පුර්විකාව
මා කිහිපවරක් සිරිපා කරුණා කර ඇත්තෙමි, නමුත් මා හට අවාරයේ සිරිපා තරණයට මහත් ආසාවක් විය. මේ එය මුදුන් පමුණුවාගත් අයුරුයි...
මේ ලිපිය කියවා යමෙක් අවාරයේ සිරිපා ගමන ගැන යම් අවබෝධයක් / අදහසක් ගත්තේනම් එම පිං බලය සමන් දෙවිඳුන්ටත්, මේ ගමනේදී මා හට මහත් පිළිසරණක් වෙමින් දිරි දෙමින් මා පසුපසම සිටිමින් මා රැගෙන ගිය මගේ සියළු මිතුරන්ටත් අනුමෝදන් වෙත්වා...!!!
මේ ගමනට මූලික වුන කාරනාව නම්, මා සේවය කරන කාර්යාලයේ වැඩිදෙනෙකු අවාරයේ සිරිපා වන්දනා කර නොමැති වීමයි. ඉතිං අපි මේ ගමනට කල් තියාම ලක ලෑස්ති වුනා. අපි එක එක්කෙනා ගමනේදී කරන්න තියන වැඩ බෙදා ගත්ත.
අවාරයේ සිරිපා වන්දනාවට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය (අමුද්‍රව්‍ය සැහැල්ලු වන තරමට ගමන පහසුය)
01) සැහැල්ලු වැසි ආවරණ කට්ටලයක් හා හිස් වැස්මක්
02) කූඩැල්ලන් විකර්ෂණය කරන ද්‍රව්‍යක් (ලුණු පොට්ටනිය/ ලුණු කුඩු/ සිද්ධාලේප/ Dettol)
- කූඩැල්ලන්හට ප්‍රාණ බයක් අත්තවුන්හට කූඩැල්ලන් පලවා හරින මේස් බාවිතා කල හැක.
03) අමතර ඇඳුම් කට්ටලයක්
04) සෙරප්පු යුගලක්
05) වතුර බෝතලයක්
06) විදුලි පන්දමක්
07) චොකලට්, ආනමාලු ඇතුළු ඇති තරම් ආහාර (බිස්කට් වර්ග කිහිපයක් හා නූඩ්ල්ස් පැකට්ටුවක්).
08) උණුසුම් පොරවනයක්
09) ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් (විශ්‍රාම ශාලාවක හැර, කිසිවිටක කැලය තුල ගිනි ගොඩක් නොගසන්න)
10) හැකිනම්, වතුර උණු කිරීමට බාජනයක් (නඩයටම එකක්), කෝප්පයක්, ඉටි කොලයක්.
11) බාජනයක් ගෙනයා හැකිනම්, තේ කොළ හෝ කොපි කුඩු පැකට්ටුවක් හා සීනි පැකට්ටුවක් හෝ අවශ්‍ය ප්‍රමාණයට සමඟ හැන්දක් (නඩයටම එකක්).
සහ
හදිසි ප්‍රතිකාර කට්ටලය (ජලය කාන්දු නොවන බහාලුමක දමා ගන්න)
01) පැනඩෝල් කාඩ් එකක්
02) අමතර සිද්ධාලේප කුප්පියක්
03) අමතර කුඩා Dettol කුප්පියක්
04) ප්ලාස්ටර් කිහිපයක්
05) බැන්ඩේජයක් හා කටුවක්
06) වමනය වැළැක්වීමට අවශ්‍ය පෙති කිහිපයක්
07) හැකිනම්, ලනු කිහිපයක් හා ආරක්‍ෂිත කඹයක්
අපි ගමන සඳහා තෝරගත්තෙ තරමක් දුෂ්කර මාර්ගයක්. තරමක් නෙමෙයි ඒක ඇත්තටම දුෂ්කරයි කියල හිතුනෙ පලවෙනි දවසෙ රෑ තමයි. මේ මාර්ගය වැටිලා තිබුනෙ කුරුවිට-එරත්න හරහා. ගමන යොදාගෙන තිබුනෙ 2014 නොවෙම්බර් 28 ඉඳල 30 වෙනකම්.
**පලමුවන දින (28 නොවැම්බර් 2014)**
අපි 28 වෙනිද කොළඹින් පිටත් වෙනකොට පාන්දර 6 ට විතර ඇති. කෙලින්ම ගියේ කුරුවිටට. කුරුවිටට යනකොට උදේ 10.30 ත් පහුවෙලා.
2) රාත්‍රියට වීදි ආලෝකය නොමැති වීම
3) මාර්ගය හරහා ගස් කඩා වැටීම / ගල් පෙරලීම ආදියෙන් මාර්ගය අවහිරව තිබීම
4) මඩ සහිත පස නිසා කඳු බෑවුම්හි ලිස්සිමේ වැඩි ප්‍රවනතාවයක් පෙන්වීම.
5) කූඩැල්ලන් ගහනය අධික වීම
6) කාන්සිය නිවාගැනීමට හා ආහාර ගැනීමට කඩ නොමැති වීම.
7) උඩ මළුව වසා තිබීම.
අප පෙර සුදානම්ව ගිය නිසා, මේවා එතරම් ගැටළු නොවිය...
මේ තමයි අපිට මුලින්ම හම්බවුන පාලම.
මේ කඩේ පහුකරපු අපි තවත් පාලමකින් එගොඩ වෙලා කැලෑවැදුන. පාලමට උඩින් තියන ලොකු බට වතුර බටද නැත්නම් විදුලි රැහැන් රැගෙන යන බටදැයි අවබෝධයක් අපට තිබුනේ නැහැ.
ක්‍රමයෙන් ඇවිදගෙන ගිය අපට හම්බවුනේ තරමක් දුරට විහිද ගිය පඩි පෙළක්.
කැලෑව අතරින් වැටී තිබූ මේ පඩිපෙළ තරණය කරන අපිට පොඩි තේ වත්තක් හම්බවුනා. අපට ගමනේ හම්බවුන පළමු මිනිස් පුළුට ලෙස සටහන් තබමින් මැදිවිය ඉක්මවූ අයෙක් දළු නෙලමින් සිටියා.
මොහු පසුකර ගිය අපට ගමනේ දෙවන ගිමන් හල හමුවුනා. සුපුරුදු පරිදි එයද වසා තිබෙනු දක්නට ලැබුනා. තරමක විඩාවකින් ගත වෙලී තිබුණු නිසා අප එම කඩය අවට සදා තිබූ ලෑලි බංකු මත වාඩි වුනා.
අපි වතුර ටිකක් බීල විඩාව සංසිඳවා ගන්නා අතර තුර ඇතැමෙක් මෙම ස්ථානයෙන් ඉනි කිහිපයක් සපයා ගැනීමට පෙළඹුනා. මම ඉන්නක් ගන්න යනවිට සපයාගත හැකි ඉනි සියල්ල අවසන්ව තිබූ අතර, ඉතිරිව තිබුයේ දිගු බර ඉනි පමණි. නමුත් එම ස්ථානයේ තෙත රෙදි කිහිපයක් වනා තිබෙනු දැක්මෙන් මා වටහා ගත්තේ යමෙකු කඩය තුල රැඳී සිටින බවයි. පුදුමයකට මෙන් පිහියක් රැගත් අයෙක් කඩය තුලින් මතුවුයේ "ඉන්න මම හොඳ ඉන්නක් කපල දෙන්නම්" ලෙස පවසමිනුයි.
කඳු තරණයට ඉන්නක් භාවිතාවට අපි යොමු වුයේ, ඉන්නට වාරුදීම කඳු නැගීම පහසු කරවන අතර, ඉන් තරමක විඩාව සංසිදෙන නිසාවෙනි...
ඔහු ගෙන් ආගිය තොරතුරු විමසූ මා හට ඔහු පැවසුයේ, එළබෙන සිරිපා වන්දනා සමයට ඔහු දැන් තියාම ලක ලෑස්ති වන බවයි. පෙර හමුවූ තේ දළු නෙලමින් සිටි අයද මොහුගේ සගයෙකි.
ඉනි සපයා ගත් අප නැවත ගමන පටන් ගතිමු. තරමක් ගල් සහිත මාර්ගයක ගමන් ගත් අපට ගල් අතරින් ගලා යන දිය පහරක් හමුවිය. අපගේ හිස්ව තිබූ වතුර බෝතල් ගලායන දියපහරින් පුරවාගත් අප ඉදිරියට ඇදුනෙමු.
අවාරයේදී මේ දිය පහර පිරිසිඳු දියෙන් පිරී තිබුනද, සිරිපා සමයේ නම් මෙය මල මුත්‍රා වලින් පිරී තිබෙනු නිසැකය. වාසනාවට අපි අවාරේ සිරිපා කරුණා කරන්නෙමු.
මද දුරක් යන අපට මද අඳුරු වැහිබර ගතියක් පෙනෙන්නට තිබුන හෙයින් වැස්සක සේයාවක් දිස්විය. පාර අයිනේ විදුලි පහන් කණුවක CFL බල්බයක් රඳවා තිබුනද, අඳුරේදී එය නොදැල්වෙන බව හොඳින්ම දැන සිටියෙමු. ඒ මක්නිසාද යත්, විදුලිය විසන්දි කර ඇති නිසාවෙන් හා විදුලි සැපයුම යලි ස්ථාපනය කරනු ලබන්නේ සිරිපා සමය ආරම්භයට දින කිහිපයකට පෙර වීමත් නිසාවෙනි.
මා ඉමහත් වෙහෙසකාරී කඳු නගින්නෙකු බවට පත්ව සිටි අතර, එම හේතුවෙන් මගේ කුඩා ගමන් මල්ලද වෙනත් සගයෙකුට දීමට සිදුවිය.
තවත් 1km පමණ ඇවිද ගිය අපට 3න් වන ගිමන්හල හමුවිය. ඒවනවිට අප හොඳ පදමට විඩාබරව සිටියෙමු.
මගේ බෑගය ඔසවාගත් ලහිරු මල්ලී ජංගම දුරකථනය බාවිතා කරනු දක්නට වූ අතර ඉදිරියේදී ජංගම දුරකථන සංඟා නැතිවන බව අප සිතුවෙමු.
ක්‍රමයෙන් වැහිබර ගතිය වැඩිවෙමින් තිබෙනු දක්නට ලැබිනි.
මහ කැලය මැදින් තවත් කිලෝ මීටරයක් පමණ ගමන්ගත් අපට මේ දියපහර හමුවිය.
මෙවර හමුවූ දිය පහර හමුවන විට අප බොහෝ දුර ඇවිද ගොස් තිබිණි. දෙපා ගිනියම්ව තිබිණි. වතුර දුටු සැනින් මට උපදෙසක් මතක් විය. "ඉතා මහන්සිව සිටින විට ශරීරයේ මාංශ පේශි හරහා ඔක්සිජන් ගමන් කිරීම දුර්වලය. එවිට ඉක්මනින් හති වැටේ. හැකි නම් මුළු සිරුරම සිසිල් දියෙන් තෙමා ගන්න. නැත්නම් අඩුම තරමේ කකුල්වත් තෙම ගන්න. මද වෙලාවකින් විඩාව පහව ගොස් ඔබ යථා තත්වයට පත්වනු ඇත."
මෙම දිය පහරේ වතුර අයිස් කැට වැනිය. නමුත් කිරීමට කිසිත් නැත. අපි වතුරට බස්සෙමු.
අවට පරිසරය ඉතා සුන්දරය. ඒ අතරින් දිය දහරක් ගල් අතරින් ගලා හැලෙනයුරු කාචයේ සිත්තම් විය.
විනාඩි 15ක් පමණ එතැන ගතකල අප නැවත ගමන් ඇරඹීමු. කඳු හෙල් අතරින් යන අප ගමන විඩාබර විය.
මද දුරක් ගිය අප මෙම ස්ථානයට ලඟා වනවිට වෙලාව පස්වරු 12:35 පමණ වී තිබිණි. දිය නෑම අනතුරුදායක බව සටහන් කල පුවරුවක් හා දියපහර ගලා බසිනා ප්‍රදේශයට ඇතුල්වීම සපුරා තහනම් බවට දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශනය විය.
කුඩා දිය පහරක් පසෙකින් ගලා ගියද යොදා තිබූ ආරක්ෂාවේ තරමට හැඟී ගියේ සුවිසල් දිය පහරක් මේ ඔස්සේ ගලන බවක්ය. ඒත් අද මෙතන නොසොල්නම්ය.
මේ වනවිට අප නඩය කොටස් දෙක තුනකට කැඩී ගමන් කරමින් සිටි අතර, මා ගමන් ගත්තේ මැදට වන්නට වූ පිරිසෙහිය.
තවත් ඉහලට යනවිට අපට සමාධි බුදු පිළිමයක් හමුවිය. සුදු පාටින් ඔපවත් කර තිබූ එය අසල මදක් රැඳී සිටීමට අප අමතක නොකළෙමු.
අප සිටි තැනට පසෙකින් මෙම කඳු පෙළ දර්ශනය වූ අතර, එය කාචයේ සිත්තම් කර ගැනීමට මම අමතක නොකලෙමි.
නැවතත් ගමන් ඇරඹු අපට මද වෙලාවකින් හමුවුයේ, ටික දුරකට විහිදී ක්‍රමයෙන් උස්වී ගිය ගල් තලාවකි. අත්වරුවක්ද යාබදව ඉදිකර තිබුනද මාහට එහි ශක්තිවන්ත භාවය ගැන සැකයක් මතුවී තිබිණි. නමුත් අත් වරුවේ පිහිටෙන් තොරව කන්ද තරණය කිරීමටද නොහැකි බව හොඳින්ම පෙනීගොස් තිබිණි. එම නිසා ඉතාමත් පරිස්සමින් අඩිය තබමින්, අත්වාරුවට හා ඉන්නට සිරුර සමබර කරමින් කන්ද නැග්ගෙමු.
පස්වරු 1:15 ට පමණ අපට මෙම ස්ථානයට ලඟ වීමට හැකි වූ අතර, මෙම ස්ථානය කන්දේ සිට පැමිණෙන දිය පහරක හැරවුම් ස්ථානයක් ලෙසින් දිස්විය. කුඩා ජල විදුලි බලාගාරයක් දැයි සැකයක්ද සිතේ නැත්තේම නොමැති විය. ඊට තවත් රුකුල් දෙමින් පහලින් දුටු අනතුරු සහිත දිය පහර යන ප්‍රදේශය මෙහි ප්‍රතිපලයක් බවට මා නිගමනය කලෙමි.
එම ස්ථානයේ ජල කරමයක්ද විය. ඇති පදම් වතුර බිවු අප, බෝතල් වලට වතුරද පුරවාගෙන උඩුගම් බල පිය නැගුවෙමු.
අපට හමුවූ 4වන ගිමන් හල වූ මේ ස්ථානයට ළඟාවන විට පස්වරු 1:23 පමණ වී තිබිණි. මා හට ගෙදරින් ලද දුරකථන පණිවිඩයට පිළිතුරු සැපයූ මා නැවත උඩ මළුවට යනතුරු දුරකථනය විසන්ධි කරන බව පැවසුයේ, දුරකථනය ආරෝපණය කරගැනීමට ස්ථානයක් නැති බවත්, මුහුදු මට්ටමින් ඉහලට යනවිට බැටරි ඉක්මනින් බැසයන බවත් දන්නා නිසාවෙනි.
ගිමන් හලෙන් නික්මී මද දුරක් ගිය අපට තරමක් අනතුරු දායක කඳු තරණයක් හමුවිය. පෙර ලෙසින්ම අත්වාරුවට හා ඉන්නට සිරුර සමබර කරමින් කන්ද තරණය කල අප තව තවත් ඉහලට ඇදුනෙමු.
මෙලෙස කඳු අතරින් ඉදිරියට යන අපට කුඩාවට තිබූ ගින්නක් විශාල ලෙස හිරිහැර කරන්නට විය. ඒ කුස ගින්නය. අප සියලු උත්සාහ දර කෑමට සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් පිය නැගුවද එවැන්නක් පෙනෙන්නට නොතිබුනේය.
තවත් කුස ගින්න ඉවසිය නොහැක වූ තැන අප දිවා ආහාරයට ගෙනා බත් පත ලිහා කෑමට සුදානම් වූයෙමු. ගතවුයේ නිමේෂයකි. අවට ගස් සෙලවෙන හඩක් ඇසෙන්නට වූ අතර ක්‍රමයෙන් එක උස හඬකව ලඟ ලඟම ඇසෙන්නට විය.
වටපිට සෝදිසි කල අපට දැකගත හැකි වූයේ රිලවුන් රැලකි. මොවුන් අප ගමේ ගොඩේ දකිනා මෙන් දෙතුන් දෙනෙක් නොව තිහක පමණ සමුහයකි. එක දෙන්නා දත් විලිස්සමින් අප දෙසට එන්නට ගතවුයේ සුළු වෙලාවකි.
අපට එන පොට හොඳ නැති බව වැටහිණි. වහා බත් පත අකුලා ගත් අප එතැනින් නික්මුනෙමු. අප සියල්ලන්ම එක පොදියක් ලෙස ඉදිරියට ඇදුනෙමු. ඒ රිලවුන් අපට පහරදෙනු වැළැක්වීම පිණිසය. රිලවුන්ද කිලෝමීටරයක් පමණ අප පසුපස එන්නට ඇත. අප බත් පත ඔවුනට නොලැබෙන බව දැනගත් උන් අදහස අත් ඇර ගත් බවක් පෙනිණි. රිලවුන් රැළ අපෙන් ක්‍රමයෙන් දුරස් විය. මේ සිද්දියෙන් පසු අපගේ බඩගින්නද අතුරුදන්ව තිබූ අතර හැකි ඉක්මනින් අඩිය තබා ඉදිරියට ඇදුනෙමු.
එකවරම හාත්පස කරුවල වන්නටත් මද හිරිපොද වැස්සක් පතිත වන්නටත් විය.
නමුත් පොද වැස්ස රුදු වැස්සක් වන්නට ගතවුයේ ඇහි පිය හෙලන තරම් මොහොතකි. අප සියළුදෙනා වැහි කබා ඇඟ ලා ගතිමු. වැස්සනම් නවතින හැඩක් නැත්තේය. අප වැස්සේම ගමන් ඇරඹුවෙමු. බඩගින්නයි, තෙතබරිත හිතලයි තකට තක ලෙස අපව හිරිහැරයට ලක් කරමින් සිටියේය.
තවත් කොලෝ මීටරයක් පමණ යන්නට ඇතැයි මට සිතේ. අප තවත් විශ්‍රාම ශාලාවක් හමුවන්නට විය. මෙය අප ගමනේ අපට හමුවන දෙවන විශ්‍රාම ශාලාවයි.
සීත ගඟුලට යාබදව පිහිටා තිබූ මෙම විශ්‍රාම ශාලාව වෙත අප යනවිට සවස 4 පමණ වී තිබිණි. අපගේ දිවා ආහාරය කෑමට නොහැකි සේ පිළුණු වී තිබිණි. එමනිසා අප රාත්‍රියට ගෙනා පාන් දිවා භෝජනයට ගත්තෙමු. විශ්‍රාම ශාලාව තුල විශාල ගිනිගොඩක් ගැසූ අප, පුළුනු වූ බත් කැලයට විසිකර ඉතිරි වූ බත් කොලය හා කවරය පුළුස්සා දැමුයේ ඒවා පොලිතීන් නිසාවෙන් හා පරිසරයට අවම හානියක් වන අයුරින්ය.
ඇතැමෙක් ගිනිගොඩට අල්ලා තම තෙත බරිත වූ ඇඳුම් වෙලා ගැනීමට උත්සාහ ගත් අතර මම මදක් ඇලවූයේ ගමන් වෙහෙස නිසාමය.
පැයකට පමණ පසු අප නැවත ගමන පටන් ගතිමු.
දැන් ඇත්තේ සීත ගඟුල තරණය කිරීමය. ගල් පේලියක් මතින් ගමන් කිරීමට ඇති අතර අත් වරුවට සිහින් කම්බියක් යොදා තිබිණි. ගල්ද ලිස්සන සුළු ඒව විය. අප සියලු දෙන තනි තනිව ඉතාම සීරුවෙන් එය තරණය කළෙමු. වාසනාවට කිසිවකුටත් අනතුරකින් තොරව හා ලිස්සා යමකින් තොරව ගඟ තරණය කල හැකි විය.
සීත ගඟුල තරණය කල අප නැවතත් අප පා ආවරණ පැළඳ ගමන පිටත් වීමු. අපට දිගටම හමුවුයේ කඳුය. ක්‍රමයෙන් අඳුර දසත වෙලා ගන්නට විය. අප ආතක් පාතක් නොදන්නන් මෙන් කඳු නගිමින් සිටියෙමු. කොපමණ දුරක් ඇවිද්දේ දැයි අපටම නිච්චියක් නැත. වෙලාව පස්වරු 7 පමණය. දසතම කෑලි කපන ඝනදුරකි. අතින් හඬක් ඇසෙන්නට විය. "තැනක් තියනව ඉන්න පුළුවන්", ඒ අපේ නඩයේ අයෙක් බවනම් සක් සුදක් සේ දැන උන්නෙමි.
තවත් කිලෝමීටර බාගයක් පමණ ඇවිදින්නට ඇතැයි සිතමි. අපට උස් තැනක වූ විශ්‍රාම ශාලාවක් දිස් විය. අප සියල්ලම එයට ඇතුළු වූවා පමණි. මහා ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය. එවිට වෙලාව පස්වරු 7:30 ට පමණ වන්නට ඇත.
