වූ දුම්රියට සමාන දුම්රියක් ඇතැම් අය විසින් විවිද රට වලදී දැක තිබෙනවා.. ඒ රුසියාව, ජර්මනිය, රොමේනියාව, ඉන්දියාව මෙන්ම ඉතාලියේදීම වීම විශේෂයි. ඔවුන් සියළු දෙන දැක තිබුනේ එක හා සමාන දුම්රියක් බවට සඳහන් වන අතර, එම දුම්රියේ රියදුරෙකු නොමැති වීමත්, කවුළු තිරරෙදි වලින් වැසූ මැදිරි තුනක් පිහිටා තිබීමත් විශේෂත්වයකි. රුසියාවේදී මෙම දුම්රිය රේල් පීලි නොමැතිව සතුන්ගේ ඇගේ වදිමින් ගමන් කරන අයුරුද දැක ඇත.

වරක්, අභිරහස් පිළිබඳව විශ්ලේෂණය කරන විද්‍යාඥයෙක් සාක්කි කරුවන් ඉදිරිපිට මෙම අභිරහස් දුම්රියට පැන ඇත. නමුත් විශ්මයකට කරුණ නම්, අද වනවිට එම විද්‍යාඥයා පිලිබඳවද කිසිදු හෝඩුවාවක් නොමැති වීමයි.

අද වනවිට විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මෙම දුම්රිය සමාන්තර මානයන් (parallel dimension) හි හෝ කාල චක්‍රය තුලින් ගමන් කර අතීතයට ගොස් ඇති බවයි.


**ඉතින් ඔයාලට හිතෙන දේත් ලියන්න අමතක කරන්න එපා...**

ස්තුති..!!

-සනා-

07 April 2018

මහළු මිනිසා සහ කාන්තාව


දිනක් මා කඩ වීදියේ ඇවිද යමින් සිටියෙමි. ඔහේ ඇවිද යමින් සිටි මා හට කිසිදු නිශ්චිත අරමුණක් නොවීය. ටිකදුරක් මා ඇවිද යන විට මා හට අප විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත සිසුවියක් හමුවිය. ඇය බොහෝ සෙයින් වෙනස් ව ගොස් තිබුනත්, ඇයගේ ඇස් දෙක හා සිනහව එදා මෙන්ම අදත් මා වසඟයට ගන්නට සමත් විය. 

ඇය: හානේ කොහොමද.. 

මම: හලෝ...

ඇය: කොච්චර කාලෙකට පස්සෙද..

මම: ඒක නේන්නම්...

අප බොහෝ වෙලාවක් ආගිය තොරතුරු කතා කරකර ඉන්නට ඇත.

ඇය: තේ එකක් බොමු

එදා මෙන්ම අදත්, ඇය මට පෙර මගෙන් ඇසීය

මම: බොමු

අප සෙමෙන් සෙමෙන් KCC ය පැත්තට ඇදෙන්නට වීමු. එක වරම අප නෙත ගැටුනේ පාරේ අනෙක් පස ගසක් යටට වී බංකුවක් මත වාඩිගෙන පොත් විකුණනා මිනිසෙකි. ඔහු අසලම බිම හිඳගෙන පොතක් කියවන කුඩා ළමයෙක් ද විය..

ඇය: පොත් පොත්

යයි පවසා එක්වරම පාර පැන්නාය. මෝටර් සයිකල් කරුවෙක් වැඩ දමා ඇයව බේරා දොස් මුරයෙන් යමක් පවසා ඉගිල ගියේය..

මම සෙමෙන් පාර පැන ඇය දෙසට ඇදුනෙමි.

මම: තව පොඩ්ඩෙන් හැපෙනව

ඇය: ගණන් ගන්න එපා අනේ..

ඇඟට පතට නොදැනී කීවාය.

