දිනක් මා කඩ වීදියේ ඇවිද
යමින් සිටියෙමි. ඔහේ ඇවිද යමින් සිටි මා හට කිසිදු නිශ්චිත අරමුණක් නොවීය.
ටිකදුරක් මා ඇවිද යන විට මා හට අප විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත සිසුවියක් හමුවිය.
ඇය බොහෝ සෙයින් වෙනස් ව ගොස් තිබුනත්, ඇයගේ ඇස් දෙක හා සිනහව එදා මෙන්ම අදත් මා වසඟයට
ගන්නට සමත් විය.
ඇය: හානේ කොහොමද..
මම: හලෝ...
ඇය: කොච්චර කාලෙකට පස්සෙද..
මම: ඒක
නේන්නම්...
අප බොහෝ වෙලාවක් ආගිය තොරතුරු
කතා කරකර ඉන්නට ඇත.
ඇය: තේ
එකක් බොමු
එදා මෙන්ම අදත්, ඇය මට පෙර
මගෙන් ඇසීය
මම:
බොමු
අප සෙමෙන් සෙමෙන් KCC ය පැත්තට
ඇදෙන්නට වීමු. එක වරම අප නෙත ගැටුනේ පාරේ අනෙක් පස ගසක් යටට වී බංකුවක් මත
වාඩිගෙන පොත් විකුණනා මිනිසෙකි. ඔහු අසලම බිම හිඳගෙන පොතක් කියවන කුඩා ළමයෙක් ද
විය..
ඇය: පොත් පොත්
යයි පවසා එක්වරම පාර පැන්නාය. මෝටර්
සයිකල් කරුවෙක් වැඩ දමා ඇයව බේරා දොස් මුරයෙන් යමක් පවසා ඉගිල ගියේය..
මම සෙමෙන් පාර පැන ඇය දෙසට ඇදුනෙමි.
මම: තව පොඩ්ඩෙන් හැපෙනව
ඇය: ගණන් ගන්න එපා අනේ..
ඇඟට පතට නොදැනී කීවාය.
මා මිතුරිය මහළු මිනිසාත් කුඩා
ළමයාත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය,
ඇය: කීයද මේ පොත්
මහළු මිනිසා: පොඩි පොතක්
සීයයි, ලොකු පොතක් දෙසීයයි
යනුවෙන් ඉතා පහත් ස්වරයෙන්
කීවේය.
විශ්වවිද්‍යාලයේ ඇය පොත්
ගුල්ලියකි. ඇයගේ බෑගයේ නවකතා පොතක් නැති වූ දිනයක් නැති තරම් ය. ඇය මා හඳුනා ගත්තේ
ද “සුළඟ වගේ ඇවිදින්” නම් වූ නවකතා පොතක් මගිනි.. තවමත් ඇය පොත් ගුල්ලියක් බව මට
සිහිපත් කරමින්, පැය බාගයක් පමණ තෝරා තෝරා පොත් දුසිමක් පමණ දෙඅතට තුරුළු කර
ගත්තාය.
ඇය: කියද සීයෙ..
මහළු මිනිසා: පොත් කීයක්
තියනවද නෝන..
ඇය: පොඩි පොත් හතයි, ලොකු පොත්
දෙකයි..
මහළු මිනිසා: 1,100 නෝන..
ඇය පුදුමයෙන් මෙන් මා දෙස බැලීය.
ඇය: අපෝ වැඩිනෙ සීයෙ. බලන්න මේවගෙ අකුරුත් මැකිල. කොලත් පරණ වෙලා..
අසාවට ගත්තේ.. ඔක්කොටම 1,000 ක් දෙන්නම්.. නැත්නම් එපා... මොකද කියන්නෙ..
මහළු මිනිසා: කොල්ලගෙ අම්ම
නෑ මහත්තයො. පොත් විකුණලා හම්බ කරන සල්ලි වලින් අටෙන් එකක් මුදලාලි ගන්නව. ඉතුරු සොච්චමෙන්
තමයි මේ දරුව ඉගෙන ගන්නෙයි අපි ජිවත් වෙන්නෙයි....
කුඩා දරුවා, මාරුවෙන් මාරුවට මහළු මිනිසා දෙසත් ඇය දෙසත් බලන්නට විය.
මහළු මිනිසා: අද දවසටම එක
පොතක් වත් ගියේ නෑ නෝන.. කමක් නෑ. මේක හොඳ ආරම්බයක් කියල හිතමු..
මහළු මිනිසා කෙඳිරූ දේ මගේ හද පතුලටම කිඳා බැස්සේය..
මහළු මිනිසා: කමක් නෑ නෝන, 1,000 ක් දෙන්න..
ඇය: බෑග් එකක දාල දෙන්න..
මහළු මිනිසා: බෑග් නම් නෑ නෝන..
ඇය: ශික්, බෑග් එකක් වත් නැති හැටි..
යයි පවසමින් අත් බාගයට පොත් ටික ඔබා ගත්තේය.