මෙම විශ්‍රාම ශාලාවද අපට සීත ගඟුල අසනයේදී හමුවූ විශ්‍රාම ශාලාව තරම්ම විශාල විය. කිහිපදෙනෙක් විශ්‍රාම ශාලාව ඇතුලත පිරික්සීමෙන් අනතුරුව අපගේ රාත්‍රිය ගත කිරීමට මෙම ස්ථානය තෝරා ගතිමු.
විශ්‍රාම ශාලාවට ඇතුළුවූ විට දකුණු පසට වන්නට පිහිටි පෙදෙස අපගේ රාත්‍රිය ගත කිරීමට සුදුසු යැයි තෝරාගත් අප ශාලාව මද පිහිටි කණුවක ඉටිපන්දමක් දල්වුයෙමු. ගමන් මළු බිම තබා සපත්තු හා තෙමී ගොස් තිබූ ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඟලා ගතිමු. සීතලට තෙත බරිත මේස් වලින් වැසි තිබූ මගේ කකුල් වළලු කරට පහලින් සුදුමැලිව තිබෙනු මද ඉටිපන්දම් එළියෙන් මා දුටුවෙමි.

අපගේ රාත්‍රී ආහාරය දිවා ආහාරය ලෙසින් සීත ගඟුල අසල පිහිටි විශ්‍රාම ශාලාව තුලදී සපයගත්තද, අප සියළු දෙනා ඉන් කොටසක් රාත්‍රියටද ඉතිරි කරගෙන තිබිණි. සියළුදෙනා එක්ව රාත්‍රී ආහාරය ගෙන, අප තරමක් වෙලා යනතුරු ගමන පිළිඹඳව කතාබහක යෙදී සිටියෙමු.
මග දිගට විටින් විට කූඩලු ප්‍රහාරයන්ට මුහුණදුන් අප, විශ්‍රාම ශාලාව තුලට කූඩැල්ලන් ඒම වැළැක්විය හැක්කේ කෙසේදැයි පිරික්සුවෙමු. ප්‍රධාන දොර වටා ඇතුලතින් ලුණු කුඩු අතුරනයක් දැමූ අප දොරෙන් පිටවන්නන්ට ඇතුලට ඒමට පෙර සුපරික්ෂාකාරී වනලෙස දන්වා සිටියෙමු.
ක්‍රමයෙන් එකා දෙන්නා නින්දට වැටෙද්දී තරමක විවාදයකින් අනතුරුව පසුදින උදෑසන 3:00ට නැවත ගමන් ආරම්භ කිරීමට කතිකා කර ගතිමු.
//--පලමුවන දිනයෙහි අවසානය එසේ සනිටුහන් විය
** දෙවන දිනය (29 නොවැම්බර් 2014)**
වෙලාව පාන්දර 3:00 පමණ වන්නට විය.
ඈතින් මද ගෙරවුම් හඬක් ඇසෙන්නට විය. ක්‍රමයෙන් එය උස් හඬක් බවට පත්වෙමින් තිබුණි. එක වරම මා ගැස්සී අවදි විය. හාත්පසම දුමෙන් වැසී තිබිණි. ඔබ මොබ නොපෙනෙන තරමට දුමෙන් වැසී තිබිණි. මා මේ සිටින්නේ කොහිද..? මා හට එක වරම මතක් වුයේ පෙරදින මා විශ්‍රාම ශාලාවක් තුල නින්දට ගිය බවයි. මා අඳුරේ අත පත ගෑවෙමි. ලඟ පාත කිසිවකුදු නැත. මා මේ දකින්නේ සිහිනයක්ද...? නැත්නම් මා කැලය මැද නින්ද ගිය මොහොතක මගේ සගයන් මග හැරුනිද..? කෑ ගැසීමටත් නොහැකි බව සිතුනේ, ගොරවන හඬක් ඇසුන නිසාවෙනි.
ඉටිපන්දම් එළියක් වැනි මද එළියක් ඈතින් පෙනෙන්නට විය. මා අත වැනුවෙමි. එක් වරම ගොරවන හඬ නැවතුනු අතර යමක් ඉහලට එසවී නැවත බිමට පහත්විය. මා දෙයියන් බුදුන් සිහිකරගත්තේ දිවියෙකු මා අසලට පැමිණ මා ගොදුරු කර ගැනීමට සැරසෙනවාක් මෙන් දැනුන නිසාවෙනි.
මීදුම අතරින් මතුවුයේ මගේ නඩයේ අයෙකි. "කොහෙද බං උඹල ගියේ" මම එලෙස අසද්දී ඔහු පැවසුයේ "කොහේ යන්නද බං" යන්නය. "ගිණි මැලේ නිවිල දුම හැම තැනම පිරිල" මා මිතුරු ලක්මාල් ඈතින් සිට එසේ කෑගැසීය.
හුස්ම ගැනීමට අපහසු ගතියක්ද, ඇස් දැවිල්ල ගතියක් ද මාහට දැනෙන්නට වුයේ එවිටය.
ගමනට ලෑස්ති වූ අප, බඩු මලුද රැගෙන ගමන පිටත්වන විට පෙරවරු 3:30 පමණ වී තිබිණ. ගමන සිදුකරනු ලබන්නේ විදුලි පන්දම් ආලෝකයෙන් වීම නිසාත්, සියළුම සාමාජිකයන්ට විදුලු පන්දම් නොතිබීම නිසාත් අප සමුහ වශයෙන් ඉදිරියෙන් හා පසු පසින් පන්දම් අතැතිව ගමන පිටත් වීමු. සියලු දෙනා සමුහ තුනක් ලෙස ගමන පිටත් වූ අතර ලං ලංව ගමන් කළහ.
ඇතැම් ගල් ශිඛර බඩගාමින්ද ඇතැම් හි ලිස්සමින්ද ගමන්ගත් අප ඒවාහි තිබූ රුදුරු බව මනා ලෙස නොදැක්කෙමු. මන්දයත් අප ගමන් කලේ අඩිය තබන වපසරිය ගැන පමණක් අවධානයෙන් හා කුඩා ආලෝක ධාරාවන්ගෙන් වීමය.
පැයක් පමණ එක දිගට ගමනේ යෙදුනත්, තැන තැන මද වශයෙන් විවේක ගතිමු. උදැසන 4:30 ට පමණ අපට දෙවන දිනයේ පළමු ගිමන් හල හමු විය. දුටු සැනින් ඒ තුල යමෙකු රැඳී සිටින බව පෙනෙන්නට තිබුනෙන්, අප ඒ ගැන සෝදිසි කළෙමු. දිගු බංකු සහ දිගු මේස සහිත කඩයක් වූ එය බත් කඩයක් බවට සැකයක් නොමැති විය. කුරුවිට මාර්ගයත්, රත්නපුර මාර්ගයත් එකට හමුවන ස්ථානයේ මෙම ගිමන් හල ඉදිකර තිබූ අතර, එය එම මාර්ගයන්
අප තැන තැන වාඩි ගතිමු. මා මීට පෙර ශ්‍රීපාදයට කරුණා කර තිබුණු නිසාද, ඉර සේවය දැක තිබුණු නිසාද, ඒ පිළිඹඳ උනන්දුවක් නොවූයෙමි. නමුත් බොහෝදෙනා ශ්‍රී පාදය කරුණා කරන්නෙ ඉර සේවය නැරඹීමත් අරමුණු කරගෙනය. අවාසනාවට මෙවර අප නඩයට එම අවස්ථාව මගහැරිනි, නමුත් ලා හිරුරැස් කඳු ශිඛර සිපගන්න විට මවන චමත්කාර දසුන් අප එසේ ගියේ නම් නොදකින්නෙමු. එය පැහැදිලි කිරීමට වචන නොමැත.
මෙම ස්ථානයෙන් කෝපි බිවු මට එක දිගට සෑහෙන දුරක් එක දිගට නැග්මට තරම් ශක්තියක් ජනිත වීම එක් අතකට පුදුම සහගතය. ගල්වංගෙඩිය නමැති ස්ථානයේ පිහිටා තිබෙන මෙම ගිමන් හලෙහි අප පැයක් පමණ රැඳී සිටියේ මද හිරුරැස් පායනතුරුය.
අප එම ස්ථානයෙන් පිටත් වන විට උදැසන 6 ට පමණ ඇත. ඒ වනවිට කැලෑ පාර අවසන්ව පැහැදිලි අඩි පහක් පමණ පළලින් යුක්ත වූ පඩි පෙළක් දිස් වන්නට විය.
පඩිපෙළ දිගේ ඉහලට යනවිට අප ගමන් ගත් මගට පසෙකින් මනරම් දසුන් දර්ශනය විය.
ගමන් මග එතරම්ම පහසු වුයේ නැත. තැන තැන හැකි හැම විටම නැවතී මදක් හෝ ගිමන් නිවා ගැනීමට උත්සාහ කල අප, රැගෙන ගිය චොකලට් හා ඉතිරිව තිබූ කෙසෙල් ගෙඩි කෑමට ගත්තෙමු.
තවත් මනරම් දසුන් පෙළක් අතරින් අප ඉදිරියට ඇදුනෙමු. තැනින් තැන මද තැනිතලා හමු උවද වැඩි පුරම තිබුනෙ පඩි පෙළවල්ය.
අප ගමනේදී අපගේ ගමන් මගට විරුද්ධව ගමන් කරමින් / පල්ලම් බසිමින් සිටියේ මැදිවියේ පිරිමි අයෙකි. සරමක් හා අත්කොට කමිසයක් හැඳ සිටි ඔහු මේ ප්‍රදේශයට ආගන්තුකයෙක් නොවන බව වැටහුනෙමි. මතකයන් එතරම් පැහැදිලි නැතත්, ඔහු විදුලිබල මණ්ඩලයේ හෝ ජලසම්පාදන මණ්ඩලයේ සේවයේ නියුක්තිකයෙකි. ඔහු මේ යෙදෙන්නේ සුපුරුදු රාජකාරියකය.
අප ශ්‍රී පාදය මළුව පෙනෙන මානයට පැමිණ සිටියෙමු. මීදුම හා වලාවන් අතරින් ඈතින් දිස්වන ශ්‍රී පාද මළුව අප ගමන් මගෙහි ප්‍රධාන කඩයිමකි. වේලාව උදෑසන හත පසුවී විනාඩි විස්සක් පමණ ගතවී තිබිණි.
ඉදිරියෙන් ඇත්තේ මහගිරි දඹයයි.
මහගිරි දඹය වූ කලී සීග්‍ර බෑවුමක ඉදිකරන ලද පඩි පෙළකි. ශ්‍රී පාදය කොයි දෙසින් කරුණා කලද මහගිරි දඹයක් හමුවේ. එය තරණය කල යුතුමය. කළු ගලින් හා සිමෙන්තියෙන් නිමවා ඇති මෙම පඩිපෙළෙහි ඇති විශේෂත්වය වන්නේ, ඒවා කෙටි උස් පඩි වීමයි. ගමනේ තරණයට ඉතා අපහසුම හා වෙහෙසකරම අදියර ලෙස මෙම අදියර හැඳින්වෙන අතර මහගිරි දඹය ලෙස විරුදාවලිය ලබා ඇත්තේද එම නිසාමය. අවාරයේදී නිතර පා පහස නොලබන මෙම පඩි නිතර දිය සෙවල වලින් වැසී තිබෙන අතර, හොඳින් හිරු රැස් පතනයේදී දිය සේවලවල යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර වැසි සමයක පඩි නැගිය නොහැකි තරම් ලිස්සන සුළුය. මෙහි ඇති අනෙක් භයානක කරුණ වන්නේ, එක් පඩියක් ලිස්සා ගියහොත් නවතිනු ලබන්නේ කොතනදැයි සිතා ගැනීමටවත් නොහැකි වීමයි.
මා කිහිපවරක් සිරිපා කරුණා කර ඇත්තෙමි, නමුත් මා හට අවාරයේ සිරිපා තරණයට මහත් ආසාවක් විය. මේ එය මුදුන් පමුණුවාගත් අයුරුයි...
මේ ලිපිය කියවා යමෙක් අවාරයේ සිරිපා ගමන ගැන යම් අවබෝධයක් / අදහසක් ගත්තේනම් එම පිං බලය සමන් දෙවිඳුන්ටත්, මේ ගමනේදී මා හට මහත් පිළිසරණක් වෙමින් දිරි දෙමින් මා පසුපසම සිටිමින් මා රැගෙන ගිය මගේ සියළු මිතුරන්ටත් අනුමෝදන් වෙත්වා...!!!
මේ ගමනට මූලික වුන කාරනාව නම්, මා සේවය කරන කාර්යාලයේ වැඩිදෙනෙකු අවාරයේ සිරිපා වන්දනා කර නොමැති වීමයි. ඉතිං අපි මේ ගමනට කල් තියාම ලක ලෑස්ති වුනා. අපි එක එක්කෙනා ගමනේදී කරන්න තියන වැඩ බෙදා ගත්ත.
අවාරයේ සිරිපා වන්දනාවට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය (අමුද්‍රව්‍ය සැහැල්ලු වන තරමට ගමන පහසුය)
01) සැහැල්ලු වැසි ආවරණ කට්ටලයක් හා හිස් වැස්මක්
02) කූඩැල්ලන් විකර්ෂණය කරන ද්‍රව්‍යක් (ලුණු පොට්ටනිය/ ලුණු කුඩු/ සිද්ධාලේප/ Dettol)
- කූඩැල්ලන්හට ප්‍රාණ බයක් අත්තවුන්හට කූඩැල්ලන් පලවා හරින මේස් බාවිතා කල හැක.
03) අමතර ඇඳුම් කට්ටලයක්
04) සෙරප්පු යුගලක්
05) වතුර බෝතලයක්
06) විදුලි පන්දමක්
07) චොකලට්, ආනමාලු ඇතුළු ඇති තරම් ආහාර (බිස්කට් වර්ග කිහිපයක් හා නූඩ්ල්ස් පැකට්ටුවක්).
08) උණුසුම් පොරවනයක්
09) ගිනිපෙට්ටියක් හෝ ලයිටරයක් (විශ්‍රාම ශාලාවක හැර, කිසිවිටක කැලය තුල ගිනි ගොඩක් නොගසන්න)
10) හැකිනම්, වතුර උණු කිරීමට බාජනයක් (නඩයටම එකක්), කෝප්පයක්, ඉටි කොලයක්.
11) බාජනයක් ගෙනයා හැකිනම්, තේ කොළ හෝ කොපි කුඩු පැකට්ටුවක් හා සීනි පැකට්ටුවක් හෝ අවශ්‍ය ප්‍රමාණයට සමඟ හැන්දක් (නඩයටම එකක්).
සහ
හදිසි ප්‍රතිකාර කට්ටලය (ජලය කාන්දු නොවන බහාලුමක දමා ගන්න)
01) පැනඩෝල් කාඩ් එකක්
02) අමතර සිද්ධාලේප කුප්පියක්
03) අමතර කුඩා Dettol කුප්පියක්
04) ප්ලාස්ටර් කිහිපයක්
05) බැන්ඩේජයක් හා කටුවක්
06) වමනය වැළැක්වීමට අවශ්‍ය පෙති කිහිපයක්
07) හැකිනම්, ලනු කිහිපයක් හා ආරක්‍ෂිත කඹයක්
අපි ගමන සඳහා තෝරගත්තෙ තරමක් දුෂ්කර මාර්ගයක්. තරමක් නෙමෙයි ඒක ඇත්තටම දුෂ්කරයි කියල හිතුනෙ පලවෙනි දවසෙ රෑ තමයි. මේ මාර්ගය වැටිලා තිබුනෙ කුරුවිට-එරත්න හරහා. ගමන යොදාගෙන තිබුනෙ 2014 නොවෙම්බර් 28 ඉඳල 30 වෙනකම්.
**පලමුවන දින (28 නොවැම්බර් 2014)**
අපි 28 වෙනිද කොළඹින් පිටත් වෙනකොට පාන්දර 6 ට විතර ඇති. කෙලින්ම ගියේ කුරුවිටට. කුරුවිටට යනකොට උදේ 10.30 ත් පහුවෙලා.
(අපේ නඩය)
මේ ස්ථානයෙන් තමයි අපේ අය කන්ද නගින්න පටන් ගත්තෙ. කන්ද නගින්න පටන් ගන්න කලින් අපි උදේ කෑමෙන් සප්පායම් උනෙත් මෙතන ඉඳගෙනම තමයි. උදේට කෑවෙ බත්. ඒත් එක්කම පලවන දවසෙ දවල්ට කන්න බත් මුලකුයි රෑට කන්න පාන් මුලකුයි අපි අපේ මලු වලට දමා ගත්ත.
ශ්‍රීපාද වන්දනා සමයට අති විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රීපාද කරුණා කරන මූත්, අවාරයට කරුණා කරන්නෙ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසකි. එයින් එරත්න-කුරුවුට මාර්ගය තොරගන්නෙකු නැති තරම්ය.
එයට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු කිහිපයක් පහතින් දැක්වේ,
1) නිතර පවතින මද වැසි හා තද වැසි.2) රාත්‍රියට වීදි ආලෝකය නොමැති වීම
3) මාර්ගය හරහා ගස් කඩා වැටීම / ගල් පෙරලීම ආදියෙන් මාර්ගය අවහිරව තිබීම
4) මඩ සහිත පස නිසා කඳු බෑවුම්හි ලිස්සිමේ වැඩි ප්‍රවනතාවයක් පෙන්වීම.
5) කූඩැල්ලන් ගහනය අධික වීම
6) කාන්සිය නිවාගැනීමට හා ආහාර ගැනීමට කඩ නොමැති වීම.
7) උඩ මළුව වසා තිබීම.
අප පෙර සුදානම්ව ගිය නිසා, මේවා එතරම් ගැටළු නොවිය...
මේ තමයි අපිට මුලින්ම හම්බවුන පාලම.
ඒ පාලමෙන් එගොඩ උන අපට හම්බුනේ ගිමන් හලක්, නැත්නම් තේ කඩයක්, නමුත් එය වසා තිබෙනු දක්නට ලැබුනා. එහි නම විදිහට සටහන්ව තිබුනේ "ශ්‍රීපා කළුදොදොල්" යන්නයි. පාලුවට ගොස් තිබුන මේ කඩේ ඇතුලෙ කවුරු හිටියද නැද්ද කියල අපි උනන්දු උනේ නැත්තේ අපිට එතරම් කාන්සියක් නොතිබූ නිසාවෙනි.
මේ කඩේ පහුකරපු අපි තවත් පාලමකින් එගොඩ වෙලා කැලෑවැදුන. පාලමට උඩින් තියන ලොකු බට වතුර බටද නැත්නම් විදුලි රැහැන් රැගෙන යන බටදැයි අවබෝධයක් අපට තිබුනේ නැහැ.
ක්‍රමයෙන් ඇවිදගෙන ගිය අපට හම්බවුනේ තරමක් දුරට විහිද ගිය පඩි පෙළක්.
කැලෑව අතරින් වැටී තිබූ මේ පඩිපෙළ තරණය කරන අපිට පොඩි තේ වත්තක් හම්බවුනා. අපට ගමනේ හම්බවුන පළමු මිනිස් පුළුට ලෙස සටහන් තබමින් මැදිවිය ඉක්මවූ අයෙක් දළු නෙලමින් සිටියා.
මොහු පසුකර ගිය අපට ගමනේ දෙවන ගිමන් හල හමුවුනා. සුපුරුදු පරිදි එයද වසා තිබෙනු දක්නට ලැබුනා. තරමක විඩාවකින් ගත වෙලී තිබුණු නිසා අප එම කඩය අවට සදා තිබූ ලෑලි බංකු මත වාඩි වුනා.
අපි වතුර ටිකක් බීල විඩාව සංසිඳවා ගන්නා අතර තුර ඇතැමෙක් මෙම ස්ථානයෙන් ඉනි කිහිපයක් සපයා ගැනීමට පෙළඹුනා. මම ඉන්නක් ගන්න යනවිට සපයාගත හැකි ඉනි සියල්ල අවසන්ව තිබූ අතර, ඉතිරිව තිබුයේ දිගු බර ඉනි පමණි. නමුත් එම ස්ථානයේ තෙත රෙදි කිහිපයක් වනා තිබෙනු දැක්මෙන් මා වටහා ගත්තේ යමෙකු කඩය තුල රැඳී සිටින බවයි. පුදුමයකට මෙන් පිහියක් රැගත් අයෙක් කඩය තුලින් මතුවුයේ "ඉන්න මම හොඳ ඉන්නක් කපල දෙන්නම්" ලෙස පවසමිනුයි.
කඳු තරණයට ඉන්නක් භාවිතාවට අපි යොමු වුයේ, ඉන්නට වාරුදීම කඳු නැගීම පහසු කරවන අතර, ඉන් තරමක විඩාව සංසිදෙන නිසාවෙනි...
ඔහු ගෙන් ආගිය තොරතුරු විමසූ මා හට ඔහු පැවසුයේ, එළබෙන සිරිපා වන්දනා සමයට ඔහු දැන් තියාම ලක ලෑස්ති වන බවයි. පෙර හමුවූ තේ දළු නෙලමින් සිටි අයද මොහුගේ සගයෙකි.
ඉනි සපයා ගත් අප නැවත ගමන පටන් ගතිමු. තරමක් ගල් සහිත මාර්ගයක ගමන් ගත් අපට ගල් අතරින් ගලා යන දිය පහරක් හමුවිය. අපගේ හිස්ව තිබූ වතුර බෝතල් ගලායන දියපහරින් පුරවාගත් අප ඉදිරියට ඇදුනෙමු.
අවාරයේදී මේ දිය පහර පිරිසිඳු දියෙන් පිරී තිබුනද, සිරිපා සමයේ නම් මෙය මල මුත්‍රා වලින් පිරී තිබෙනු නිසැකය. වාසනාවට අපි අවාරේ සිරිපා කරුණා කරන්නෙමු.