මා මිතුරිය මහළු මිනිසාත් කුඩා ළමයාත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය,

ඇය: කීයද මේ පොත්

මහළු මිනිසා: පොඩි පොතක් සීයයි, ලොකු පොතක් දෙසීයයි

යනුවෙන් ඉතා පහත් ස්වරයෙන් කීවේය.
විශ්වවිද්‍යාලයේ ඇය පොත් ගුල්ලියකි. ඇයගේ බෑගයේ නවකතා පොතක් නැති වූ දිනයක් නැති තරම් ය. ඇය මා හඳුනා ගත්තේ ද “සුළඟ වගේ ඇවිදින්” නම් වූ නවකතා පොතක් මගිනි.. තවමත් ඇය පොත් ගුල්ලියක් බව මට සිහිපත් කරමින්, පැය බාගයක් පමණ තෝරා තෝරා පොත් දුසිමක් පමණ දෙඅතට තුරුළු කර ගත්තාය.

ඇය: කියද සීයෙ..

මහළු මිනිසා: පොත් කීයක් තියනවද නෝන..

ඇය: පොඩි පොත් හතයි, ලොකු පොත් දෙකයි..

මහළු මිනිසා: 1,100 නෝන..

ඇය පුදුමයෙන් මෙන් මා දෙස බැලීය.

ඇය: අපෝ වැඩිනෙ සීයෙ. බලන්න මේවගෙ අකුරුත් මැකිල. කොලත් පරණ වෙලා.. අසාවට ගත්තේ.. ඔක්කොටම 1,000 ක් දෙන්නම්.. නැත්නම් එපා... මොකද කියන්නෙ..

මහළු මිනිසා:  කොල්ලගෙ අම්ම නෑ මහත්තයො. පොත් විකුණලා හම්බ කරන සල්ලි වලින් අටෙන් එකක් මුදලාලි ගන්නව. ඉතුරු සොච්චමෙන් තමයි මේ දරුව ඉගෙන ගන්නෙයි අපි ජිවත් වෙන්නෙයි....

කුඩා දරුවා, මාරුවෙන් මාරුවට මහළු මිනිසා දෙසත් ඇය දෙසත් බලන්නට විය.

මහළු මිනිසා:  අද දවසටම එක පොතක් වත් ගියේ නෑ නෝන.. කමක් නෑ. මේක හොඳ ආරම්බයක් කියල හිතමු..

මහළු මිනිසා කෙඳිරූ දේ මගේ හද පතුලටම කිඳා බැස්සේය..

මහළු මිනිසා: කමක් නෑ නෝන, 1,000 ක් දෙන්න..

ඇය: බෑග් එකක දාල දෙන්න..

මහළු මිනිසා: බෑග් නම් නෑ නෝන..

ඇය: ශික්, බෑග් එකක් වත් නැති හැටි..

යයි පවසමින් අත් බාගයට පොත් ටික ඔබා ගත්තේය.

ඇය: 1,000 ක් වටින්නෙත් නෑ මේව.. ඒත් ඔන්න ඔහේ ගත්ත..

යයි පැවසුයේ යමක් දිනාගත් පරිද්දෙනි..

මම: දැන් තේ බොන්න වෙලාවක් නෑනෙ. දවල් 1 ටත් කිට්ටුයි..

ඇය: අපි පීස කමු..

ඇය නැවත මට ඉස්සර වී ඇසීය..

මම: කමු..

මට ඇත්තටම වුයේ බඩගින්නක් ය.

Pizza Hut වෙත ගිය අප බඩ පිරෙන්නට pizza කෑ වෙමු. වේටර් වරයාට රු 2,000 ක් දිගු කල ඈ “ඉතුරු තියාගන්න” යනුවෙන් කීවාය. ඉතුරු මුදල රු 300 පමණ වන්නට ඇත.

මට කඩ වීදිය කෙළවර හමුවූ, පරණ පොත් විකිණූ මහළු මිනිසා මතක් විය..