ඇය: 1,000 ක් වටින්නෙත් නෑ මේව.. ඒත් ඔන්න ඔහේ ගත්ත..
යයි පැවසුයේ යමක් දිනාගත් පරිද්දෙනි..
මම: දැන් තේ බොන්න වෙලාවක් නෑනෙ. දවල් 1 ටත් කිට්ටුයි..
ඇය: අපි පීස කමු..
ඇය නැවත මට ඉස්සර වී ඇසීය..
මම: කමු..
මට ඇත්තටම වුයේ බඩගින්නක් ය.
Pizza Hut වෙත ගිය අප බඩ පිරෙන්නට pizza කෑ වෙමු. වේටර් වරයාට රු 2,000 ක් දිගු කල ඈ “ඉතුරු තියාගන්න”
යනුවෙන් කීවාය. ඉතුරු මුදල රු 300 පමණ වන්නට ඇත.
මට කඩ වීදිය කෙළවර හමුවූ, පරණ පොත් විකිණූ මහළු මිනිසා මතක් විය..
“යමුද” ඇය එසේ අසද්දී, “ඔයා අර පොත් විකුණුව සීයට, රු 100 ට කේවල්
කරාට, pizza මල්ලිට රු 300 ක් ම දුන්න නේ..” යනුවෙන් ඇසුවෙමි.
“එහෙම තමයි අනේ. එයාලගේ ගණන් වලට කවුද බඩු ගන්නෙ” යනුවෙන් පැවසූ ඈ.. “හැබැයි
කන්න බොන්න ලූස් තියා ගන්න හොඳ නෑ” යනුවෙන් කීවේ ඇසක් ඉඟි මරමිනි..
මට ක්ෂණිකයෙන් මතක් වුයේ මහළු මිනිසා කී කතාවය..
“පොත් විකුණලා හම්බ කරන සල්ලි වලින් අටෙන් එකක් මුදලාලි ගන්නව. ඉතුරු
සොච්චමෙන් තමයි මේ දරුව ඉගෙන ගන්නෙයි අපි ජිවත් වෙන්නෙයි....”
ඇය: ඉතිං, ආපහු දවසක් හම්බෙමු..
එසේ කියූ ඇය පිටත් වුයේ, මගේ දුරකථන අංකය ලබාගෙන, ඇගේ අංකයද මට ලබා දීය..
නැවත මම කඩ වීදිය දෙසට එන්නට පිටත් උනෙමි. මද වැසිබර ගතියක් අහසෙහි
පෙනෙන්නට විය. ඈත තියාම මම දුටුවේ වැස්සෙන් බේරා ගැනීමට පොත් පෙට්ටි වලට අඩුක්කරනා
මහළු මිනිසා හා කුඩා ළමයාය.
මහළු මිනිසා දෙසට ලංවූ මම, “සීයෙ පොතක් දෙන්න” යයි පැවසීය. සීයාද මා
හදුනා ගත් පරිද්දෙන් සිනාසුනේය.. “ගන්න මහත්තය කැමති
පොතක්, ඕන පොතක් 100”. මම පුදුම උනෙමි.. “ඇයි සීයෙ, ලොකු පොතක් 200 නෙමෙයි ද” මම ඇසූ
විට, බයාදු ලෙස සිනාසුනු ඒ මහළු මිනිසා, “වහිනනනේ එන්නෙ මහත්තයො” යනුවෙන් පැවසීය.
පොත් ගොඩෙන් පොතක් ගත් මා සීයාගේ අතේ රු. 500 ක් තැබුවෙමි. “මහත්තයො,
මාරු නැද්ද” මහළු මිනිසා එසේ ඇසීය. “ඉතුරු එපා. සීය තියා ගන්න.” මා එසේ කී විට ඒ
මහළු මිනිසා කඳුළු පිරි දෙනෙතින් මට දෑත් එක් කර අචාර කරේය.
මගේ දෙනෙතටද කඳුළු පිරුණි. පොත රෝල්කර සාක්කුවට දමා ගත් මා කුඩා
දරුවාගේ හිස අතගා එතැනින් නික්මුනෙමි.
මාගේ මිතුරියගේ ක්‍රියාව පීසා මල්ලීට සාමාන්‍ය දෙයක් උනත්, මහළු
මිනිසාට ඉතා වේදනාකාරී වන්නට ඇත.
අප සැමවිටම අපගේ බලපුලුවන්කාරකම් දුප්පත් මිනිසුන්ට හා ඔවුන් ගෙන්
යමක් මිලදී ගැනීමේදී පෙන්වත් දී අපගේ
කෘතගුණ සැලකීම එය කිසිසේත්ම අවශ්‍ය නැති යට ලබා දෙයි..
ඔබටද මෙය සාමාන්‍ය සිදුවීමක් වන්නට පුළුවන, නමුත් ඔබ මෙයින් යමක්
ජිවිතයට එක්කර ගත්තා නම් මෙය තවත් කෙනෙක් සඳහා හුවමාරු කරන්න..
ස්තූති
-සනා-

No comments:
Post a Comment