අවාසනාවට මෙන් මගේ ගමන් මල්ල මා හට මහත් වෙහෙසක් ගෙන දෙමින් තිබිණි. එය තවදුරටත් ඔසවාගෙන යා නොහැකි තැනට මා පත්ව සිටියෙමි. කරකියා ගතහැකි කිසිත් නොමැතිව අතරමංව සිටි මට පිහිටට පැමිණියේ මා මිතුරු ලහිරු මල්ලිය. මගේ ගමන් මල්ල එල්ලාගත් ඔහු, ඔහුගේ කුඩා මල්ල මට ලබා දුන්නේය.
නැවතත් ගමන් ඇරඹු අපට වම් පසින් දැක ගත හැකි වුයේ රත්‍රන් පාටින් දිස්වූ චෛත්‍යකි. එහි නම හරියටම නොදැන සිටියද එය අප සැමට මනරම් දසුනක් විය.
මද දුරක් යන අපට මද අඳුරු වැහිබර ගතියක් පෙනෙන්නට තිබුන හෙයින් වැස්සක සේයාවක් දිස්විය. පාර අයිනේ විදුලි පහන් කණුවක CFL බල්බයක් රඳවා තිබුනද, අඳුරේදී එය නොදැල්වෙන බව හොඳින්ම දැන සිටියෙමු. ඒ මක්නිසාද යත්, විදුලිය විසන්දි කර ඇති නිසාවෙන් හා විදුලි සැපයුම යලි ස්ථාපනය කරනු ලබන්නේ සිරිපා සමය ආරම්භයට දින කිහිපයකට පෙර වීමත් නිසාවෙනි.
මා ඉමහත් වෙහෙසකාරී කඳු නගින්නෙකු බවට පත්ව සිටි අතර, එම හේතුවෙන් මගේ කුඩා ගමන් මල්ලද වෙනත් සගයෙකුට දීමට සිදුවිය.
තවත් 1km පමණ ඇවිද ගිය අපට 3න් වන ගිමන්හල හමුවිය. ඒවනවිට අප හොඳ පදමට විඩාබරව සිටියෙමු.
මගේ බෑගය ඔසවාගත් ලහිරු මල්ලී ජංගම දුරකථනය බාවිතා කරනු දක්නට වූ අතර ඉදිරියේදී ජංගම දුරකථන සංඟා නැතිවන බව අප සිතුවෙමු.
ක්‍රමයෙන් වැහිබර ගතිය වැඩිවෙමින් තිබෙනු දක්නට ලැබිනි.
අප පැමිණි 3න් වන ගිමන් හලෙහි "බෙලි මල් බොමු, ගොටු කොළ බොමු" වැනි පුවරු දක්නට වුවත් එහි එවැනි දෑ නොවුයේ අවාරය නිසාවෙනි. බිමට තිබුයේ අප ගෙනගිය වතුරම පමණකි.
එම ගිමන් හලෙන්ද නික්මුණ අපට තැන්නෙන් අඩි එකහමාරක් පමණ යටට හැරී ගිය අඩි 3ක් පමණ පළල ගුරු පාරක් හමුවිය. කාලාන්තරයක් තිස්සේ ඛාදනය වීමෙන් මෙම පාර සෑදෙන්නට ඇතැයි සිතිය හැක. වැසි සමයේ තද දිය පහරක් මේ ඔස්සේ යන බවට සාධක වූ අතර, එම විට මෙහි ගමන් කිරීම දැඩි සේ අසීරු වියහැකි බව පෙනෙන්නට විය.
මද දුරක් ගමන්කළ අපට නැවතත් දිය පහරක පහස ලබන්නට හැක්විය. මේ දිය පහරින් අප අපගේ කාන්සිය මදක් දුරුකරගත් අතර ඇතැමෙක් දියපහරින්ම් දිය බීමට තරම් උත්සුකවුයේ එම දියපහර එතරම්ම පිරිසිඳු හා සිහිලැල් වූ නිසාවෙනි.
එම දියපහරද පසුකර ඉදිරියට ඇදුනු අපට අප ගමනේ හමුවන පළමු විශ්‍රාම ශාලාව හමුවිය. නමින් "ජම්බෝල ගහයට ප්‍රධාන නැවතුම්පල" වන මෙය පිහිටුවා තිබෙනුයේ 1946 යේ තරම් ඈත යුගයකය. තරමක් දිරාපත් වූ ටකරන් වහලක් හා පෙනුමෙන් වරිච්චි බිත්ති මත නිමවා තිබූ මේ විශ්‍රාම ශාලාව පනහකට (50) පමණ එකවර සෙවණ සැදීමට හැකි ලෙස නිමවා තිබෙනු දැකිය හැකි විය. ආරම්භයේදී මෙය ගොඩනැගීමට ආධාර උපකාර කල අයගේ නම් ආධාර මුදලද සමඟ එහි ඉදිරිපස බිත්තියේ සටහන්කර තිබූ අතර මෑතක සවිකළ පුවරුවක්ද ඊට පසෙකින් විය.
මෑතකදී සවිකළ පුවරුව මෙසේ දිස්විය.
මිනිත්තු 15ක් පමණ එහි ගතකල අප එයින්ද නික්මුනේ තවත් බොහෝදුර යාමට ඇති නිසාවෙනි.
මහ කැලය මැදින් තවත් කිලෝ මීටරයක් පමණ ගමන්ගත් අපට මේ දියපහර හමුවිය.
එම දිය පහරින්ද මදක් විඩාව නිවාගත් අප නැවතත් ඉදිරියට ඇදුනෙමු. මාර්ගය හරහා නොයෙක් ගස් කොළන් වැටී තිබිණි. අප ඒ හැම තරණය කළෙමු.
මෙවර හමුවූ දිය පහර හමුවන විට අප බොහෝ දුර ඇවිද ගොස් තිබිණි. දෙපා ගිනියම්ව තිබිණි. වතුර දුටු සැනින් මට උපදෙසක් මතක් විය. "ඉතා මහන්සිව සිටින විට ශරීරයේ මාංශ පේශි හරහා ඔක්සිජන් ගමන් කිරීම දුර්වලය. එවිට ඉක්මනින් හති වැටේ. හැකි නම් මුළු සිරුරම සිසිල් දියෙන් තෙමා ගන්න. නැත්නම් අඩුම තරමේ කකුල්වත් තෙම ගන්න. මද වෙලාවකින් විඩාව පහව ගොස් ඔබ යථා තත්වයට පත්වනු ඇත."
මෙම දිය පහරේ වතුර අයිස් කැට වැනිය. නමුත් කිරීමට කිසිත් නැත. අපි වතුරට බස්සෙමු.
අවට පරිසරය ඉතා සුන්දරය. ඒ අතරින් දිය දහරක් ගල් අතරින් ගලා හැලෙනයුරු කාචයේ සිත්තම් විය.
විනාඩි 15ක් පමණ එතැන ගතකල අප නැවත ගමන් ඇරඹීමු. කඳු හෙල් අතරින් යන අප ගමන විඩාබර විය.
මද දුරක් ගිය අප මෙම ස්ථානයට ලඟා වනවිට වෙලාව පස්වරු 12:35 පමණ වී තිබිණි. දිය නෑම අනතුරුදායක බව සටහන් කල පුවරුවක් හා දියපහර ගලා බසිනා ප්‍රදේශයට ඇතුල්වීම සපුරා තහනම් බවට දැක්වෙන පුවරුවක් ප්‍රදර්ශනය විය.
කුඩා දිය පහරක් පසෙකින් ගලා ගියද යොදා තිබූ ආරක්ෂාවේ තරමට හැඟී ගියේ සුවිසල් දිය පහරක් මේ ඔස්සේ ගලන බවක්ය. ඒත් අද මෙතන නොසොල්නම්ය.
දිය පහරට දකුණු පසින් අපට නගින්නට තිබූ ගල් පේලිය ලිස්සන සුළුය, භයංකාරය. අප සීරුවෙන් එය තරණය කළෙමු.
මේ වනවිට අප නඩය කොටස් දෙක තුනකට කැඩී ගමන් කරමින් සිටි අතර, මා ගමන් ගත්තේ මැදට වන්නට වූ පිරිසෙහිය.
තවත් ඉහලට යනවිට අපට සමාධි බුදු පිළිමයක් හමුවිය. සුදු පාටින් ඔපවත් කර තිබූ එය අසල මදක් රැඳී සිටීමට අප අමතක නොකළෙමු.
අප සිටි තැනට පසෙකින් මෙම කඳු පෙළ දර්ශනය වූ අතර, එය කාචයේ සිත්තම් කර ගැනීමට මම අමතක නොකලෙමි.
නැවතත් ගමන් ඇරඹු අපට මද වෙලාවකින් හමුවුයේ, ටික දුරකට විහිදී ක්‍රමයෙන් උස්වී ගිය ගල් තලාවකි. අත්වරුවක්ද යාබදව ඉදිකර තිබුනද මාහට එහි ශක්තිවන්ත භාවය ගැන සැකයක් මතුවී තිබිණි. නමුත් අත් වරුවේ පිහිටෙන් තොරව කන්ද තරණය කිරීමටද නොහැකි බව හොඳින්ම පෙනීගොස් තිබිණි. එම නිසා ඉතාමත් පරිස්සමින් අඩිය තබමින්, අත්වාරුවට හා ඉන්නට සිරුර සමබර කරමින් කන්ද නැග්ගෙමු.
පස්වරු 1:15 ට පමණ අපට මෙම ස්ථානයට ලඟ වීමට හැකි වූ අතර, මෙම ස්ථානය කන්දේ සිට පැමිණෙන දිය පහරක හැරවුම් ස්ථානයක් ලෙසින් දිස්විය. කුඩා ජල විදුලි බලාගාරයක් දැයි සැකයක්ද සිතේ නැත්තේම නොමැති විය. ඊට තවත් රුකුල් දෙමින් පහලින් දුටු අනතුරු සහිත දිය පහර යන ප්‍රදේශය මෙහි ප්‍රතිපලයක් බවට මා නිගමනය කලෙමි.
අපට හමුවූ 4වන ගිමන් හල වූ මේ ස්ථානයට ළඟාවන විට පස්වරු 1:23 පමණ වී තිබිණි. මා හට ගෙදරින් ලද දුරකථන පණිවිඩයට පිළිතුරු සැපයූ මා නැවත උඩ මළුවට යනතුරු දුරකථනය විසන්ධි කරන බව පැවසුයේ, දුරකථනය ආරෝපණය කරගැනීමට ස්ථානයක් නැති බවත්, මුහුදු මට්ටමින් ඉහලට යනවිට බැටරි ඉක්මනින් බැසයන බවත් දන්නා නිසාවෙනි.
ගිමන් හලෙන් නික්මී මද දුරක් ගිය අපට තරමක් අනතුරු දායක කඳු තරණයක් හමුවිය. පෙර ලෙසින්ම අත්වාරුවට හා ඉන්නට සිරුර සමබර කරමින් කන්ද තරණය කල අප තව තවත් ඉහලට ඇදුනෙමු.
මෙලෙස කඳු අතරින් ඉදිරියට යන අපට කුඩාවට තිබූ ගින්නක් විශාල ලෙස හිරිහැර කරන්නට විය. ඒ කුස ගින්නය. අප සියලු උත්සාහ දර කෑමට සුදුසු ස්ථානයක් ලැබෙන තෙක් පිය නැගුවද එවැන්නක් පෙනෙන්නට නොතිබුනේය.
තවත් කුස ගින්න ඉවසිය නොහැක වූ තැන අප දිවා ආහාරයට ගෙනා බත් පත ලිහා කෑමට සුදානම් වූයෙමු. ගතවුයේ නිමේෂයකි. අවට ගස් සෙලවෙන හඩක් ඇසෙන්නට වූ අතර ක්‍රමයෙන් එක උස හඬකව ලඟ ලඟම ඇසෙන්නට විය.
වටපිට සෝදිසි කල අපට දැකගත හැකි වූයේ රිලවුන් රැලකි. මොවුන් අප ගමේ ගොඩේ දකිනා මෙන් දෙතුන් දෙනෙක් නොව තිහක පමණ සමුහයකි. එක දෙන්නා දත් විලිස්සමින් අප දෙසට එන්නට ගතවුයේ සුළු වෙලාවකි.
අපට එන පොට හොඳ නැති බව වැටහිණි. වහා බත් පත අකුලා ගත් අප එතැනින් නික්මුනෙමු. අප සියල්ලන්ම එක පොදියක් ලෙස ඉදිරියට ඇදුනෙමු. ඒ රිලවුන් අපට පහරදෙනු වැළැක්වීම පිණිසය. රිලවුන්ද කිලෝමීටරයක් පමණ අප පසුපස එන්නට ඇත. අප බත් පත ඔවුනට නොලැබෙන බව දැනගත් උන් අදහස අත් ඇර ගත් බවක් පෙනිණි. රිලවුන් රැළ අපෙන් ක්‍රමයෙන් දුරස් විය. මේ සිද්දියෙන් පසු අපගේ බඩගින්නද අතුරුදන්ව තිබූ අතර හැකි ඉක්මනින් අඩිය තබා ඉදිරියට ඇදුනෙමු.
එකවරම හාත්පස කරුවල වන්නටත් මද හිරිපොද වැස්සක් පතිත වන්නටත් විය.
නමුත් පොද වැස්ස රුදු වැස්සක් වන්නට ගතවුයේ ඇහි පිය හෙලන තරම් මොහොතකි. අප සියළුදෙනා වැහි කබා ඇඟ ලා ගතිමු. වැස්සනම් නවතින හැඩක් නැත්තේය. අප වැස්සේම ගමන් ඇරඹුවෙමු. බඩගින්නයි, තෙතබරිත හිතලයි තකට තක ලෙස අපව හිරිහැරයට ලක් කරමින් සිටියේය.
තවත් කොලෝ මීටරයක් පමණ යන්නට ඇතැයි මට සිතේ. අප තවත් විශ්‍රාම ශාලාවක් හමුවන්නට විය. මෙය අප ගමනේ අපට හමුවන දෙවන විශ්‍රාම ශාලාවයි.
සීත ගඟුලට යාබදව පිහිටා තිබූ මෙම විශ්‍රාම ශාලාව වෙත අප යනවිට සවස 4 පමණ වී තිබිණි. අපගේ දිවා ආහාරය කෑමට නොහැකි සේ පිළුණු වී තිබිණි. එමනිසා අප රාත්‍රියට ගෙනා පාන් දිවා භෝජනයට ගත්තෙමු. විශ්‍රාම ශාලාව තුල විශාල ගිනිගොඩක් ගැසූ අප, පුළුනු වූ බත් කැලයට විසිකර ඉතිරි වූ බත් කොලය හා කවරය පුළුස්සා දැමුයේ ඒවා පොලිතීන් නිසාවෙන් හා පරිසරයට අවම හානියක් වන අයුරින්ය.
ඇතැමෙක් ගිනිගොඩට අල්ලා තම තෙත බරිත වූ ඇඳුම් වෙලා ගැනීමට උත්සාහ ගත් අතර මම මදක් ඇලවූයේ ගමන් වෙහෙස නිසාමය.
පැයකට පමණ පසු අප නැවත ගමන පටන් ගතිමු.
දැන් ඇත්තේ සීත ගඟුල තරණය කිරීමය. ගල් පේලියක් මතින් ගමන් කිරීමට ඇති අතර අත් වරුවට සිහින් කම්බියක් යොදා තිබිණි. ගල්ද ලිස්සන සුළු ඒව විය. අප සියලු දෙන තනි තනිව ඉතාම සීරුවෙන් එය තරණය කළෙමු. වාසනාවට කිසිවකුටත් අනතුරකින් තොරව හා ලිස්සා යමකින් තොරව ගඟ තරණය කල හැකි විය.
සීත ගඟුල තරණය කල අප නැවතත් අප පා ආවරණ පැළඳ ගමන පිටත් වීමු. අපට දිගටම හමුවුයේ කඳුය. ක්‍රමයෙන් අඳුර දසත වෙලා ගන්නට විය. අප ආතක් පාතක් නොදන්නන් මෙන් කඳු නගිමින් සිටියෙමු. කොපමණ දුරක් ඇවිද්දේ දැයි අපටම නිච්චියක් නැත. වෙලාව පස්වරු 7 පමණය. දසතම කෑලි කපන ඝනදුරකි. අතින් හඬක් ඇසෙන්නට විය. "තැනක් තියනව ඉන්න පුළුවන්", ඒ අපේ නඩයේ අයෙක් බවනම් සක් සුදක් සේ දැන උන්නෙමි.
තවත් කිලෝමීටර බාගයක් පමණ ඇවිදින්නට ඇතැයි සිතමි. අපට උස් තැනක වූ විශ්‍රාම ශාලාවක් දිස් විය. අප සියල්ලම එයට ඇතුළු වූවා පමණි. මහා ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය. එවිට වෙලාව පස්වරු 7:30 ට පමණ වන්නට ඇත.
මෙම විශ්‍රාම ශාලාවද අපට සීත ගඟුල අසනයේදී හමුවූ විශ්‍රාම ශාලාව තරම්ම විශාල විය. කිහිපදෙනෙක් විශ්‍රාම ශාලාව ඇතුලත පිරික්සීමෙන් අනතුරුව අපගේ රාත්‍රිය ගත කිරීමට මෙම ස්ථානය තෝරා ගතිමු.
විශ්‍රාම ශාලාවට ඇතුළුවූ විට දකුණු පසට වන්නට පිහිටි පෙදෙස අපගේ රාත්‍රිය ගත කිරීමට සුදුසු යැයි තෝරාගත් අප ශාලාව මද පිහිටි කණුවක ඉටිපන්දමක් දල්වුයෙමු. ගමන් මළු බිම තබා සපත්තු හා තෙමී ගොස් තිබූ ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඟලා ගතිමු. සීතලට තෙත බරිත මේස් වලින් වැසි තිබූ මගේ කකුල් වළලු කරට පහලින් සුදුමැලිව තිබෙනු මද ඉටිපන්දම් එළියෙන් මා දුටුවෙමි.
කකුල් වල යටි පතුලේත් දණහිසට පහල කොටසේත් දණහිසට ඉහල කොටසේත් සිද්ධාලේප ගා හොඳින් සම්භාහනය කරගත් මම දිගු කලිසමක් හැඳ මේස් යුගලයක්ද පැළඳ වටපිට සක්මන් කර බැලුවෙමි.

විශ්‍රාම ශාලාව ඇතුලත වුයේ දැඩි සිතලකි. ගමන් විඩාව හා සිරුර උණුසුම්ව පැවතීම නිසා සිතල දැඩිව දැනෙන්නට ඇතැයි සිතමි.
ගිනිමැලයක් ගැසීමට ප්‍රමාණවත් දර විශ්‍රාම ශාලාව තුලම තිබූ නිසා අප භූමිතෙල් ස්වල්පයක් ද දමා ගිනිමැලය ඇව්ළුයෙමු. සෑහීමකට පත්වන ලෙස ගිනි දැල්වීමට යම් කාලයක් ගතවූ හෙයින් ඒ අතරතුර රාත්‍රියේ ආහාරයට යමක් ඇත්දැයි පිරික්සුවෙමු.
අපගේ රාත්‍රී ආහාරය දිවා ආහාරය ලෙසින් සීත ගඟුල අසල පිහිටි විශ්‍රාම ශාලාව තුලදී සපයගත්තද, අප සියළු දෙනා ඉන් කොටසක් රාත්‍රියටද ඉතිරි කරගෙන තිබිණි. සියළුදෙනා එක්ව රාත්‍රී ආහාරය ගෙන, අප තරමක් වෙලා යනතුරු ගමන පිළිඹඳව කතාබහක යෙදී සිටියෙමු.
මග දිගට විටින් විට කූඩලු ප්‍රහාරයන්ට මුහුණදුන් අප, විශ්‍රාම ශාලාව තුලට කූඩැල්ලන් ඒම වැළැක්විය හැක්කේ කෙසේදැයි පිරික්සුවෙමු. ප්‍රධාන දොර වටා ඇතුලතින් ලුණු කුඩු අතුරනයක් දැමූ අප දොරෙන් පිටවන්නන්ට ඇතුලට ඒමට පෙර සුපරික්ෂාකාරී වනලෙස දන්වා සිටියෙමු.
ක්‍රමයෙන් එකා දෙන්නා නින්දට වැටෙද්දී තරමක විවාදයකින් අනතුරුව පසුදින උදෑසන 3:00ට නැවත ගමන් ආරම්භ කිරීමට කතිකා කර ගතිමු.
අප සියළුදෙනා නින්දට වැටුණි.
//--පලමුවන දිනයෙහි අවසානය එසේ සනිටුහන් විය
** දෙවන දිනය (29 නොවැම්බර් 2014)**
වෙලාව පාන්දර 3:00 පමණ වන්නට විය.
ඈතින් මද ගෙරවුම් හඬක් ඇසෙන්නට විය. ක්‍රමයෙන් එය උස් හඬක් බවට පත්වෙමින් තිබුණි. එක වරම මා ගැස්සී අවදි විය. හාත්පසම දුමෙන් වැසී තිබිණි. ඔබ මොබ නොපෙනෙන තරමට දුමෙන් වැසී තිබිණි. මා මේ සිටින්නේ කොහිද..? මා හට එක වරම මතක් වුයේ පෙරදින මා විශ්‍රාම ශාලාවක් තුල නින්දට ගිය බවයි. මා අඳුරේ අත පත ගෑවෙමි. ලඟ පාත කිසිවකුදු නැත. මා මේ දකින්නේ සිහිනයක්ද...? නැත්නම් මා කැලය මැද නින්ද ගිය මොහොතක මගේ සගයන් මග හැරුනිද..? කෑ ගැසීමටත් නොහැකි බව සිතුනේ, ගොරවන හඬක් ඇසුන නිසාවෙනි.