“යමුද” ඇය එසේ අසද්දී, “ඔයා අර පොත් විකුණුව සීයට, රු 100 ට කේවල් කරාට, pizza මල්ලිට රු 300 ක් ම දුන්න නේ..” යනුවෙන් ඇසුවෙමි.

“එහෙම තමයි අනේ. එයාලගේ ගණන් වලට කවුද බඩු ගන්නෙ” යනුවෙන් පැවසූ ඈ.. “හැබැයි කන්න බොන්න ලූස් තියා ගන්න හොඳ නෑ” යනුවෙන් කීවේ ඇසක් ඉඟි මරමිනි..

මට ක්ෂණිකයෙන් මතක් වුයේ මහළු මිනිසා කී කතාවය..

“පොත් විකුණලා හම්බ කරන සල්ලි වලින් අටෙන් එකක් මුදලාලි ගන්නව. ඉතුරු සොච්චමෙන් තමයි මේ දරුව ඉගෙන ගන්නෙයි අපි ජිවත් වෙන්නෙයි....”

ඇය: ඉතිං, ආපහු දවසක් හම්බෙමු..

එසේ කියූ ඇය පිටත් වුයේ, මගේ දුරකථන අංකය ලබාගෙන, ඇගේ අංකයද මට ලබා දීය..

නැවත මම කඩ වීදිය දෙසට එන්නට පිටත් උනෙමි. මද වැසිබර ගතියක් අහසෙහි පෙනෙන්නට විය. ඈත තියාම මම දුටුවේ වැස්සෙන් බේරා ගැනීමට පොත් පෙට්ටි වලට අඩුක්කරනා මහළු මිනිසා හා කුඩා ළමයාය.

මහළු මිනිසා දෙසට ලංවූ මම, “සීයෙ පොතක් දෙන්න” යයි පැවසීය. සීයාද මා හදුනා ගත් පරිද්දෙන් සිනාසුනේය.. “ගන්න මහත්තය කැමති පොතක්, ඕන පොතක් 100”. මම පුදුම උනෙමි.. “ඇයි සීයෙ, ලොකු පොතක් 200 නෙමෙයි ද” මම ඇසූ විට, බයාදු ලෙස සිනාසුනු ඒ මහළු මිනිසා, “වහිනනනේ එන්නෙ මහත්තයො” යනුවෙන් පැවසීය.

පොත් ගොඩෙන් පොතක් ගත් මා සීයාගේ අතේ රු. 500 ක් තැබුවෙමි. “මහත්තයො, මාරු නැද්ද” මහළු මිනිසා එසේ ඇසීය. “ඉතුරු එපා. සීය තියා ගන්න.” මා එසේ කී විට ඒ මහළු මිනිසා කඳුළු පිරි දෙනෙතින් මට දෑත් එක් කර අචාර කරේය.

මගේ දෙනෙතටද කඳුළු පිරුණි. පොත රෝල්කර සාක්කුවට දමා ගත් මා කුඩා දරුවාගේ හිස අතගා එතැනින් නික්මුනෙමි.

මාගේ මිතුරියගේ ක්‍රියාව පීසා මල්ලීට සාමාන්‍ය දෙයක් උනත්, මහළු මිනිසාට ඉතා වේදනාකාරී වන්නට ඇත.


අප සැමවිටම අපගේ බලපුලුවන්කාරකම් දුප්පත් මිනිසුන්ට හා ඔවුන් ගෙන් යමක් මිලදී ගැනීමේදී පෙන්වත් දී  අපගේ කෘතගුණ සැලකීම එය කිසිසේත්ම අවශ්‍ය නැති යට ලබා දෙයි..

ඔබටද මෙය සාමාන්‍ය සිදුවීමක් වන්නට පුළුවන, නමුත් ඔබ මෙයින් යමක් ජිවිතයට එක්කර ගත්තා නම් මෙය තවත් කෙනෙක් සඳහා හුවමාරු කරන්න..


ස්තූති

-සනා-