ඉටිපන්දම් එළියක් වැනි මද එළියක් ඈතින් පෙනෙන්නට විය. මා අත වැනුවෙමි. එක් වරම ගොරවන හඬ නැවතුනු අතර යමක් ඉහලට එසවී නැවත බිමට පහත්විය. මා දෙයියන් බුදුන් සිහිකරගත්තේ දිවියෙකු මා අසලට පැමිණ මා ගොදුරු කර ගැනීමට සැරසෙනවාක් මෙන් දැනුන නිසාවෙනි.
මීදුම අතරින් මතුවුයේ මගේ නඩයේ අයෙකි. "කොහෙද බං උඹල ගියේ" මම එලෙස අසද්දී ඔහු පැවසුයේ "කොහේ යන්නද බං" යන්නය. "ගිණි මැලේ නිවිල දුම හැම තැනම පිරිල" මා මිතුරු ලක්මාල් ඈතින් සිට එසේ කෑගැසීය.
හුස්ම ගැනීමට අපහසු ගතියක්ද, ඇස් දැවිල්ල ගතියක් ද මාහට දැනෙන්නට වුයේ එවිටය.
ගමනට ලෑස්ති වූ අප, බඩු මලුද රැගෙන ගමන පිටත්වන විට පෙරවරු 3:30 පමණ වී තිබිණ. ගමන සිදුකරනු ලබන්නේ විදුලි පන්දම් ආලෝකයෙන් වීම නිසාත්, සියළුම සාමාජිකයන්ට විදුලු පන්දම් නොතිබීම නිසාත් අප සමුහ වශයෙන් ඉදිරියෙන් හා පසු පසින් පන්දම් අතැතිව ගමන පිටත් වීමු. සියලු දෙනා සමුහ තුනක් ලෙස ගමන පිටත් වූ අතර ලං ලංව ගමන් කළහ.
ඇතැම් ගල් ශිඛර බඩගාමින්ද ඇතැම් හි ලිස්සමින්ද ගමන්ගත් අප ඒවාහි තිබූ රුදුරු බව මනා ලෙස නොදැක්කෙමු. මන්දයත් අප ගමන් කලේ අඩිය තබන වපසරිය ගැන පමණක් අවධානයෙන් හා කුඩා ආලෝක ධාරාවන්ගෙන් වීමය.
පැයක් පමණ එක දිගට ගමනේ යෙදුනත්, තැන තැන මද වශයෙන් විවේක ගතිමු. උදැසන 4:30 ට පමණ අපට දෙවන දිනයේ පළමු ගිමන් හල හමු විය. දුටු සැනින් ඒ තුල යමෙකු රැඳී සිටින බව පෙනෙන්නට තිබුනෙන්, අප ඒ ගැන සෝදිසි කළෙමු. දිගු බංකු සහ දිගු මේස සහිත කඩයක් වූ එය බත් කඩයක් බවට සැකයක් නොමැති විය. කුරුවිට මාර්ගයත්, රත්නපුර මාර්ගයත් එකට හමුවන ස්ථානයේ මෙම ගිමන් හල ඉදිකර තිබූ අතර, එය එම මාර්ගයන්
අප තැන තැන වාඩි ගතිමු. මා මීට පෙර ශ්‍රීපාදයට කරුණා කර තිබුණු නිසාද, ඉර සේවය දැක තිබුණු නිසාද, ඒ පිළිඹඳ උනන්දුවක් නොවූයෙමි. නමුත් බොහෝදෙනා ශ්‍රී පාදය කරුණා කරන්නෙ ඉර සේවය නැරඹීමත් අරමුණු කරගෙනය. අවාසනාවට මෙවර අප නඩයට එම අවස්ථාව මගහැරිනි, නමුත් ලා හිරුරැස් කඳු ශිඛර සිපගන්න විට මවන චමත්කාර දසුන් අප එසේ ගියේ නම් නොදකින්නෙමු. එය පැහැදිලි කිරීමට වචන නොමැත.
මෙම ස්ථානයෙන් කෝපි බිවු මට එක දිගට සෑහෙන දුරක් එක දිගට නැග්මට තරම් ශක්තියක් ජනිත වීම එක් අතකට පුදුම සහගතය. ගල්වංගෙඩිය නමැති ස්ථානයේ පිහිටා තිබෙන මෙම ගිමන් හලෙහි අප පැයක් පමණ රැඳී සිටියේ මද හිරුරැස් පායනතුරුය.
අප එම ස්ථානයෙන් පිටත් වන විට උදැසන 6 ට පමණ ඇත. ඒ වනවිට කැලෑ පාර අවසන්ව පැහැදිලි අඩි පහක් පමණ පළලින් යුක්ත වූ පඩි පෙළක් දිස් වන්නට විය.
පඩිපෙළ දිගේ ඉහලට යනවිට අප ගමන් ගත් මගට පසෙකින් මනරම් දසුන් දර්ශනය විය.
ගමන් මග එතරම්ම පහසු වුයේ නැත. තැන තැන හැකි හැම විටම නැවතී මදක් හෝ ගිමන් නිවා ගැනීමට උත්සාහ කල අප, රැගෙන ගිය චොකලට් හා ඉතිරිව තිබූ කෙසෙල් ගෙඩි කෑමට ගත්තෙමු.
තවත් මනරම් දසුන් පෙළක් අතරින් අප ඉදිරියට ඇදුනෙමු. තැනින් තැන මද තැනිතලා හමු උවද වැඩි පුරම තිබුනෙ පඩි පෙළවල්ය.
ඉන්පසු හමුවුයේ එකම පඩි පෙළකි. ඉලිප්සාකාර ලෙස පිහිටා තිබූ එම පඩි පෙළවල් එක දිගට නැග්මෙන් යුක්ත විය.
තවත් මනරම් දසුන් විඳිමින් අප ඉහලට ඇදුනෙමු.
අප ගමනේදී අපගේ ගමන් මගට විරුද්ධව ගමන් කරමින් / පල්ලම් බසිමින් සිටියේ මැදිවියේ පිරිමි අයෙකි. සරමක් හා අත්කොට කමිසයක් හැඳ සිටි ඔහු මේ ප්‍රදේශයට ආගන්තුකයෙක් නොවන බව වැටහුනෙමි. මතකයන් එතරම් පැහැදිලි නැතත්, ඔහු විදුලිබල මණ්ඩලයේ හෝ ජලසම්පාදන මණ්ඩලයේ සේවයේ නියුක්තිකයෙකි. ඔහු මේ යෙදෙන්නේ සුපුරුදු රාජකාරියකය.
මහගිරි දඹය වූ කලී සීග්‍ර බෑවුමක ඉදිකරන ලද පඩි පෙළකි. ශ්‍රී පාදය කොයි දෙසින් කරුණා කලද මහගිරි දඹයක් හමුවේ. එය තරණය කල යුතුමය. කළු ගලින් හා සිමෙන්තියෙන් නිමවා ඇති මෙම පඩිපෙළෙහි ඇති විශේෂත්වය වන්නේ, ඒවා කෙටි උස් පඩි වීමයි. ගමනේ තරණයට ඉතා අපහසුම හා වෙහෙසකරම අදියර ලෙස මෙම අදියර හැඳින්වෙන අතර මහගිරි දඹය ලෙස විරුදාවලිය ලබා ඇත්තේද එම නිසාමය. අවාරයේදී නිතර පා පහස නොලබන මෙම පඩි නිතර දිය සෙවල වලින් වැසී තිබෙන අතර, හොඳින් හිරු රැස් පතනයේදී දිය සේවලවල යම් අඩුවීමක් පෙන්නුම් කරන අතර වැසි සමයක පඩි නැගිය නොහැකි තරම් ලිස්සන සුළුය. මෙහි ඇති අනෙක් භයානක කරුණ වන්නේ, එක් පඩියක් ලිස්සා ගියහොත් නවතිනු ලබන්නේ කොතනදැයි සිතා ගැනීමටවත් නොහැකි වීමයි.
උදෑසන 7:30 ට පමණ අප මහගිරි දඹය තරණය කිරීම ආරම්භ කල අතර සුළු සුළු ගිමන් හැරීම් හා උදෑසන ආහාර ගැනීමට ගත කල මිනිත්තු 15 ක පමණ කාලය ඇතුළුව උඩ මළුවට පිවිසෙන විට උදෑසන 8:30 පසුවී තිබිණි.
හාත්පස මීදුම් පිරුණු පරිසරයේ වලා පටල සෙමන් ගමන් කරයි. යම් තරමක හිරුරැස් පතනයක් තිබුනද, මළුව තවමත් සීතලය. මාහට අධික මහන්සි ගතියක් දැනෙන්නට වුයෙන් පැමිණි විගස මදක් ඇලවූයෙමි. අප සමඟ ගමනේ යෙදුනු බලු මහතාද අප අසලම ගිමන් හරින්නට විය.
මද වෙලාවකින් අප දෙසට පැමිණියේ කසුන්ය. ඔහු අත යමක් තිබෙනු දුටු හෙයින් විපරම්කර බැලු කල, ඔහු අප රැගෙන ආ මුතු කොට්ටය අත දරා සිටි අතර සැමට අත ගස්සවා ගැනීමට පැමිණ තිබිණ. කොට්ටයට අත ගැසූ අප සියළුම දෙනා පාවහන්, හිස් වැසුම් ගලවා උඩමළුවට ඇතුළු වූහ.
උඩ මළුවට ඇතුළුවූ විගසම අපට හමුවුයේ මෙවන් වූ වදන් පෙළක් සහිත පුවරුවකි.
මේ දුටු මා හට සිතෙහි යම් තිගැස්මක් ඇති නොවුයේම නැතිය. මා මිතුරෙකු මාහට පැවසු කතාවකුත් ඒ අතරින් මට සිහිපත් විය.
එය සැකවින් මෙසේ ලියමි.
ඔවුන් ශ්‍රීපාදය අවාර සමයේ තරණය කිරීම සඳහා සුදානම් වූ බවත්, ඒ සඳහා පේවී සිටි බවත් මට කීවේය. (මස් මාළු කෑමෙන් හා මත්පැන් පානයෙන් වැලකී සිට ඇත.) ඔවුන් අතර සිටි එක් මිතුරෙකු පමණක් විටින් විට ගමන අතරතුරදී මත්පැන් පානය කල බවත්, නමුත් ඔවුන් එය නොදැන සිටි බවත් කිවේය. ඔහු මොවුනට පවසා ඇත්තේ, පපුවේ දැවිල්ල ඇති නිසා යමක් පානය කරන බවය. මොවුන්ද එය විශ්වාස කර ඇත.
ඔවුන්ද අප පැමිණි මග ඔස්සේම උඩමළුවට පැමිණ ඇති අතර, එහිදී මා පෙර කි මගේ මිතුරාගේ සගයාට යම් පපුවේ අමාරු ගතියක් හා ක්ලාන්ත ගතියක් දැනෙන්නට වූ බව ලඟ සිටියකුට පවසා තිබිණි. මොවුන්ගේ නඩයේ 6 දෙනෙකු සිට ඇත. උඩ මළුවෙන් Fishing Hut දක්වා වූ ගමන මොහු ගමන් කර ඇත්තේ නඩයේ පසුපසට වන්නටය. මොවුන් පිරිස නල්ලතන්නියෙන් කැලෑගතව කි.මී. 2ක් පමණ ඇවිද ගියපසු පෙරකී බීමතින් පසුවූ මිතුරා ඔවුන් සමග නැති බව දැනගෙන ඇති අතර, පැය බාගයකට අසන්න කාලයක් බලා සිටියද ඔහු නොපැමිණි හෙයින් ඔවුන් නැවත ආමග ඔස්සේ පැමිණ ඇත්තේ ඔහු සෙවීම සඳහාය. ඔවුන් උඩමළුව තෙක්ම පැමිණියද ඔහු තබා ඔහුගේ හෝ ඔහු රැඳී සිටි බවට සලකුනකුදු තිබී නැත.
මේ පිළිබඳව පවසීමට අසල කිසිවකුද නොසිටි හෙයින්, ඔවුන් වහා නල්ලතන්නිය ඔස්සේ හැටන් හරහා පහලට බැස හැටන් පොලිසියට දුරකතනයෙන් දන්වා ඇත. නමුත් අද වන තුරුද හමුවූ කිසිත් නැත්තේය.
මේ පිළිබඳව මා අප නඩයේ කිසිවකු හා නොපවසන්නට තීරණය කල නිසා, තනිව සිත දරා ගමන් කළෙමි.
අප සතියක් පේවී සිටියෙමු. එම නිසා මගේ සීත ඉතාම පිරිසිඳුව තිබිණි, අප නඩයේ අනෙක් අයද එසේ සිටි නිසා කුමකටවත් සැකයක් තබා නොගත්තෙමි.
පෙර සඳහන් පුවරුවෙහි ගේට්ටුව වසා තැබෙන බවට සඳහන් උවද එය අප සඳහා විවරව තිබීම පුදුම දනවන සුළු විය.
උඩ මළුවේ සිරිපතුල වටා කිහිප වරක් සක්මන් කල අප, මල් පහන් පුදා, සුවඳ දුම් ගලවා, මුතු කොට්ටය සිරිපතුලට පුජකලෙමු. ඉන්පසු කසුන් සමග අප පන්සිල් සමාදන් වූයෙමු.
ඉන්පසුව සියලුදෙනාම ශ්‍රීපදයේ ඇති ඝන්ටාරය නාද කළෙමු. එය සිරිතක් ලෙස සිරිපා කරුණා කරනා සියල්ලෝම කරන්නෝය..
අවසානයේ සිරිපා සමිඳු හට ආයුබෝවන් කියා අප හැටන් දෙසින් Fishing Huts බලා පිටත් වීමට සැරසෙනවාත් සමගම ස්වාමීන්වහන්සේ නමක් අවාසයේ සිට එලියට වඩිනු දැක මා ඒ දෙසට අදුනෙමි. එම වහන්සේ ශ්‍රීපාදය භාරව වැඩවසන ස්වාමීන්වහන්සේ බව දැන හඳුනාගත් මා, මගේ බිරිඳගේ ප්‍රථම දරු ප්‍රසුතියට ආශීර්වාද ලබාගැනීම සඳහා එම වහන්සේ හමුවීමට උඩුමහලට පිය නැගුවෙමි. ඉන්පසු මදවේලාවක් එම ස්වාමීන්වහන්සේ හා දොඩමලු වීමේදී මා හට දැනගැනීමට ලැබුනේ, මේ අවාර සමයේ උඩමළුව සාමාන්‍යයෙන් වසා තැබෙන බවත් අප වන්දනා කල දිනයන්හි විවරව තැබුයේ හදිසි පිළිසකර කිරීම් සඳහා පමණක් වන අතර, නැතහොත් සාමාන්‍යයෙන් විවර වන්නේ පොහොය දිනයන්හි හා උඳුවප් පොහොයට සතියකට පමණ පෙරය පමණක්මය යන්නය. එසේ උඳුවප් පොහොයට සතියකට පමණ පෙර විවරවන්නේ, ශ්‍රීපාදයට උඳුවප් පොහොය දින සිට ඊලග වර්ෂයේ වෙසක් පොහොය දින තෙක් අපමණ ජන ගංගාවක් ගලන නිසා බුද බිම සුද්ද පවිත්‍ර කොට ඒ සඳහා සකස් කිරීමටය.
එම වහන්සේගෙන් පිරිත් නූල් කිහිපයක්ද ඉල්ලාගත් මම හැටන් දෙසින් උඩ මළුවෙන් පහලට බැස, Fishing Huts බලා ගමන් ආරම්භ කළෙමු..
පඩි බැසීම පඩි නැගීමට වඩා අසීරු බව මට වැටහුනේ සීතලට මස්පිඬු තදවිමත්, මුළු සිරුරේම බර කකුල් වලට පැමිනෙන්නාක් මෙන් දැනීමත් අත්වාරුව මැණික්කටුව ඔස්සේ වැලමිටට පැමිණීමත් සමගය. ඇතැම් ස්ථානයන්හි එක දිගට පඩි 40-50 හැල්මේ බැස ගියද, පසුව එය අවදානම් බව වැටහුනහෙයින් නවතා දැමුවෙමි.
මද වෙලාවක් එහි ගතකල ඔවුන් නැවත ඉහලට ඇදෙන්නට වූ අතර, අපද පල්ලම් බැස්සෙමු.
කි.මී. 2 ක් පමණ පල්ලම් බැසි අපට දිස්වුයේ මහගිරිදඹය අවසන්ව තැනිතලාවකට පිවිසෙන අයුරුය. ඒ සමගම දකුණු දෙසට යම් තරමකට වල් බිහිවී ගිය කැලෑ මගක් දිස්වන්නට විය. ඒ Fishing Huts යාමට සිරිපා මාර්ගයේ පිවිසුම් දොරටුව බව අපට වැටහී ගිය අතර අප මිතුරු කෝසලද එය අනුමත කළේය.
අප එම ස්ථානයෙන් දකුණු දෙසට හැරෙද්දී, එතෙක් අප තනි නොතනියට අප හා පැමිණි, අපගේ නඩයේම සාමාජිකයෙකු වන්වූ එකම සිවුපාවාද වූ එම බලු මහතා. අපට ආයුබෝවන් කියා නැවතිණි.
අප කොපමණ දුරක් ඇවිද ආවාදැයි මට මතක නැත. අප එන අතර මග තැන්නේද ලන්දේද නගිමින් බසිමින්, ගල් මතින් පනිමින් පැමිණියෙමු. ඒ අතර තුර පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් අපට හමුවූ අතර, ඔවුන් මස්කෙළියේ සිට සිරිපා වන්දනා කරමින් සිටියහ.
මේ වන විට අප නඩය කොටස් 3කට හෝ 4කට බෙදී සිටිය අතර, ඔවුන් වෙන් වෙන්ව ගමනේ යෙදුනහ. මා ගමන් ගත් නඩය අවසාන නඩය බවට පැහැදිලිවම දැකගත හැකි වූයේ, අප නැවතී ගිමන් හරින විට අප දෙසට කිසිවකුත් නොපැමිණි නිසාවෙනි.
තරමක් ලඳු කැලෑවක පිහිටා තිබූ ගල් තලාවකට අප පැමිණ සිටියෙමු. මා අධික ලෙස වෙහෙසටපත්ව සිටි අතර ගල් තලාවේ වැතිර ගත්තෙමි. මදකින් හාත්පස කළු වලාවක් පැතිර ගිය අතර ඈතින් ශ්‍රීපාද කඳු ශිඛරය දිස්විය.
මා මිතුරු ලක්මාල් මාහට සැනසුමක් වෙමින් පවසා සිටියේ, මගේ ගමන් මල්ල රැගෙන යාමට Fishing Huts හි සේවයේ නියුතු අයෙකු ලඟ ලඟම පැමිණෙන බවයි. අප නැවත ගමන් ඇරඹුවෙමු. තවත් කි.මී. 1 ක් පමණ ඇවිද යන්නට ඇත, සරමක් කැහැපට ගන්වාගත් මැදිවියේ පසුවූ දමිළ මිනිසෙකු එක් වරම අප ඉදිරියෙන් මතුවිය.
"ශංකර් මහත්තය ඉන්නවද..?" ඔහු අපගෙන් ඇසීය.
මගේ බඩු මල්ල ඔසවාගත් ඔහු, ආවාටත් වඩා වේගයෙන් පිටව ගොස් තැනිතලා අතරින් නොපෙනී ගියේය. ඔහු පැවසූ පරිදි අපට යාමට තිබුයේ තවත් කි.මී. 3 ක් හෝ 4 ක් පමණි.
මා අත වූ කැමරාව මාගේ මිතුරෙකු රැගෙන ගිය බැවින් Fishing Huts යාමට කැලෑවැදුණු තැන සිට Fishing Huts තෙක් කිසිදු ඡායාරුපයක් මා සතුව නොමැතිවීම ගැන මා අතිශයින් කණගාටුවට පත්වෙමි.
අප තවත් කි.මී. 2 ක් පමණ ඇවිද යන්නට ඇත. අපසතුව තිබූ වතුර සියල්ල අවසන්ව තිබිණ. වතුර පුරවා ගැනීමටද ඇළපාරක් හෝ නොවිය. දිව ගිලෙන්නට ඔන්න මෙන්න මෙනි. ඉදිරියෙන් අප මෙතෙක් පැමිණි මාර්ගය අවසන් වන බවක් පෙනෙන්නට විය. "අපට පාර වැරදුනාවත්ද.." අප දෙගිඩියාවකට පැමිණ සිටියෙමු. අපගේ ඉදිරියෙන් ගමන් කල සගයන් ඇමතීමට උත්සාහ කලද ජංගම දුරකථන සියල්ලෙහි තරංග කිසිවක් නොමැති විය. සියළු බලාපොරොත්තු බිඳ වැටෙමින් තිබිණි.
නමුත් කළ හැකි කිසිත් නොමැති විය. අප කැලෑව අතරින් යම් හෝඩුවාවක් හෝ අඩි පාරවල්, කැඩුණු අතු කැබලි, පොඩිවුණු කොළ සොයමින් ඉදිරියට ඇදුනෙමු.
අපට තවත් ගල්තලාවක් හමුවිය. එය අප දෙසට බෑවුම් වන පරිදි පිහිටා තිබූ අතර ඉතාම කුඩා දිය පහරක් ඒ ඔස්සේ ගලා යන්නට විය. බෝතලයකට එකතු කර ගැනීම කෙසේ වෙතත්, රෙදි කඩකටද පොඟවා ගැනීමට තරම්වත් අපහසු ලෙස ගලා ගිය එම දිය දහර අප හට යම් ඉඟියක් දුන්නාදැයි මට සිතිනි.
විනාඩි 10ක් පමණ එහි රැඳී සිටි අප, නැවත ගමන් ඇරඹීමු. මීටර 500ක් පමණ ඇවිද ගිය අපට හුණුගල් මඩ ගොහොරක් හමුවිය. එහි අප පාවන් නොසිතු ලෙස ඇතැම් තැන්හි අඩියක් පමණ එරී යන්නට විය. ඉතා සීරුවෙන් නොගැඹුරු තැන් සොයමින් අඩිය තැබූ අප පාර හරහා ගලාගිය දිය පහරක් වෙත පැමිණියෙමු.
වහ වහා බිම දිගාවී බෝතල් වලට වතුර පුරවාගත් අප හිතැති සේ පිපාසය නිවා ගතිමු. ඉන්පසු තවත් වතුර බෝතල් වලට පුරවාගත් අප, එම දිය පහරින් මුහුණ කට සෝදාගෙන හිසද තෙමාගෙන යලි ගමන පිටත් වීමු.
අප තවත් කි.මී. 2 ක් පමණ ඇවිද යන්නට ඇත. අප ගමන් ගත් මග වැටී තිබුනේ කඳු හෙල් අතරිනි. මේ වනවිට පෙර අපට මුණ ගැසුණු මිනිසා පැවසූ දුර මෙන් දෙගුණයක් දුර අප පැමිණ සිටියෙමු. නමුත් කෙළවරක් පෙනෙන්නට නොවිණි. නැවත වරක් වතුර අවසන් වෙමින් තිබිණි. මේ වනවිට මා ගමන් ගත් පිරිසෙහි සිටියේ චමිලත් නුවනුත් මමත් පමණි. චමිල හා මා හට හොඳ පදමට හති වැටී සිටි අතර නුවන්ට එතරම්ම අපහසුවක් නැති බව පෙනෙන්නට විය.
අපට පෙනෙන්නට වුයේ, ඈතින් කන්දේ ඉතා විශාල ගසක් මුලින් ඉදිරී වැටී ඇති අයුරුය. එම ස්ථානයෙන් අපගේ ගමන් මග වැටී තිබූ නිසාවෙන් අප එම ගස තරණයට සුදානම් වූයෙමු. මා එම ස්ථානයෙන් දෙතුන් වරක්ම ලිස්සා පහලට ගියේ මහන්සිය දෙගුණ තෙගුණ කරමිනි. ඉතා අපහසුවෙන් බඩගාමින් එම ස්ථානය තරණය කල මට පිපාසය දර ගත නොහැකි තත්වයක් මතුව තිබිණි. ඉතා සෙමෙන් ඉදිරියට විසිවේවී මෙන් ගිය මා හට තද දිගු කඳු බෑවුමක් දිස් විය.
ඉතාම අතින් යමෙකුගේ කටහඬක් ඇසෙන්නට විය. උස් හඬින් අපද කෑ ගැසීමට උත්සාහ කලද, එය අපහසු බව වැටහිණි. අප මිතුරු නුවන් අප පසුකර ඉදිරියට ඇදුනේ, අපට වතුර සොයා දීම සඳහාය. ඉතා අමාරුවෙන් ඉදිරියට ඇදුනු අපට ගසක් යට වූ වතුර බෝතලයක් පෙනෙන්නට විය. වැලිකතරේ මිරිඟුව දිටුවෙකු සේ මා එහි දිව ගියද පය ලිස්සා උඩින් විසිවී ගියේ නොසිතු ලෙසිනි. මා හිස ඔසවා බැලූ කල වතුර බෝතලය අසලම මා සිටි අතර, වාසනාවකට කිසිදු උපද්‍රවයකින් තොරව ම සිටියේය.
වතුර උගුරු කිහිපයක් බිවු මම, චමිලට ඇසෙන්නට කෑගැසූයෙමි, "වතුර තියනවා..". චමිලද විගස එතනට පැමිණ පිපාසය නිවා ගත්තේය. ඉන්පසු එම වතුර බෝතලයත් රැගෙන අපට යාමට හැකිවුයේ තවත් මීටර 500කටත් වඩා අඩු දුරකි, නුවන් ඈතින් සිටිනු දක්නට වූ අතර තේ වත්තක් ද පෙනෙන්නට විය.
ඈතින් පෙනෙන්නට වූයේ රවුම් සමතලා භූමියකි. එහි 3 - 4 දෙනෙකු යමක් මත වාඩිවී සිටිනු ඈතින් පෙනෙන්නට විය. මා ඒ දෙසට ඇවිද්දා නොව විසිඋනෙමි. මා ගීය පාර කෙලින්ම වැටී තිබුනේ ඒ දෙසටය. නමුත් ටික දුරක් යනවිට පෙනී ගියේ කෙලින් ම වැටී තිබු මාර්ගය, S අකුරේ හැඩයට විශාල දුරක් ගමන් කර පෙර මා පැමිණි මගට සමපාතව කෙළවර වන ආකාරයකි. "බුදු අම්මෝ"මට ඉබේ කියැවිණි. උගුර කටද වේලී තිබිණි. කකුල් දෙකද ගිනියම්ය. තේ වත්තේ ගල් බොරළු මැදින්, අඩිය නොමැති සපත්තු ජෝඩුවද දමාගෙන මා දෙකට තුනට නැමී ඉදිරියට ඇදෙන්නට වීමි. එම දුර ගෙවා යන්නටද තවත් අඩ හෝරාවක් වත් ගතවන්නට ඇත. මා එහි ලඟා වන විට උපාලි, ලක්මාල් ඇතුළු කිහිපදෙනෙක් එහි වුහ.
අප අපගේ 2වන දින ගමනාන්තයට පැමිණ ඇත්ද..?
හොඳ පමණට හෙම්බත්ව සිටි මට, සරම කැහැපට ගන්වා ගත් මිනිසෙකු ඈතින් එනු පෙනිණි. ඒ අන් කවරෙකුත් නොව, කැලය මැදදී අපට හමුවූ, මගේ ගමන් මල්ල රැගෙන ගිය පුද්ගලයාම විය. ඔහු ඈත තියා හඳුනා ගත් මා "හොඳ කි.මී. 3 - 4 නේද, ඇයි අපිට බොරු කිව්වෙ" යැයි නෝක්කාඩු ලෙසින් කීවෙමි. ඔහු සිනාසුනා මිසක, කිසිත් කීවේ නැත.
මා වෙත පැමිණෙනවාත් සමඟම සරමේ කැහැපට ලිහා දැමු ඔහු "මාතියා, තරහා ගන්ට යෙපා.. මේයික සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවිය. මම නියම ගාන කිව්වනම් මත්තියල තාමත් මග යෙනවා... අපි හරි දුර කියන්නෙ නෑ කාටවත් මාතිය..." ඔහු බයාදු ලෙස මිමිනීය.. මට යමක් වැටහිණි.. මා හට එය වැටහුණු බව ඔහුටද හැඟී ගිය බැවින්දෝ.. අහිංසක ලෙස ඔහු සිනා සිනි...
මාගෙන් මදක් ඇතට ගිය ඔහු, බීඩියක් දල්වාගනු මට පෙනිණි. "ලොකු උන්නැහේ, වතුර එහෙම නැද්ද" යැයි මා ඔහුගෙන් ඇසූ විට, යටහත් පහත් විලසින් වතුර නැති බව පැවසූ ඔහු, ඒ සඳහා අප නවාතැන්පලටම යා යුතු බව පැවසීය...
ඔහුගෙන් මා හට දැන ගැනීමට ලැබුන පරිදි අපගේ 2වන දින නවාතැන්පොල වන Fishing Huts වෙත තව ස්වල්ප දුරක් යාමට තිබෙන බවය. නමුත් මොහුගේ දුර ගණනය පිළිබඳ විශ්වාසය පළුදුව තිබූ මා "මූ කියන විදිහට තව කිලෝ මීටරයක් වත් දුර ඇති" යැයි උපාලිට කීවෙමි.
"අපිට එතනට යන්න වාහනයක් ගෙන්න ගන්න බැරිද" උපාලි එලෙස ඇසුවේය. පුළුවන් යනුවෙන් හිසින් සංඥා කල ඔහු විදුලි වේගයන් දිවුවේය.. මා හට ROAD RUNNER කාටූනය මතක් විය.
උපාලි, චමිල, නුවන් සහ මා හැරුණු කල අන් සියල්ලන්ම අප සිටි ස්ථානයන් පිටව ගොස් තිබිණි. අහස මදක් කළු කරමින් තිබුණු බැවින්, වැස්සක සේයාවක් දිස්වන්නට විය. "නාන්න වෙයි වගේ" මම චමිලට කීවෙමි. වැස්සක් පාත් උවහොත්, අපට මුවා වීමටද ස්ථානයක් නොමැති විය.
පැය බාගයක් පමණ ගතවන්නට ඇත. අප දෙසට ත්‍රී රෝද රථයක් එනු පෙනිණි. "හුටා, හතරක් කොහොමද බං මේකෙ යන්නෙ.." මට ඉබේ කියැවිණි. චමිල, නුවන් හා මම විශාල දේහදාරියන් වීමු. උපාලි අප තරම්ම නොවුනද, සුළු පටුම නැත. එපමණක් නොව, මගේ හැරුණු කල අනෙක් තිදෙනාගේ ගමන් මළුද එහි ගෙනි යන්නට වූ බැවින් දෙදෙනෙකුට වඩා එක වර යා නොහැකි බව අපට අවබෝධව තිබිණි.
"සංඛයි චමිලයි මුලින් යන්න, අපි දෙන්න දෙවනියට එන්නම්" උපාලි එසේ කීවේය. එවිට චමිල හා මගේ අදහස වුයේ අප හතර දෙනාම කොහොම හරි එකටම යමු යන්නය. ඒ මෙම ත්‍රී රෝද රථය අපව ඇරලවා නැවත පැමිණීමට තව පැයක් වත් ගතවනු ඇතැයි සිතුන නිසාවෙනි.
එවිට අප ගැටලුවට පිළියම් සෙවීමට, පෙර සඳහන් කල මිනිසා ඉදිරිපත් විය. "මාතිය, මම බෑග් ටික ගෙනියන්නම්, මාතියල ත්‍රී වීලර් එකේ එන්ට" ඔහු එලෙස කිවේය... ඉතා කැමැත්තෙන් ඔහුට අපගේ ගමන් මළු ගෙනයන්නට දුන් අප, ත්‍රී රෝද රථය ගොඩ උනෙමු.
මුලින්ම ත්‍රී රෝද රථයට ගොඩවූයේ චමිලය, ඉන්පසු උපාලි නැගි අතර, තෙවනියට මා නැග්ගෙමි. දැන් ත්‍රී රෝද රථයේ පිටුපස සාඩින් ටින් එකක් මෙන්ය. "නුවන් ඉස්සරහින් නගින්න" උපාලි එසේ කීවද රියදුරු තැන ඊට අකමැති බව පෙනෙන්නට විය..
"මතියල දෙන්නෙක්ව දාල සුටුස් ගාල ඇවිල්ල අනික් දෙන්න ගන්නම්" ත්‍රී රෝද රථ රියදුරා එසේ කිවේය. ඒ ගාන කඩා ගන්නටය. "ඇයි මෙයාව ඉස්සරහට ගන්න බැරි" යනුවෙන් අප ඇසූ කල, "කපන්න අමාරුයි" යනුවෙන් පැවසීය. "හරි, කපනකොට මම බහින්නම්" නුවන් එසේ කිවේය. නුවන් ව අකමැත්තෙන් මෙන් ඉදිරිපසින් නංවා ගත් ත්‍රී රෝද රථ රුයදුරු තැන සෙමෙන් සෙමෙන් ගමන් ඇරඹීය.
කන්දේ රවුමට කපා තිබූ ගල් බොරළු බහුල පාරේ ගමන් ගත් අප ත්‍රී රෝද රථය, ඇතැම් තැන්හි පාර හරහා දමා තිබූ ගල් පේලියන්හි හැපෙන්නට විය. එම ගල් පේලි දමා තිබුනේ, වර්ෂාවට පාරේ පස් ගසාගෙන නොයාමටය. එලෙස හැපුණු එක් විටක, නැවතුනු ත්‍රී රෝද රථය තුලින් බැසගත් අප, එය තල්ලු කර නැවතත් ගමන පටන් ගතිමු.
ඇඟ කිලිපොලා යමින්, එක් විටක බෑවුම දෙසට ඇලවූ ත්‍රී රෝද රථය, මා විසින් බිමට පය ගසා නැවත කෙලින් කරවා ගත්තෙමී... ත්‍රී රෝද රථයේ රියදුරු තැන අපරික්‍ෂාකාරී ලෙස රථය පදවනවාදැයි සැක ඇතිවුයේ, ඇතැම් තැන්හි මා වාඩිවී සිටි බෑවුම පිහිටි පැත්තෙහි වූ රෝදය, මාර්ගය අයිනට ම වන්නට ගමන් ගත්තේ, පෙරලෙන්නට ගියහොත්, නැවත වරක් මාහට කකුල බිම ගැසීමට නොහැකි වන පරිද්දෙනි.
ඇඟේ ලේ වතුර වන්නට පෙර අපට Fishing Huts වෙත පැමිණෙන්නට හැකිවීම පිළිඹඳව මම සමන් දෙවිඳුන්ට ස්තුතී පූර්වක වීමි. පුදුමයකට මෙන් ඒ වන විටත් අපගේ ROAD RUNNER එහි පැමිණ සිටියේය.
සම්පූර්ණ Fishing Huts ලැගුම් හල අප විසින් වෙන් කර තිබූ අතර, එහි කොටස් 4ක් ස්ථාන 4ක පිහිටා තිබිණි. මාගේ කාමරය පිහිටා තිබුනේ Fishing Huts ලැගුම් හලෙහි ප්‍රධාන කොටසේ වන අතර, අපගේ රාත්‍රී ප්‍රිය සම්භාෂණය පැවැත්වීමට නියමිතව තිබුනේද එම ස්ථානයේම වීම විශේෂත්වයකි.
Fishing Huts ලැගුම් හල සම්පුර්ණයෙන්ම ලීයෙන් නිමවා තිබූ අතර වහලයට පිදුරු හා පෝල් අතු සෙවෙලි කර තිබිණි. බැලූ බැල්මට එතරම් සුවපහසු ස්ථානයක් නොවන බව පෙනෙන්නට උවත් අපගේ ගමන් වෙහෙස ඒ සියල්ල අභිබවා තිබිණි.
අපගේ කාමරය මෙසේ දිස්විය.
මුළු නිවසටම සිමෙන්තියෙන් ගොඩනගා තිබුනේ වැසිකිලිය පමණි.
අපගේ ගමන් මළු කාමර වලට දැමූ අප, ඒ වන විටත් සුදානම්ව තිබූ දිවා ආහාරය ගිල දැමුවෙමු. ඉන්පසු අප ඇඳන් මත ඇලවූයේ මහන්සිය නිසාමය.
මා නැවත අවදි වන විට රාත්‍රී 9:00 පමණ වී තිබිණි. නිවස තුල කිසිදු හැල හොල්මනක් නැත. එදිනට අප යොදාගෙන තිබුනේ BBQ රාත්‍රියකි. නමුත් BBQ තබා ගිනිමැලයක් වත් දක්නට නැත.
කාමරය තුල වුයේ කෑලි කපන කළුවරකි. මද වෙලාවක් ගතවිය, අයෙකු පැමිණ චිමින්නියක් සහිත බූමිතෙල් ලාම්පුවක් කාමරය තුලින් තැබීය. මම වට පිට බැලුවෙමි. මා නිදා සිටියේ බිත්තිය මුල්ලෙහි වූ තනි ඇඳෙහි ය. මගේ වම් පසට වන්නට වූ විසල් ඇඳෙහි යමෙකු ඇතිරිල්ලක් පොරවාගෙන ගුලිවී සිටිනු දක්නට විය. ඒ ලක්මාල් බව ලාම්පු එළියෙන් මම යාන්තමට දුටිමි.
"ලකා, අද පාටිය නැද්ද.." මම ඇසුවෙමි. "පාටිය, දැන් වෙලාව කීයද" ලක්මාල් ඇසුවේය. "නවයයිනෙ" මම අත් ඔරලෝසුව දෙස බලාගෙනම කීවෙමි.
"උඹල තාම නිදිද" සාලය දෙසින් යමෙක් එසේ පවසද්දී, උපාලි කාමරයට ඇතුළු විය.
"උපාලි, මොකද වෙන්නෙ, මුකුත් නෑ වගේ නේද.." මම එසේ කියනවාත් සමගම කෞෂල් ද කාමරයට ඇතුළුවිය.
"වැඩේ පටන් ගන්න හදන්නෙ, වරෙල්ල" යමෙකු එසේ පවසද්දී, අප සෙමෙන් සාලයට ඇදුනෙමු.
උපාලි චමිල අසලින් වාඩිවූ අතර මලිත් හා චානුක ට මැදිව, නුවන් ගුලිවී සිටියේය.
අපගේ සාලයේ අඳුර මකන්නට වුයේ පැට්‍රෝ මැක්ස් ලම්පුවකි. එහි එලිය හොඳටම ප්‍රමාණවත් විය.
එකා දෙන්නා සාලයෙහි වූ මේසය වටා රොක්වන්නට විය. මධු විත පානය කරන්නවුන් මෙන්ම නොකරන්නවුන් ද ඒ අතර විය. අප සිටි නිවසින් පිටත ගිනිමැලයක ගිනි දැල් මොදුවනු පෙනිණි. පදම් කරගත් මස් කැබලි, අපගේ නිවසේ මුළුතැන් ගෙයි සිට ඒ වෙත රැගෙන යනු පෙනුණු අතර, සිතල ටිකෙන් ටික වැඩිවෙමින් තිබිණි. අප සිටි නිවස්න අද්දරින් ගඟක් ගලා ගිය අතර, එම ගඟ නිසා සිතල වැඩියෙන් දැනෙන්නට ඇතැයි සිතමි,
අප හොඳ පමණට මහන්සිවී සිටි නිසා වෙනදා තරම් උද්යෝගයක් එහි දක්නට නිවිණි. මා වෙහෙසකර කඳු නගින්නෙකු බවට පත්ව ගමනාන්තය තෙක්ම හති ලමින් පැමිණි හෙයින්, දවසේ මතෘකාව බවට මා නිතැතින්ම පත්වීම අරුමයක් නැත.
අප සෞදිය පුරන්නට සැරසෙන විට රාත්‍රී 9:55 පමණ වී තිබිණි.
විටින් විට එලියට ගොස් පිළුස්සුනු මස් කැබලි ඇතුලට ගෙනා අප, පසුව සීතල වැඩිකම හේතුවෙන්ම, ගිනිමැලය වටා රොක් උනෙමු. රාත්‍රී ආහාරයද පිළියෙල වෙමින් තිබිණි. ගිනිමැලය වටා ඉඳගත් අප සින්දු කීමට පටන් ගතිමු. අප ගිනිමලයට අඩි දහයක් පමණ උසින් වන්නට නිවස්නේ මෙන්ම අතු සෙවෙලි කල වහලක් වූ අතර, එමනිසා අප පින්නෙන් ආරක්ෂා විනි.
එහි ටික වෙලාවක් සිටිනා විට මා හට අප කාර්යාලයේ මිහිරි ෆොන්සේකා විසින් අප නැවතී සිටි Fishing Huts ලැගුම් හල සම්බන්දව ඇය අසා තිබූ මා හට පැවසූ පුරවුර්තයක් සිහිපත් විය.
එය සැකෙවින් මෙසේය.
කලකට ඉහත අප මෙන්ම නඩයක් Fishing Huts ලැගුම් හලෙහි නවාතැන් ගෙන ඇත. ඔවුන්ද අප මෙන්ම මෙලෙස සෞදිය පුරා ඇත. නමුත් නඩයේ සිටි එක් හොඳ උස මහත පිරිමි පුද්ගලයෙක් නිවස තුල, ඔවුන්ගේ නඩයේ නොවන, ඉවුම් පිහුම් භාර පුද්ගලයාද නොවන අයෙකු, ඔවුන් සමීපයෙහි සිටිනවා දැක ඇත. ඔහු ඒ පිළිබඳව විපරම් කර බලා, නඩයේ අනෙක් මිතුරන්ටත් දන්වා සිටියද පුදුමයකට මෙන් අනෙක් අයවලුන් හට එම පිටස්තර පුද්ගලයා නොපෙනුණු අතර, එම නොහඳුනන පුද්ගලයාද හොඳ උස මහත අයෙකු ලෙස දිස් වන්නට විය.
පසුව පෙරකී නඩයේ සිටි තැනැත්තා හදිසි අවශ්‍යතාවයකට නිවස්නෙන් පිටතට පැමිණ ඇති අතර, එහිදී පෙරකී නාඳුනන තැනැත්තා ඔහුව ගඟ වෙත කැඳවාගෙන යන්නාක් මෙන් ඔහුට දැනී ඇත. හොඳ පමණට මධු විත සප්පයම්ව සිටි ඔහුද තමාට තමා පාලනය කරගත නොහැකිව ගඟට යන්නට ඇත.
නිවසින් පිටට ගිය මිතුරා බොහෝ වෙලාවක් යන තුරුත් නැවත නොපැමිණීම නිසා, ඔහුගේ නඩයේ අනෙක් මිතුරන් ඔහු ගැන විපරම් කරද්දී, යමෙක් ඔහු ගඟ මැදට වන්නට සිටගෙන සිටිනවා දැක ඇත. අවතාරයක් මෙන් ගඟ මැද සිටගෙන සිටි ඔහු නිවසට පිටුපා සිට ඇත. සියළුම දෙනා කෑගැසූ පසු පසුපස හැරුණු ඔහු, තමා සිටින්නේ ගඟ මද බව දැනගෙන ඇත්තේ එවිටය. පසුව මිතුරන්ද එක්ව ගොඩට පැමිණි ඔහු පවසා ඇත්තේ එලියට ගිය ඔහුට යමෙක් දිය නෑමට කතාකොට, ගඟ වෙත රැගෙන ගිය බවක් යන්තමින් මතක බවය.
පසුව ඔවුනට දැනගන්නට ලැබුණු පරිදි, එම ගඟෙහි ඔහු වැනිම හොඳ උස මහත පිරිමි අයෙකු ගිලී මැරී ඇත. ඇතැම් හොඳ උස මහත පිරිමි පුද්ගලයින්ට එම අවතාරය පෙනෙන්නට වන බවත්, දියට යෑමට අඬගසන බවත් දැනගෙන ඇත.
අප නඩයේ උස මහත අයවලුන් කිහිප දෙනෙක්ම සිටි අතර, ඒ අතර මා ද සිටියද මා එම අවතාරය නොදුටුවෙමි.
මේ පිළිඹඳව වැඩි විස්තර දැන ගැනීමට අප නිවස්නේ ඉවුම් පිහුම් බාරව කටයුතු කල අයගෙන් විමසා සිටියෙමි. ඔහු පැවසූ පරිදි, ඔහු මේ නිවස්නට සේවයට පැමිණ වසර 10කට ආසන්නය. ඇතැම් දිනයන්හි, මහ රෑ මස් මාළුද රැගෙන ඔහු තේ ගස් මැදින් කිලෝමීටරයක් පමණ අතින් වන ඔහුගෙ නිවසටද පයින්ම ගොස් ඇත. නමුත් කිසිම දිනෙක ඔවැන්නක් ගැන ඡායාවක් තබා හොඩුවවක්වත් ලැබී නැත.
ඔහු කියනා පරිදි එම අවතාර කතාව හුදෙක්ම මිත්‍යාවකි. Fishing Huts ලැගුම් හලෙහි නවාතැන් ගැනීමට පැමිණෙන්නවුන් බිය කරන්නට ගෙතු බේගලකි.
අප උදැසන 2 පමණ වනතුරු සිංදු කියමින්, සිනා සෙමින් කතා කියමින්, කතා අසමින් විනෝදයෙන් සිටින්නට ඇත.
එළිමහන් කුටිය තුල එකා දෙන්නා අඩුවන්නට විය. අවසානයේ මාත් කෝසලත් පමණක් ඉතිරිව අනෙකුන් සියල්ලන්ම තම තමන්ගේ කුටි වලට ගොස් සිටියහ.
අහස වලාකුළින් තොර විය. තරු පොකුරු ඉතාමත් දීප්තියෙන් බබලන්නට වුයේ වෙන කිසිදාටත් වඩා එළියක් ගෙන දෙමින් යැයි මට සිතිණි. අප දෙදෙනා Fishing Huts ප්‍රධාන ලැගුම් හලෙහි ආලින්දයට වී හාන්සි පුටු දෙකක දිගාවී අහස දෙස බලා සිටින්නට වීමු. මට එම තරු රටා දැකීමෙන් කුඩා අවදියේ මා සිත තුල වූ අහස හා හිරු සඳු තාරක ගවේෂණය කිරීමට තිබූ ආශාව නැවතත් සිත වැටිණි.
එහි මද වෙලාවක් රැඳී සිටි අප දෙදෙනාද කාමර වෙත පියනැගුවෙමු. මා නින්දට යන විට පාන්දර 2:30 පසුවී තිබුණාට සැකයක් නැත.
//--දෙවන දිනයෙහි අවසානය එසේ සනිටුහන් විය
** තුන්වන දිනය (30 නොවැම්බර් 2014)**
වෙලාව පාන්දර 5:00 හෝ 6:00 පමණ වන්නට ඇත. තද නින්දේ පසුවූ මා යම් හඬකින් ඇහැරෙන්නට ඇත. ඔළුවේ සිට දෙපතුල දක්වාම ඇඳ ඇතිරිලි දෙකකින් පොරවාගෙන සිටි මම අත රැඳී ඔරලෝසුව දෙස බැලුවෙමි. ඒ ඇතිරිල්ල තුලම ගුලිවීගෙනය. වේලාව පෙනෙන්නේ නැතිය. (මා කලක පටන් ගෙදරින් පිට චාරිකාවක් ගිය විටදී, අත් ඔරලෝසුව නොගලවන්නට පුරුදුව සිටින්නෙමි. ඒ කලකට ඉහතදී මගේ මිතුරෙකු මගේ ඔරලෝසුව විහිලුවට ගෙන ඔහුගේ කාමරයේ තබා තිබියදී, එය පුදුම සහගත ලෙස අතුරුදහන් වීම නිසා වෙනි)
කාමරයේ කිසිදු හැලහොල්මනක් නැතිය. ඉතාමත් සෙමෙන් දොරක් අරින හෝ වාහන විට එන "කිරි කිරි" හඬට සමාන හඬක් යාන්තමින් මට ඇසෙන්නට විය. මා සිටියේ කාමරයේ මිදුල පැත්තට වූ බිත්තිය අයිනෙහි වූ ඇඳෙහි බැවින් එම හඬ ආවේ එලියෙන්ද නැත්නම් ඇතුලෙන්දැයි සිතා ගැනීමට නොහැකි විය. එක් වරම පියවර දෙක තුනක මද අඩි හඬක් අසුන අතර යමෙකු කාමරයෙන් පිටත මා සිටි කාමරයේ ජනේලය අසල සිටගෙන සිටිනවා මෙන් දැනෙන්නට විය. මා නිශ්ශබ්දව සිදුවන දෙය දෙස කන් යොමා සිටියෙමි. අන් කිසිදු හඬක් නැවත නොඇසිණි.
මට නැවත නින්ද ගොස් තිබූ අතර දෙවන වර ඇහැරෙන විට උදෑසන 7:00 පමණ වී තිබෙන්නට ඇත. ආලින්දයේ තුන් හතර දෙනෙකු කතාකරමින් සිටින හඬ ඇසෙන්නට වූ අතර පුදුමයකට මෙන් අළුයම් කාලයේ ඇසුණු හඬ පිළිබඳ මතකයන් මගේ සිතින් මැකී ගොස් තිබිණි. නැවත එම හඬ පිළිබඳ සිදුවීය මා හට මතක් වුයේ, ලඟදී දිනක Fishing Huts නිවාඩු නිකේතනය හා එහි ප්‍රධාන ලැගුම් හල පිළිබඳව පුවත් පතක පලවූ ලිපියක් කියවන අතර තුරදි වීම සැබවින්ම පුදුම සහගත යැයි මට සිතේ...
එම ලිපියට අනුවද, අළුයම් කාලයෙහි ඇතැම් අද්භූත හඬවල් ඇසුණු බව සඳහන්ව තිබුනද, ඒවා ඇසුනේ කවුරුන්ට කෙදිනද යන්න සඳහන්ව නොතිබිණි.
"ඇල්ල ලඟ වළව්ව" කතා මාලාව මෙන්, Fishing Huts නිවාඩු නිකේතනයද අද්භූත කතා මාලාවකට ගැලපෙන පසු බිමක පිහිටා තිබෙන බව මා හට නිකමට මෙන් හැඟී යයි.
පෙරදින සාජ්ජය පැවැත්වූ ස්ථානයට පිටතින් වූ සඳළු තලයට එක්වූ අප අවට සිරි නරඹන්නට වීමු. නිවාඩු නිකේතනය අසලින් ගලාගිය දිය පහර මනරම් දසුන් මවමින් තිබූ අතර අපේ නඩයේ ඇතැමෙක් එහි දිය නෑමටද අමතක නොකළේය. අප සිටි ස්ථානයට මදක් එපිටට වන්නට, ඈත සිට පියඹා පැමිණි කුරුළු ජෝඩුවක් පෙරදින රාත්‍රී BBQ දැමූ ස්ථානයේ පිහිටි කණුවක වසා සිටි අතර පසුව එක් කුරුල්ලෙකු පොලවට පියඹා පැමිණි හෙයින් කැමරාව මානා සිටි මා ඌ කැමරාවට හසුකර ගැනීමට වසනාවන්ත වුයෙමි.
මේ කුරුල්ලා ගැන යම් සඳහනක් කළහොත්,
ශ්‍රී ලංකානු නිල් කැහිබෙල්ලා නොහොත් ඉංග්‍රීසියෙන් Blue Magpie ලෙස හඳුන්වන මෙම පක්ෂියා, Sri Lanka blue magpie නැතහොත් Ceylon magpie ලෙසද හඳුන්වන අතර විද්‍යාත්මක නාමය ලෙස Urocissa Ornata ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂි විශේෂයක් වන මොවුන් Crow family හෙවත් කපුටු පවුලේ සාමාජිකයෙකි. මෙම පක්‍ෂින් වැඩි වශයෙන් සදාහරිත තෙත් ඝන වැසි වනාන්තර වල දැකිය හැකි අතර, වැසි වනාන්තර විනාශය මොවුන් ගේ වාසස්ථාන අහිමි කිරීමට මුලික ලෙසම බලපා ඇති කරුණකි. ශ්‍රී ලංකානු නිල් කැහිබෙල්ලා සාමාන්‍යයෙන් කුරුල්ලන් හය හතක කුඩා කණ්ඩායම් ලෙස හමුවන අතර සමාජ ශීලි පක්ෂියෙකි. කුඩා මැඩියන්, කටුස්සන්, කෘමින් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් ආහාරයට ගනිමින් ජිවත් වන මොවුන්, පලතුරු වර්ගද අනුභව කරති. කුසලානයක් හැඩයට ගසක හෝ වනයේ පඳුරු අතර කූඩු තනනා මොවුන් සාමාන්‍යයෙන් වරකට බිත්තර 3 සිට 5 දක්වා දමයි. මොවුන්ගේ බිත්තර කටුවේ සුදු පසු බිමක තද දුඹුරු පුල්ලි දැකිය හැක. ගැහැණු සහ පිරිමි පක්ෂීන් දෙවර්ගයම කැදලි තැනීමට උත්සුක වන අතර පැටවුන් පෝෂණය කිරීම සිදු කරනු ලබන්නේ ගැහැණු පක්ෂියා විසින් පමණි.
මා විසින් මෙම පක්ෂියා සිංහරාජ වැසි වනාන්තරය තුලද දැක ඇති බව මට මතක් විය.
උදෑසන ආහාර පිලියල වනතෙක් කාඩ් සෙල්ලම් කල අපට හොඳ උණුසුම් කිරි කෝප්පයක් රස විඳීමටද හැකි විනි.
උදෑසන ආහාර ලෙස කිරිබත් පිලියල වෙමින් තිබූ අතර, තුන් වන දිනට නියමිතව තිබුනේ ආපසු ගමරට බලා යාමයි.
කොසලගේ යෝජනාවක් අනුව කිහිපදෙනෙක් දිය පහර වෙත යන්න තීරණය කළහ. ඇතැමෙක් කාමර වෙත යන්නට වූ අතර, මම මදක් එළිමහනට පැමිණියේ, පෙරදින රාත්‍රියේ අපට නොපෙනුණු Fishing Huts තිබූ පරිසර සුන්දරත්වය විඳීමටය.
නිවාඩු නිකේතනයට මදක් පහලින් ගලා ගිය දොළ පාර වෙත මා යන විටද උදාන, කෞෂාල්, කෝසල හා කසුන් එහි පැමිණ තිබිණි. ඔවුන් දොළ මැදට වන්නට ගොස් සිටි අතර මා දොළ අයිනේ සිට වටපිටාව දෙස බල සිටියෙමි.
මදවෙලාවකින්, කෞෂාල් දත් මදිමින් එහි පැමිණියේය.
"පට්ට හිතලයි බං" යනුවෙන් පවසමින් වතුරට බසින කෞෂාල් දැක මටද වතුරට බැසීමට සිතුනද.. පසුව එම අදහස අත්හැරියේ වතුර සිතුවාට වඩා සීතල වූ නිසාය.
එහි පැය බාගයක් පමණ ගතකල මා නැවත ප්‍රධාන නවාතැන වෙත පැමිණියෙමි. ඒ එන මග මෙසේ මනරම් ලෙස දිස්විය.
අප නැවත නිවාඩු නිකේතනයට පැමිණෙන විට, උදෑසන ආහාරය මේසය මත තිබූ අතර. 8:30 ට පමණ අප කිරිබත් කෑවෙමු.
ඉන්පසු අපගේ ගමන් මලු සකසා ගත අප එළිමහන කරා පැමිණියේ, අප නගයර වෙත ගෙනයන කුඩා වෑන් රථයක් පැමිණෙන නිසාවෙනි. මක්නිසාද යත් අප චාරිකාව ගිය බස් රථයට Fishing Huts හි වූ දුෂ්කර මාර්ගයේ අපද නංවාගෙන යාමට තරම් යහපත්ව නොතිබූ නිසාවෙනි.
අප රැගෙන යාමට කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් පැමිණ සිටි අතර, එය තල්ලු ස්ටාර්ට් රථයකි. වෑන් රථයේ යම් කාර්මික දෝෂයක් තිබූ බැවින් අප උද්‍යානයට වී එය පිළිසකර කරන තෙක් සිටියෙමු.
වෑන් රථය පිළිසකර කර ගත් පසු එය තල්ලු කර පන ගන්වා ගත් අප, Fishing Huts ට ආයුබෝවන් කීවෙමු.
වෑන් රථය අබලන් තත්වයේ තිබූ අතර මා ඉදිරිපස අසුනේ අසුන් ගනිද්දී රියදුරු තැනට හා මාහට මැදිව රියදුරු තැනගේ කුඩා පුතු වාඩිවිය.
වෑන් රථයේ යාමට ඉඩ පහසුකම් තිබුනේ 10 දෙනෙකුට පමණ වූ නිසාවෙන්, ඉතුරු පිරිස බස් රථයට ගොඩවිය.
නගරය වෙත පැමිණෙන මාර්ගය අතිශයෙන්ම අබලන්ව තිබිණි. වෑන් රථයේ වූ අබලන් භාවයද සමග නැගී එන කිරි කිරි හඬ මහත් කන්කරච්චලයක් වී තිබිණි.
මා ඉදිරිපස අසුනේ ගමන් ගත් නිසාවෙන්, මාර්ගයේ අබලන් භාවය හොදින්ම දිස්වන්නට විය. ගැස්සෙමින් පැද්දෙමින් කඳු හෙළ අතරින් ගමන් ගත් අප පැය බාගයක පමණ ගමනක යෙදුනු පසු මස්කෙළිය ජලාශයේ සොඳුරු දසුනක් නෙත ගැටී එහි මදක් නැවතුනෙමු.
හාත්පස මීදුම් පිරුණු පරිසරයේ වලා පටල සෙමන් ගමන් කරයි. යම් තරමක හිරුරැස් පතනයක් තිබුනද, මළුව තවමත් සීතලය. මාහට අධික මහන්සි ගතියක් දැනෙන්නට වුයෙන් පැමිණි විගස මදක් ඇලවූයෙමි. අප සමඟ ගමනේ යෙදුනු බලු මහතාද අප අසලම ගිමන් හරින්නට විය.
මද වෙලාවකින් අප දෙසට පැමිණියේ කසුන්ය. ඔහු අත යමක් තිබෙනු දුටු හෙයින් විපරම්කර බැලු කල, ඔහු අප රැගෙන ආ මුතු කොට්ටය අත දරා සිටි අතර සැමට අත ගස්සවා ගැනීමට පැමිණ තිබිණ. කොට්ටයට අත ගැසූ අප සියළුම දෙනා පාවහන්, හිස් වැසුම් ගලවා උඩමළුවට ඇතුළු වූහ.
උඩ මළුවට ඇතුළුවූ විගසම අපට හමුවුයේ මෙවන් වූ වදන් පෙළක් සහිත පුවරුවකි.
එය සැකවින් මෙසේ ලියමි.
ඔවුන් ශ්‍රීපාදය අවාර සමයේ තරණය කිරීම සඳහා සුදානම් වූ බවත්, ඒ සඳහා පේවී සිටි බවත් මට කීවේය. (මස් මාළු කෑමෙන් හා මත්පැන් පානයෙන් වැලකී සිට ඇත.) ඔවුන් අතර සිටි එක් මිතුරෙකු පමණක් විටින් විට ගමන අතරතුරදී මත්පැන් පානය කල බවත්, නමුත් ඔවුන් එය නොදැන සිටි බවත් කිවේය. ඔහු මොවුනට පවසා ඇත්තේ, පපුවේ දැවිල්ල ඇති නිසා යමක් පානය කරන බවය. මොවුන්ද එය විශ්වාස කර ඇත.
ඔවුන්ද අප පැමිණි මග ඔස්සේම උඩමළුවට පැමිණ ඇති අතර, එහිදී මා පෙර කි මගේ මිතුරාගේ සගයාට යම් පපුවේ අමාරු ගතියක් හා ක්ලාන්ත ගතියක් දැනෙන්නට වූ බව ලඟ සිටියකුට පවසා තිබිණි. මොවුන්ගේ නඩයේ 6 දෙනෙකු සිට ඇත. උඩ මළුවෙන් Fishing Hut දක්වා වූ ගමන මොහු ගමන් කර ඇත්තේ නඩයේ පසුපසට වන්නටය. මොවුන් පිරිස නල්ලතන්නියෙන් කැලෑගතව කි.මී. 2ක් පමණ ඇවිද ගියපසු පෙරකී බීමතින් පසුවූ මිතුරා ඔවුන් සමග නැති බව දැනගෙන ඇති අතර, පැය බාගයකට අසන්න කාලයක් බලා සිටියද ඔහු නොපැමිණි හෙයින් ඔවුන් නැවත ආමග ඔස්සේ පැමිණ ඇත්තේ ඔහු සෙවීම සඳහාය. ඔවුන් උඩමළුව තෙක්ම පැමිණියද ඔහු තබා ඔහුගේ හෝ ඔහු රැඳී සිටි බවට සලකුනකුදු තිබී නැත.
මේ පිළිබඳව පවසීමට අසල කිසිවකුද නොසිටි හෙයින්, ඔවුන් වහා නල්ලතන්නිය ඔස්සේ හැටන් හරහා පහලට බැස හැටන් පොලිසියට දුරකතනයෙන් දන්වා ඇත. නමුත් අද වන තුරුද හමුවූ කිසිත් නැත්තේය.
මේ පිළිබඳව මා අප නඩයේ කිසිවකු හා නොපවසන්නට තීරණය කල නිසා, තනිව සිත දරා ගමන් කළෙමි.
අප සතියක් පේවී සිටියෙමු. එම නිසා මගේ සීත ඉතාම පිරිසිඳුව තිබිණි, අප නඩයේ අනෙක් අයද එසේ සිටි නිසා කුමකටවත් සැකයක් තබා නොගත්තෙමි.
පෙර සඳහන් පුවරුවෙහි ගේට්ටුව වසා තැබෙන බවට සඳහන් උවද එය අප සඳහා විවරව තිබීම පුදුම දනවන සුළු විය.
ඉන්පසුව සියලුදෙනාම ශ්‍රීපදයේ ඇති ඝන්ටාරය නාද කළෙමු. එය සිරිතක් ලෙස සිරිපා කරුණා කරනා සියල්ලෝම කරන්නෝය..
අප අවාරයේ සිරිපා වන්දනා නඩයේ ඡායාරුපයක් ගැනීමට ගැනීමටද අමතක නොකළෙමු.
අප නඩයේ ඡායාරුපය ලබාගැනීමට සහයවූයේ විදේශීය සංචාරක යුවලක විසිනි. එම යුවල යුක්රේන රටින් පැමිණ සිටි අතර, නිරතුරුව රට රටවල සංචාරය කරනා යුවලකි. එම යුවලේ පුරුෂයාගේ දෙඅතෙහි මැණික් කටු හා වැලමිට අතර අපූරු සිතුවමක් පච්ච කොටා තිබිණි.
එම වහන්සේගෙන් පිරිත් නූල් කිහිපයක්ද ඉල්ලාගත් මම හැටන් දෙසින් උඩ මළුවෙන් පහලට බැස, Fishing Huts බලා ගමන් ආරම්භ කළෙමු..
පඩි බැසීම පඩි නැගීමට වඩා අසීරු බව මට වැටහුනේ සීතලට මස්පිඬු තදවිමත්, මුළු සිරුරේම බර කකුල් වලට පැමිනෙන්නාක් මෙන් දැනීමත් අත්වාරුව මැණික්කටුව ඔස්සේ වැලමිටට පැමිණීමත් සමගය. ඇතැම් ස්ථානයන්හි එක දිගට පඩි 40-50 හැල්මේ බැස ගියද, පසුව එය අවදානම් බව වැටහුනහෙයින් නවතා දැමුවෙමි.
අපට මහගිරිදඹය අවසන් වන තෙක් පඩි බැසීමට සිදුව තිබිණි. අතරින් පතර සිරිපා වන්දනා සමයේ කඩ පිල් පවත්වාගෙන යන පිරිස, ඊට අවශ්‍ය අඩුම කුඩුම ද රැගෙන උඩුගම් බලා කඳු නගිනු දැකිය හැකිවිය. ඇතැමුන් ගෑස් සිලින්ඩර ද, ඇතැමුන් බඩු ගෝනි පිටින්ද කරගසාගෙන යනු දුටිමි.
මේ අතර අපට හමුවූයේ විශාල දිගින් යුක්තවූ තහඩු කිහිපයක් රැගෙන පඩියෙන් පඩිය සීරුවට ඉහලට ඇදෙනා පිරිමින් දෙදෙනෙකි. දෙදෙනා අතර පරතරය අඩි 20ක් පමණ වන්නට ඇත. ඔවුන් අප සිටි ස්ථානයේ මදක් රැඳී සිට විවේක ගත් බැවින්, මා ඔවුන් හා දොඩමළු උනෙමි.
ඔවුන් විදුලි බල මණ්ඩලයේ සේවයේ නියුතු වුවන් අතර, සිරිපා සමයේ සිරිපා කරුණා කරනා බැතිමතුන්හට ආලෝක පුජාව සඳහා ඔවුන් ශ්‍රම දායකත්වය පුදකර සිටියහ.
මද වෙලාවක් එහි ගතකල ඔවුන් නැවත ඉහලට ඇදෙන්නට වූ අතර, අපද පල්ලම් බැස්සෙමු.
කි.මී. 2 ක් පමණ පල්ලම් බැසි අපට දිස්වුයේ මහගිරිදඹය අවසන්ව තැනිතලාවකට පිවිසෙන අයුරුය. ඒ සමගම දකුණු දෙසට යම් තරමකට වල් බිහිවී ගිය කැලෑ මගක් දිස්වන්නට විය. ඒ Fishing Huts යාමට සිරිපා මාර්ගයේ පිවිසුම් දොරටුව බව අපට වැටහී ගිය අතර අප මිතුරු කෝසලද එය අනුමත කළේය.
අප එම ස්ථානයෙන් දකුණු දෙසට හැරෙද්දී, එතෙක් අප තනි නොතනියට අප හා පැමිණි, අපගේ නඩයේම සාමාජිකයෙකු වන්වූ එකම සිවුපාවාද වූ එම බලු මහතා. අපට ආයුබෝවන් කියා නැවතිණි.
අප කොපමණ දුරක් ඇවිද ආවාදැයි මට මතක නැත. අප එන අතර මග තැන්නේද ලන්දේද නගිමින් බසිමින්, ගල් මතින් පනිමින් පැමිණියෙමු. ඒ අතර තුර පේරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් අපට හමුවූ අතර, ඔවුන් මස්කෙළියේ සිට සිරිපා වන්දනා කරමින් සිටියහ.
මේ වන විට අප නඩය කොටස් 3කට හෝ 4කට බෙදී සිටිය අතර, ඔවුන් වෙන් වෙන්ව ගමනේ යෙදුනහ. මා ගමන් ගත් නඩය අවසාන නඩය බවට පැහැදිලිවම දැකගත හැකි වූයේ, අප නැවතී ගිමන් හරින විට අප දෙසට කිසිවකුත් නොපැමිණි නිසාවෙනි.
තරමක් ලඳු කැලෑවක පිහිටා තිබූ ගල් තලාවකට අප පැමිණ සිටියෙමු. මා අධික ලෙස වෙහෙසටපත්ව සිටි අතර ගල් තලාවේ වැතිර ගත්තෙමි. මදකින් හාත්පස කළු වලාවක් පැතිර ගිය අතර ඈතින් ශ්‍රීපාද කඳු ශිඛරය දිස්විය.
මා මිතුරු ලක්මාල් මාහට සැනසුමක් වෙමින් පවසා සිටියේ, මගේ ගමන් මල්ල රැගෙන යාමට Fishing Huts හි සේවයේ නියුතු අයෙකු ලඟ ලඟම පැමිණෙන බවයි. අප නැවත ගමන් ඇරඹුවෙමු. තවත් කි.මී. 1 ක් පමණ ඇවිද යන්නට ඇත, සරමක් කැහැපට ගන්වාගත් මැදිවියේ පසුවූ දමිළ මිනිසෙකු එක් වරම අප ඉදිරියෙන් මතුවිය.
"ශංකර් මහත්තය ඉන්නවද..?" ඔහු අපගෙන් ඇසීය.
මගේ බඩු මල්ල ඔසවාගත් ඔහු, ආවාටත් වඩා වේගයෙන් පිටව ගොස් තැනිතලා අතරින් නොපෙනී ගියේය. ඔහු පැවසූ පරිදි අපට යාමට තිබුයේ තවත් කි.මී. 3 ක් හෝ 4 ක් පමණි.
මා අත වූ කැමරාව මාගේ මිතුරෙකු රැගෙන ගිය බැවින් Fishing Huts යාමට කැලෑවැදුණු තැන සිට Fishing Huts තෙක් කිසිදු ඡායාරුපයක් මා සතුව නොමැතිවීම ගැන මා අතිශයින් කණගාටුවට පත්වෙමි.
අප තවත් කි.මී. 2 ක් පමණ ඇවිද යන්නට ඇත. අපසතුව තිබූ වතුර සියල්ල අවසන්ව තිබිණ. වතුර පුරවා ගැනීමටද ඇළපාරක් හෝ නොවිය. දිව ගිලෙන්නට ඔන්න මෙන්න මෙනි. ඉදිරියෙන් අප මෙතෙක් පැමිණි මාර්ගය අවසන් වන බවක් පෙනෙන්නට විය. "අපට පාර වැරදුනාවත්ද.." අප දෙගිඩියාවකට පැමිණ සිටියෙමු. අපගේ ඉදිරියෙන් ගමන් කල සගයන් ඇමතීමට උත්සාහ කලද ජංගම දුරකථන සියල්ලෙහි තරංග කිසිවක් නොමැති විය. සියළු බලාපොරොත්තු බිඳ වැටෙමින් තිබිණි.
නමුත් කළ හැකි කිසිත් නොමැති විය. අප කැලෑව අතරින් යම් හෝඩුවාවක් හෝ අඩි පාරවල්, කැඩුණු අතු කැබලි, පොඩිවුණු කොළ සොයමින් ඉදිරියට ඇදුනෙමු.
අපට තවත් ගල්තලාවක් හමුවිය. එය අප දෙසට බෑවුම් වන පරිදි පිහිටා තිබූ අතර ඉතාම කුඩා දිය පහරක් ඒ ඔස්සේ ගලා යන්නට විය. බෝතලයකට එකතු කර ගැනීම කෙසේ වෙතත්, රෙදි කඩකටද පොඟවා ගැනීමට තරම්වත් අපහසු ලෙස ගලා ගිය එම දිය දහර අප හට යම් ඉඟියක් දුන්නාදැයි මට සිතිනි.
විනාඩි 10ක් පමණ එහි රැඳී සිටි අප, නැවත ගමන් ඇරඹීමු. මීටර 500ක් පමණ ඇවිද ගිය අපට හුණුගල් මඩ ගොහොරක් හමුවිය. එහි අප පාවන් නොසිතු ලෙස ඇතැම් තැන්හි අඩියක් පමණ එරී යන්නට විය. ඉතා සීරුවෙන් නොගැඹුරු තැන් සොයමින් අඩිය තැබූ අප පාර හරහා ගලාගිය දිය පහරක් වෙත පැමිණියෙමු.
වහ වහා බිම දිගාවී බෝතල් වලට වතුර පුරවාගත් අප හිතැති සේ පිපාසය නිවා ගතිමු. ඉන්පසු තවත් වතුර බෝතල් වලට පුරවාගත් අප, එම දිය පහරින් මුහුණ කට සෝදාගෙන හිසද තෙමාගෙන යලි ගමන පිටත් වීමු.
අප තවත් කි.මී. 2 ක් පමණ ඇවිද යන්නට ඇත. අප ගමන් ගත් මග වැටී තිබුනේ කඳු හෙල් අතරිනි. මේ වනවිට පෙර අපට මුණ ගැසුණු මිනිසා පැවසූ දුර මෙන් දෙගුණයක් දුර අප පැමිණ සිටියෙමු. නමුත් කෙළවරක් පෙනෙන්නට නොවිණි. නැවත වරක් වතුර අවසන් වෙමින් තිබිණි. මේ වනවිට මා ගමන් ගත් පිරිසෙහි සිටියේ චමිලත් නුවනුත් මමත් පමණි. චමිල හා මා හට හොඳ පදමට හති වැටී සිටි අතර නුවන්ට එතරම්ම අපහසුවක් නැති බව පෙනෙන්නට විය.
අපට පෙනෙන්නට වුයේ, ඈතින් කන්දේ ඉතා විශාල ගසක් මුලින් ඉදිරී වැටී ඇති අයුරුය. එම ස්ථානයෙන් අපගේ ගමන් මග වැටී තිබූ නිසාවෙන් අප එම ගස තරණයට සුදානම් වූයෙමු. මා එම ස්ථානයෙන් දෙතුන් වරක්ම ලිස්සා පහලට ගියේ මහන්සිය දෙගුණ තෙගුණ කරමිනි. ඉතා අපහසුවෙන් බඩගාමින් එම ස්ථානය තරණය කල මට පිපාසය දර ගත නොහැකි තත්වයක් මතුව තිබිණි. ඉතා සෙමෙන් ඉදිරියට විසිවේවී මෙන් ගිය මා හට තද දිගු කඳු බෑවුමක් දිස් විය.
ඉතාම අතින් යමෙකුගේ කටහඬක් ඇසෙන්නට විය. උස් හඬින් අපද කෑ ගැසීමට උත්සාහ කලද, එය අපහසු බව වැටහිණි. අප මිතුරු නුවන් අප පසුකර ඉදිරියට ඇදුනේ, අපට වතුර සොයා දීම සඳහාය. ඉතා අමාරුවෙන් ඉදිරියට ඇදුනු අපට ගසක් යට වූ වතුර බෝතලයක් පෙනෙන්නට විය. වැලිකතරේ මිරිඟුව දිටුවෙකු සේ මා එහි දිව ගියද පය ලිස්සා උඩින් විසිවී ගියේ නොසිතු ලෙසිනි. මා හිස ඔසවා බැලූ කල වතුර බෝතලය අසලම මා සිටි අතර, වාසනාවකට කිසිදු උපද්‍රවයකින් තොරව ම සිටියේය.
වතුර උගුරු කිහිපයක් බිවු මම, චමිලට ඇසෙන්නට කෑගැසූයෙමි, "වතුර තියනවා..". චමිලද විගස එතනට පැමිණ පිපාසය නිවා ගත්තේය. ඉන්පසු එම වතුර බෝතලයත් රැගෙන අපට යාමට හැකිවුයේ තවත් මීටර 500කටත් වඩා අඩු දුරකි, නුවන් ඈතින් සිටිනු දක්නට වූ අතර තේ වත්තක් ද පෙනෙන්නට විය.
ඈතින් පෙනෙන්නට වූයේ රවුම් සමතලා භූමියකි. එහි 3 - 4 දෙනෙකු යමක් මත වාඩිවී සිටිනු ඈතින් පෙනෙන්නට විය. මා ඒ දෙසට ඇවිද්දා නොව විසිඋනෙමි. මා ගීය පාර කෙලින්ම වැටී තිබුනේ ඒ දෙසටය. නමුත් ටික දුරක් යනවිට පෙනී ගියේ කෙලින් ම වැටී තිබු මාර්ගය, S අකුරේ හැඩයට විශාල දුරක් ගමන් කර පෙර මා පැමිණි මගට සමපාතව කෙළවර වන ආකාරයකි. "බුදු අම්මෝ"මට ඉබේ කියැවිණි. උගුර කටද වේලී තිබිණි. කකුල් දෙකද ගිනියම්ය. තේ වත්තේ ගල් බොරළු මැදින්, අඩිය නොමැති සපත්තු ජෝඩුවද දමාගෙන මා දෙකට තුනට නැමී ඉදිරියට ඇදෙන්නට වීමි. එම දුර ගෙවා යන්නටද තවත් අඩ හෝරාවක් වත් ගතවන්නට ඇත. මා එහි ලඟා වන විට උපාලි, ලක්මාල් ඇතුළු කිහිපදෙනෙක් එහි වුහ.
අප අපගේ 2වන දින ගමනාන්තයට පැමිණ ඇත්ද..?
හොඳ පමණට හෙම්බත්ව සිටි මට, සරම කැහැපට ගන්වා ගත් මිනිසෙකු ඈතින් එනු පෙනිණි. ඒ අන් කවරෙකුත් නොව, කැලය මැදදී අපට හමුවූ, මගේ ගමන් මල්ල රැගෙන ගිය පුද්ගලයාම විය. ඔහු ඈත තියා හඳුනා ගත් මා "හොඳ කි.මී. 3 - 4 නේද, ඇයි අපිට බොරු කිව්වෙ" යැයි නෝක්කාඩු ලෙසින් කීවෙමි. ඔහු සිනාසුනා මිසක, කිසිත් කීවේ නැත.
මා වෙත පැමිණෙනවාත් සමඟම සරමේ කැහැපට ලිහා දැමු ඔහු "මාතියා, තරහා ගන්ට යෙපා.. මේයික සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවිය. මම නියම ගාන කිව්වනම් මත්තියල තාමත් මග යෙනවා... අපි හරි දුර කියන්නෙ නෑ කාටවත් මාතිය..." ඔහු බයාදු ලෙස මිමිනීය.. මට යමක් වැටහිණි.. මා හට එය වැටහුණු බව ඔහුටද හැඟී ගිය බැවින්දෝ.. අහිංසක ලෙස ඔහු සිනා සිනි...
මාගෙන් මදක් ඇතට ගිය ඔහු, බීඩියක් දල්වාගනු මට පෙනිණි. "ලොකු උන්නැහේ, වතුර එහෙම නැද්ද" යැයි මා ඔහුගෙන් ඇසූ විට, යටහත් පහත් විලසින් වතුර නැති බව පැවසූ ඔහු, ඒ සඳහා අප නවාතැන්පලටම යා යුතු බව පැවසීය...
ඔහුගෙන් මා හට දැන ගැනීමට ලැබුන පරිදි අපගේ 2වන දින නවාතැන්පොල වන Fishing Huts වෙත තව ස්වල්ප දුරක් යාමට තිබෙන බවය. නමුත් මොහුගේ දුර ගණනය පිළිබඳ විශ්වාසය පළුදුව තිබූ මා "මූ කියන විදිහට තව කිලෝ මීටරයක් වත් දුර ඇති" යැයි උපාලිට කීවෙමි.
"අපිට එතනට යන්න වාහනයක් ගෙන්න ගන්න බැරිද" උපාලි එලෙස ඇසුවේය. පුළුවන් යනුවෙන් හිසින් සංඥා කල ඔහු විදුලි වේගයන් දිවුවේය.. මා හට ROAD RUNNER කාටූනය මතක් විය.
උපාලි, චමිල, නුවන් සහ මා හැරුණු කල අන් සියල්ලන්ම අප සිටි ස්ථානයන් පිටව ගොස් තිබිණි. අහස මදක් කළු කරමින් තිබුණු බැවින්, වැස්සක සේයාවක් දිස්වන්නට විය. "නාන්න වෙයි වගේ" මම චමිලට කීවෙමි. වැස්සක් පාත් උවහොත්, අපට මුවා වීමටද ස්ථානයක් නොමැති විය.
පැය බාගයක් පමණ ගතවන්නට ඇත. අප දෙසට ත්‍රී රෝද රථයක් එනු පෙනිණි. "හුටා, හතරක් කොහොමද බං මේකෙ යන්නෙ.." මට ඉබේ කියැවිණි. චමිල, නුවන් හා මම විශාල දේහදාරියන් වීමු. උපාලි අප තරම්ම නොවුනද, සුළු පටුම නැත. එපමණක් නොව, මගේ හැරුණු කල අනෙක් තිදෙනාගේ ගමන් මළුද එහි ගෙනි යන්නට වූ බැවින් දෙදෙනෙකුට වඩා එක වර යා නොහැකි බව අපට අවබෝධව තිබිණි.
"සංඛයි චමිලයි මුලින් යන්න, අපි දෙන්න දෙවනියට එන්නම්" උපාලි එසේ කීවේය. එවිට චමිල හා මගේ අදහස වුයේ අප හතර දෙනාම කොහොම හරි එකටම යමු යන්නය. ඒ මෙම ත්‍රී රෝද රථය අපව ඇරලවා නැවත පැමිණීමට තව පැයක් වත් ගතවනු ඇතැයි සිතුන නිසාවෙනි.
එවිට අප ගැටලුවට පිළියම් සෙවීමට, පෙර සඳහන් කල මිනිසා ඉදිරිපත් විය. "මාතිය, මම බෑග් ටික ගෙනියන්නම්, මාතියල ත්‍රී වීලර් එකේ එන්ට" ඔහු එලෙස කිවේය... ඉතා කැමැත්තෙන් ඔහුට අපගේ ගමන් මළු ගෙනයන්නට දුන් අප, ත්‍රී රෝද රථය ගොඩ උනෙමු.
මුලින්ම ත්‍රී රෝද රථයට ගොඩවූයේ චමිලය, ඉන්පසු උපාලි නැගි අතර, තෙවනියට මා නැග්ගෙමි. දැන් ත්‍රී රෝද රථයේ පිටුපස සාඩින් ටින් එකක් මෙන්ය. "නුවන් ඉස්සරහින් නගින්න" උපාලි එසේ කීවද රියදුරු තැන ඊට අකමැති බව පෙනෙන්නට විය..
"මතියල දෙන්නෙක්ව දාල සුටුස් ගාල ඇවිල්ල අනික් දෙන්න ගන්නම්" ත්‍රී රෝද රථ රියදුරා එසේ කිවේය. ඒ ගාන කඩා ගන්නටය. "ඇයි මෙයාව ඉස්සරහට ගන්න බැරි" යනුවෙන් අප ඇසූ කල, "කපන්න අමාරුයි" යනුවෙන් පැවසීය. "හරි, කපනකොට මම බහින්නම්" නුවන් එසේ කිවේය. නුවන් ව අකමැත්තෙන් මෙන් ඉදිරිපසින් නංවා ගත් ත්‍රී රෝද රථ රුයදුරු තැන සෙමෙන් සෙමෙන් ගමන් ඇරඹීය.
කන්දේ රවුමට කපා තිබූ ගල් බොරළු බහුල පාරේ ගමන් ගත් අප ත්‍රී රෝද රථය, ඇතැම් තැන්හි පාර හරහා දමා තිබූ ගල් පේලියන්හි හැපෙන්නට විය. එම ගල් පේලි දමා තිබුනේ, වර්ෂාවට පාරේ පස් ගසාගෙන නොයාමටය. එලෙස හැපුණු එක් විටක, නැවතුනු ත්‍රී රෝද රථය තුලින් බැසගත් අප, එය තල්ලු කර නැවතත් ගමන පටන් ගතිමු.
ඇඟ කිලිපොලා යමින්, එක් විටක බෑවුම දෙසට ඇලවූ ත්‍රී රෝද රථය, මා විසින් බිමට පය ගසා නැවත කෙලින් කරවා ගත්තෙමී... ත්‍රී රෝද රථයේ රියදුරු තැන අපරික්‍ෂාකාරී ලෙස රථය පදවනවාදැයි සැක ඇතිවුයේ, ඇතැම් තැන්හි මා වාඩිවී සිටි බෑවුම පිහිටි පැත්තෙහි වූ රෝදය, මාර්ගය අයිනට ම වන්නට ගමන් ගත්තේ, පෙරලෙන්නට ගියහොත්, නැවත වරක් මාහට කකුල බිම ගැසීමට නොහැකි වන පරිද්දෙනි.
ඇඟේ ලේ වතුර වන්නට පෙර අපට Fishing Huts වෙත පැමිණෙන්නට හැකිවීම පිළිඹඳව මම සමන් දෙවිඳුන්ට ස්තුතී පූර්වක වීමි. පුදුමයකට මෙන් ඒ වන විටත් අපගේ ROAD RUNNER එහි පැමිණ සිටියේය.
සම්පූර්ණ Fishing Huts ලැගුම් හල අප විසින් වෙන් කර තිබූ අතර, එහි කොටස් 4ක් ස්ථාන 4ක පිහිටා තිබිණි. මාගේ කාමරය පිහිටා තිබුනේ Fishing Huts ලැගුම් හලෙහි ප්‍රධාන කොටසේ වන අතර, අපගේ රාත්‍රී ප්‍රිය සම්භාෂණය පැවැත්වීමට නියමිතව තිබුනේද එම ස්ථානයේම වීම විශේෂත්වයකි.
Fishing Huts ලැගුම් හල සම්පුර්ණයෙන්ම ලීයෙන් නිමවා තිබූ අතර වහලයට පිදුරු හා පෝල් අතු සෙවෙලි කර තිබිණි. බැලූ බැල්මට එතරම් සුවපහසු ස්ථානයක් නොවන බව පෙනෙන්නට උවත් අපගේ ගමන් වෙහෙස ඒ සියල්ල අභිබවා තිබිණි.
අපගේ කාමරය මෙසේ දිස්විය.
අපගේ ගමන් මළු කාමර වලට දැමූ අප, ඒ වන විටත් සුදානම්ව තිබූ දිවා ආහාරය ගිල දැමුවෙමු. ඉන්පසු අප ඇඳන් මත ඇලවූයේ මහන්සිය නිසාමය.
මා නැවත අවදි වන විට රාත්‍රී 9:00 පමණ වී තිබිණි. නිවස තුල කිසිදු හැල හොල්මනක් නැත. එදිනට අප යොදාගෙන තිබුනේ BBQ රාත්‍රියකි. නමුත් BBQ තබා ගිනිමැලයක් වත් දක්නට නැත.
කාමරය තුල වුයේ කෑලි කපන කළුවරකි. මද වෙලාවක් ගතවිය, අයෙකු පැමිණ චිමින්නියක් සහිත බූමිතෙල් ලාම්පුවක් කාමරය තුලින් තැබීය. මම වට පිට බැලුවෙමි. මා නිදා සිටියේ බිත්තිය මුල්ලෙහි වූ තනි ඇඳෙහි ය. මගේ වම් පසට වන්නට වූ විසල් ඇඳෙහි යමෙකු ඇතිරිල්ලක් පොරවාගෙන ගුලිවී සිටිනු දක්නට විය. ඒ ලක්මාල් බව ලාම්පු එළියෙන් මම යාන්තමට දුටිමි.
"ලකා, අද පාටිය නැද්ද.." මම ඇසුවෙමි. "පාටිය, දැන් වෙලාව කීයද" ලක්මාල් ඇසුවේය. "නවයයිනෙ" මම අත් ඔරලෝසුව දෙස බලාගෙනම කීවෙමි.
"උඹල තාම නිදිද" සාලය දෙසින් යමෙක් එසේ පවසද්දී, උපාලි කාමරයට ඇතුළු විය.
"උපාලි, මොකද වෙන්නෙ, මුකුත් නෑ වගේ නේද.." මම එසේ කියනවාත් සමගම කෞෂල් ද කාමරයට ඇතුළුවිය.
"වැඩේ පටන් ගන්න හදන්නෙ, වරෙල්ල" යමෙකු එසේ පවසද්දී, අප සෙමෙන් සාලයට ඇදුනෙමු.
අපගේ සාලයේ අඳුර මකන්නට වුයේ පැට්‍රෝ මැක්ස් ලම්පුවකි. එහි එලිය හොඳටම ප්‍රමාණවත් විය.
එකා දෙන්නා සාලයෙහි වූ මේසය වටා රොක්වන්නට විය. මධු විත පානය කරන්නවුන් මෙන්ම නොකරන්නවුන් ද ඒ අතර විය. අප සිටි නිවසින් පිටත ගිනිමැලයක ගිනි දැල් මොදුවනු පෙනිණි. පදම් කරගත් මස් කැබලි, අපගේ නිවසේ මුළුතැන් ගෙයි සිට ඒ වෙත රැගෙන යනු පෙනුණු අතර, සිතල ටිකෙන් ටික වැඩිවෙමින් තිබිණි. අප සිටි නිවස්න අද්දරින් ගඟක් ගලා ගිය අතර, එම ගඟ නිසා සිතල වැඩියෙන් දැනෙන්නට ඇතැයි සිතමි,
අප හොඳ පමණට මහන්සිවී සිටි නිසා වෙනදා තරම් උද්යෝගයක් එහි දක්නට නිවිණි. මා වෙහෙසකර කඳු නගින්නෙකු බවට පත්ව ගමනාන්තය තෙක්ම හති ලමින් පැමිණි හෙයින්, දවසේ මතෘකාව බවට මා නිතැතින්ම පත්වීම අරුමයක් නැත.
අප සෞදිය පුරන්නට සැරසෙන විට රාත්‍රී 9:55 පමණ වී තිබිණි.
එහි ටික වෙලාවක් සිටිනා විට මා හට අප කාර්යාලයේ මිහිරි ෆොන්සේකා විසින් අප නැවතී සිටි Fishing Huts ලැගුම් හල සම්බන්දව ඇය අසා තිබූ මා හට පැවසූ පුරවුර්තයක් සිහිපත් විය.
එය සැකෙවින් මෙසේය.
කලකට ඉහත අප මෙන්ම නඩයක් Fishing Huts ලැගුම් හලෙහි නවාතැන් ගෙන ඇත. ඔවුන්ද අප මෙන්ම මෙලෙස සෞදිය පුරා ඇත. නමුත් නඩයේ සිටි එක් හොඳ උස මහත පිරිමි පුද්ගලයෙක් නිවස තුල, ඔවුන්ගේ නඩයේ නොවන, ඉවුම් පිහුම් භාර පුද්ගලයාද නොවන අයෙකු, ඔවුන් සමීපයෙහි සිටිනවා දැක ඇත. ඔහු ඒ පිළිබඳව විපරම් කර බලා, නඩයේ අනෙක් මිතුරන්ටත් දන්වා සිටියද පුදුමයකට මෙන් අනෙක් අයවලුන් හට එම පිටස්තර පුද්ගලයා නොපෙනුණු අතර, එම නොහඳුනන පුද්ගලයාද හොඳ උස මහත අයෙකු ලෙස දිස් වන්නට විය.
පසුව පෙරකී නඩයේ සිටි තැනැත්තා හදිසි අවශ්‍යතාවයකට නිවස්නෙන් පිටතට පැමිණ ඇති අතර, එහිදී පෙරකී නාඳුනන තැනැත්තා ඔහුව ගඟ වෙත කැඳවාගෙන යන්නාක් මෙන් ඔහුට දැනී ඇත. හොඳ පමණට මධු විත සප්පයම්ව සිටි ඔහුද තමාට තමා පාලනය කරගත නොහැකිව ගඟට යන්නට ඇත.
නිවසින් පිටට ගිය මිතුරා බොහෝ වෙලාවක් යන තුරුත් නැවත නොපැමිණීම නිසා, ඔහුගේ නඩයේ අනෙක් මිතුරන් ඔහු ගැන විපරම් කරද්දී, යමෙක් ඔහු ගඟ මැදට වන්නට සිටගෙන සිටිනවා දැක ඇත. අවතාරයක් මෙන් ගඟ මැද සිටගෙන සිටි ඔහු නිවසට පිටුපා සිට ඇත. සියළුම දෙනා කෑගැසූ පසු පසුපස හැරුණු ඔහු, තමා සිටින්නේ ගඟ මද බව දැනගෙන ඇත්තේ එවිටය. පසුව මිතුරන්ද එක්ව ගොඩට පැමිණි ඔහු පවසා ඇත්තේ එලියට ගිය ඔහුට යමෙක් දිය නෑමට කතාකොට, ගඟ වෙත රැගෙන ගිය බවක් යන්තමින් මතක බවය.
පසුව ඔවුනට දැනගන්නට ලැබුණු පරිදි, එම ගඟෙහි ඔහු වැනිම හොඳ උස මහත පිරිමි අයෙකු ගිලී මැරී ඇත. ඇතැම් හොඳ උස මහත පිරිමි පුද්ගලයින්ට එම අවතාරය පෙනෙන්නට වන බවත්, දියට යෑමට අඬගසන බවත් දැනගෙන ඇත.
අප නඩයේ උස මහත අයවලුන් කිහිප දෙනෙක්ම සිටි අතර, ඒ අතර මා ද සිටියද මා එම අවතාරය නොදුටුවෙමි.
මේ පිළිඹඳව වැඩි විස්තර දැන ගැනීමට අප නිවස්නේ ඉවුම් පිහුම් බාරව කටයුතු කල අයගෙන් විමසා සිටියෙමි. ඔහු පැවසූ පරිදි, ඔහු මේ නිවස්නට සේවයට පැමිණ වසර 10කට ආසන්නය. ඇතැම් දිනයන්හි, මහ රෑ මස් මාළුද රැගෙන ඔහු තේ ගස් මැදින් කිලෝමීටරයක් පමණ අතින් වන ඔහුගෙ නිවසටද පයින්ම ගොස් ඇත. නමුත් කිසිම දිනෙක ඔවැන්නක් ගැන ඡායාවක් තබා හොඩුවවක්වත් ලැබී නැත.
ඔහු කියනා පරිදි එම අවතාර කතාව හුදෙක්ම මිත්‍යාවකි. Fishing Huts ලැගුම් හලෙහි නවාතැන් ගැනීමට පැමිණෙන්නවුන් බිය කරන්නට ගෙතු බේගලකි.
අප උදැසන 2 පමණ වනතුරු සිංදු කියමින්, සිනා සෙමින් කතා කියමින්, කතා අසමින් විනෝදයෙන් සිටින්නට ඇත.
එළිමහන් කුටිය තුල එකා දෙන්නා අඩුවන්නට විය. අවසානයේ මාත් කෝසලත් පමණක් ඉතිරිව අනෙකුන් සියල්ලන්ම තම තමන්ගේ කුටි වලට ගොස් සිටියහ.
අහස වලාකුළින් තොර විය. තරු පොකුරු ඉතාමත් දීප්තියෙන් බබලන්නට වුයේ වෙන කිසිදාටත් වඩා එළියක් ගෙන දෙමින් යැයි මට සිතිණි. අප දෙදෙනා Fishing Huts ප්‍රධාන ලැගුම් හලෙහි ආලින්දයට වී හාන්සි පුටු දෙකක දිගාවී අහස දෙස බලා සිටින්නට වීමු. මට එම තරු රටා දැකීමෙන් කුඩා අවදියේ මා සිත තුල වූ අහස හා හිරු සඳු තාරක ගවේෂණය කිරීමට තිබූ ආශාව නැවතත් සිත වැටිණි.
එහි මද වෙලාවක් රැඳී සිටි අප දෙදෙනාද කාමර වෙත පියනැගුවෙමු. මා නින්දට යන විට පාන්දර 2:30 පසුවී තිබුණාට සැකයක් නැත.
//--දෙවන දිනයෙහි අවසානය එසේ සනිටුහන් විය
** තුන්වන දිනය (30 නොවැම්බර් 2014)**
වෙලාව පාන්දර 5:00 හෝ 6:00 පමණ වන්නට ඇත. තද නින්දේ පසුවූ මා යම් හඬකින් ඇහැරෙන්නට ඇත. ඔළුවේ සිට දෙපතුල දක්වාම ඇඳ ඇතිරිලි දෙකකින් පොරවාගෙන සිටි මම අත රැඳී ඔරලෝසුව දෙස බැලුවෙමි. ඒ ඇතිරිල්ල තුලම ගුලිවීගෙනය. වේලාව පෙනෙන්නේ නැතිය. (මා කලක පටන් ගෙදරින් පිට චාරිකාවක් ගිය විටදී, අත් ඔරලෝසුව නොගලවන්නට පුරුදුව සිටින්නෙමි. ඒ කලකට ඉහතදී මගේ මිතුරෙකු මගේ ඔරලෝසුව විහිලුවට ගෙන ඔහුගේ කාමරයේ තබා තිබියදී, එය පුදුම සහගත ලෙස අතුරුදහන් වීම නිසා වෙනි)
කාමරයේ කිසිදු හැලහොල්මනක් නැතිය. ඉතාමත් සෙමෙන් දොරක් අරින හෝ වාහන විට එන "කිරි කිරි" හඬට සමාන හඬක් යාන්තමින් මට ඇසෙන්නට විය. මා සිටියේ කාමරයේ මිදුල පැත්තට වූ බිත්තිය අයිනෙහි වූ ඇඳෙහි බැවින් එම හඬ ආවේ එලියෙන්ද නැත්නම් ඇතුලෙන්දැයි සිතා ගැනීමට නොහැකි විය. එක් වරම පියවර දෙක තුනක මද අඩි හඬක් අසුන අතර යමෙකු කාමරයෙන් පිටත මා සිටි කාමරයේ ජනේලය අසල සිටගෙන සිටිනවා මෙන් දැනෙන්නට විය. මා නිශ්ශබ්දව සිදුවන දෙය දෙස කන් යොමා සිටියෙමි. අන් කිසිදු හඬක් නැවත නොඇසිණි.
මට නැවත නින්ද ගොස් තිබූ අතර දෙවන වර ඇහැරෙන විට උදෑසන 7:00 පමණ වී තිබෙන්නට ඇත. ආලින්දයේ තුන් හතර දෙනෙකු කතාකරමින් සිටින හඬ ඇසෙන්නට වූ අතර පුදුමයකට මෙන් අළුයම් කාලයේ ඇසුණු හඬ පිළිබඳ මතකයන් මගේ සිතින් මැකී ගොස් තිබිණි. නැවත එම හඬ පිළිබඳ සිදුවීය මා හට මතක් වුයේ, ලඟදී දිනක Fishing Huts නිවාඩු නිකේතනය හා එහි ප්‍රධාන ලැගුම් හල පිළිබඳව පුවත් පතක පලවූ ලිපියක් කියවන අතර තුරදි වීම සැබවින්ම පුදුම සහගත යැයි මට සිතේ...
එම ලිපියට අනුවද, අළුයම් කාලයෙහි ඇතැම් අද්භූත හඬවල් ඇසුණු බව සඳහන්ව තිබුනද, ඒවා ඇසුනේ කවුරුන්ට කෙදිනද යන්න සඳහන්ව නොතිබිණි.
"ඇල්ල ලඟ වළව්ව" කතා මාලාව මෙන්, Fishing Huts නිවාඩු නිකේතනයද අද්භූත කතා මාලාවකට ගැලපෙන පසු බිමක පිහිටා තිබෙන බව මා හට නිකමට මෙන් හැඟී යයි.
පෙරදින සාජ්ජය පැවැත්වූ ස්ථානයට පිටතින් වූ සඳළු තලයට එක්වූ අප අවට සිරි නරඹන්නට වීමු. නිවාඩු නිකේතනය අසලින් ගලාගිය දිය පහර මනරම් දසුන් මවමින් තිබූ අතර අපේ නඩයේ ඇතැමෙක් එහි දිය නෑමටද අමතක නොකළේය. අප සිටි ස්ථානයට මදක් එපිටට වන්නට, ඈත සිට පියඹා පැමිණි කුරුළු ජෝඩුවක් පෙරදින රාත්‍රී BBQ දැමූ ස්ථානයේ පිහිටි කණුවක වසා සිටි අතර පසුව එක් කුරුල්ලෙකු පොලවට පියඹා පැමිණි හෙයින් කැමරාව මානා සිටි මා ඌ කැමරාවට හසුකර ගැනීමට වසනාවන්ත වුයෙමි.
මේ කුරුල්ලා ගැන යම් සඳහනක් කළහොත්,
ශ්‍රී ලංකානු නිල් කැහිබෙල්ලා නොහොත් ඉංග්‍රීසියෙන් Blue Magpie ලෙස හඳුන්වන මෙම පක්ෂියා, Sri Lanka blue magpie නැතහොත් Ceylon magpie ලෙසද හඳුන්වන අතර විද්‍යාත්මක නාමය ලෙස Urocissa Ornata ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂි විශේෂයක් වන මොවුන් Crow family හෙවත් කපුටු පවුලේ සාමාජිකයෙකි. මෙම පක්‍ෂින් වැඩි වශයෙන් සදාහරිත තෙත් ඝන වැසි වනාන්තර වල දැකිය හැකි අතර, වැසි වනාන්තර විනාශය මොවුන් ගේ වාසස්ථාන අහිමි කිරීමට මුලික ලෙසම බලපා ඇති කරුණකි. ශ්‍රී ලංකානු නිල් කැහිබෙල්ලා සාමාන්‍යයෙන් කුරුල්ලන් හය හතක කුඩා කණ්ඩායම් ලෙස හමුවන අතර සමාජ ශීලි පක්ෂියෙකි. කුඩා මැඩියන්, කටුස්සන්, කෘමින් සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන් ආහාරයට ගනිමින් ජිවත් වන මොවුන්, පලතුරු වර්ගද අනුභව කරති. කුසලානයක් හැඩයට ගසක හෝ වනයේ පඳුරු අතර කූඩු තනනා මොවුන් සාමාන්‍යයෙන් වරකට බිත්තර 3 සිට 5 දක්වා දමයි. මොවුන්ගේ බිත්තර කටුවේ සුදු පසු බිමක තද දුඹුරු පුල්ලි දැකිය හැක. ගැහැණු සහ පිරිමි පක්ෂීන් දෙවර්ගයම කැදලි තැනීමට උත්සුක වන අතර පැටවුන් පෝෂණය කිරීම සිදු කරනු ලබන්නේ ගැහැණු පක්ෂියා විසින් පමණි.
මා විසින් මෙම පක්ෂියා සිංහරාජ වැසි වනාන්තරය තුලද දැක ඇති බව මට මතක් විය.
උදෑසන ආහාර පිලියල වනතෙක් කාඩ් සෙල්ලම් කල අපට හොඳ උණුසුම් කිරි කෝප්පයක් රස විඳීමටද හැකි විනි.
උදෑසන ආහාර ලෙස කිරිබත් පිලියල වෙමින් තිබූ අතර, තුන් වන දිනට නියමිතව තිබුනේ ආපසු ගමරට බලා යාමයි.
කොසලගේ යෝජනාවක් අනුව කිහිපදෙනෙක් දිය පහර වෙත යන්න තීරණය කළහ. ඇතැමෙක් කාමර වෙත යන්නට වූ අතර, මම මදක් එළිමහනට පැමිණියේ, පෙරදින රාත්‍රියේ අපට නොපෙනුණු Fishing Huts තිබූ පරිසර සුන්දරත්වය විඳීමටය.
නිවාඩු නිකේතනයට මදක් පහලින් ගලා ගිය දොළ පාර වෙත මා යන විටද උදාන, කෞෂාල්, කෝසල හා කසුන් එහි පැමිණ තිබිණි. ඔවුන් දොළ මැදට වන්නට ගොස් සිටි අතර මා දොළ අයිනේ සිට වටපිටාව දෙස බල සිටියෙමි.
"පට්ට හිතලයි බං" යනුවෙන් පවසමින් වතුරට බසින කෞෂාල් දැක මටද වතුරට බැසීමට සිතුනද.. පසුව එම අදහස අත්හැරියේ වතුර සිතුවාට වඩා සීතල වූ නිසාය.
එහි පැය බාගයක් පමණ ගතකල මා නැවත ප්‍රධාන නවාතැන වෙත පැමිණියෙමි. ඒ එන මග මෙසේ මනරම් ලෙස දිස්විය.
අප නැවත නිවාඩු නිකේතනයට පැමිණෙන විට, උදෑසන ආහාරය මේසය මත තිබූ අතර. 8:30 ට පමණ අප කිරිබත් කෑවෙමු.
ඉන්පසු අපගේ ගමන් මලු සකසා ගත අප එළිමහන කරා පැමිණියේ, අප නගයර වෙත ගෙනයන කුඩා වෑන් රථයක් පැමිණෙන නිසාවෙනි. මක්නිසාද යත් අප චාරිකාව ගිය බස් රථයට Fishing Huts හි වූ දුෂ්කර මාර්ගයේ අපද නංවාගෙන යාමට තරම් යහපත්ව නොතිබූ නිසාවෙනි.
අප රැගෙන යාමට කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් පැමිණ සිටි අතර, එය තල්ලු ස්ටාර්ට් රථයකි. වෑන් රථයේ යම් කාර්මික දෝෂයක් තිබූ බැවින් අප උද්‍යානයට වී එය පිළිසකර කරන තෙක් සිටියෙමු.
වෑන් රථය පිළිසකර කර ගත් පසු එය තල්ලු කර පන ගන්වා ගත් අප, Fishing Huts ට ආයුබෝවන් කීවෙමු.
වෑන් රථය අබලන් තත්වයේ තිබූ අතර මා ඉදිරිපස අසුනේ අසුන් ගනිද්දී රියදුරු තැනට හා මාහට මැදිව රියදුරු තැනගේ කුඩා පුතු වාඩිවිය.
වෑන් රථයේ යාමට ඉඩ පහසුකම් තිබුනේ 10 දෙනෙකුට පමණ වූ නිසාවෙන්, ඉතුරු පිරිස බස් රථයට ගොඩවිය.
නගරය වෙත පැමිණෙන මාර්ගය අතිශයෙන්ම අබලන්ව තිබිණි. වෑන් රථයේ වූ අබලන් භාවයද සමග නැගී එන කිරි කිරි හඬ මහත් කන්කරච්චලයක් වී තිබිණි.
මා ඉදිරිපස අසුනේ ගමන් ගත් නිසාවෙන්, මාර්ගයේ අබලන් භාවය හොදින්ම දිස්වන්නට විය. ගැස්සෙමින් පැද්දෙමින් කඳු හෙළ අතරින් ගමන් ගත් අප පැය බාගයක පමණ ගමනක යෙදුනු පසු මස්කෙළිය ජලාශයේ සොඳුරු දසුනක් නෙත ගැටී එහි මදක් නැවතුනෙමු.
එහි පැය බාගයක් පමණ රැඳී සිටි අප නැවත ගමන පිටත් වීමු. තවත් පැය බාගයකින් පමණ අප තාර දැමූ මර්ගයකර පැමිණියෙමු. එම ස්ථානයේදී අප සියළුදෙනා අප පැමිණි බස් රථයට ගොඩවූ අතර, අප එතෙක් පරිස්සමින් රැගෙන ආ වෑන් රථයටත්, එහි රුයදුරු තැනට හා ඔහුගේ පුත්‍ර රත්නයටත් ආයුබෝවන් කීවෙමු.
නැවත ගමරට බලා එන අතර තුර ගමනේ රසමුසු තැන නැවත නැවතත් බෙදා හදා ගත්තෙමු. මේ ගමනේදී මාහට නන් අයුරින් සහය වූ සැමට අනේක වාරයක් ස්තුතිවන්තවූ මා, ඒ වෙනුවෙන් ඔවුනට තිළිණයක් ලබා දීමටද තීරණය කලෙමි.
(මා හට තවමත් එම තිළිණය ඔවුනට පිරිනැමීමට නොහැකි වීම ගැන මහත් සේ කණගාටු වන්නෙමි)
නැවතත් අවාරේ සිරිපා ගමනකින් හමුවෙමු

**නිමි**

එක හුස්මට කියවන් යන්න පුලුවන් කතාවක්.හුඟක් ලස්සනයි .නැවතත් ඔබට මෙවැනි ගමන් යෑමට අවස්ථාව ලැබේවා.
ReplyDeleteගොඩක් ස්තූති Chanaka, ඔබගේ සුභ පැතුමට..
Delete